
(ඉන්දිකා රාමනායක සහ දයාසිලී ලියනගේ)
රජයේ තීරුබදු ගාස්තුවලින් නිදහස්ව දේශීය වෙළෙදපොළට නිකුත් කිරීමේ දී හෝ ප්‍රතිඅපනයනයේ දී තීරුබදු ගෙන්වීමේ පදනම් මත මාලදිවයිනේ සිට මෙරටට ආයනය කර තිබු විදේශ මත් පැන් ලීටර් 11,257 ක අඩංගු කන්ටේනරයක් තිබු මත්පැන් ඉවත් කර ඒ වෙනුවට පානීය ජලබෝතල් පිරවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රේගු නිවාරණය අංශය පරීක්ෂණ ආරම්භ කර ඇත.
මේ හේතුව මත රේගුවට රුපියල් කෝටි 4 ක බදු ආදායමක් අහිමි වී ඇති බවද රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පවසයි.
අඩි 40 මෙම කන්ටේනරට ඉකුත් 2018 වසරේ මෙටට ආසනය කර ඇති අතර 2019 වසරේ එය ප්‍රති අපනයන සදහා අපනයන ක්‍රියා වලිය අවසන් වනතෙක් සීදුව ප්‍රදේශයේ ගුදමක රැඳවාගෙන සිටි බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
රේගු බාරයට ගෙන තිබු මෙම කන්ටේනරය පරික්ෂා කිරීම සදහා පැමිණෙන ලෙසට එය ගෙන් වු පාර්ශවයන්ට රේගුව අවස්ථා කිහිපයක දීම දැනුම් දී තිබුණ ද ඔවුන් රේගුව මගහරිමින් ඔවුන් ඒ සදහා ඉදිරිපත් නොවු බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප්‍රිය මහතාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ද සහය ඇතිව අද (1) දින රේගුව හමුවට කැඳවු බවද සුනිල් ජයරත්න මහතා කියා සිටියේය.
ඊයේ සීදුව ගුදමේ දී මෙම බහාලුම පරීක්ෂා කිරීමේ දී එහි විදෙස් මත්පැන් බෝතල් තිබී නොමැති අතර ඒ වෙනුවට ලීටර් 1 පානීය ජලබෝතල් 15 ක් අඩංගු පෙට්ටි 1179 ක් තිබු බවද සුනිල් ජයරත්න මහතා කියා සිටියේය.
අපනයනය කර තීරුබදු ගෙවීමේ පදනම මත ගෙන්වා තිබු මෙම කන්ටේනරයේ තිබී සියලු විදේශ මත්පැන් සැකකරුවන් විසින් දේශීය වෙළෙඳ පොළට නිකුත් කර ඇති බවට සැකකරන බවද සුනිල් ජයරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.
( ඡායාරූපය - ඉන්දිකා රාමනායක)

COMMENTS
අල්ලයි වලිගේ... තීරණ ගන්නේ නැතුව තියන් හිටියට හොඳ වැඩේ...
මෙම පුවතෙහි අඩංගු කරුණු කාරණා සියල්ල එලෙසම සත්‍ය නම් අප ජීවත්වන සමාජය මොනතරම් දූෂිතද යන්න අමුතුවෙන්ම කිවයුතු නැත. අප කොතරම් ජරා මිනිසුන් කොට්ඨාශයක්ද? මෙම හොරකම අල්ලපු රටෙන් හෝ අඟහරු ලෝකයෙන් පැමිණි මිනිසුන් නොකළ බවද කීමට අවශ්‍ය නැත. මුදල් වෙනුවෙන් ඕනෑම බලු වැඩක් කිරීමට අප සමාජය යහමින් පෙළගැසී ඇති බවට මෙයද තවත් එක් උදාහරණයකි. අප අදාළ අංශවලින් කාරුණිකව ඉල්ලා සිටින්නේ මෙම සත්ගුණවත් ක්‍රියා පටිපාටියට සම්බන්ධ සියලුම උපාසක "මහත්තයලාගේ " වතගොත, ලිපිනයන්ද ඡායාරූපද සමගින් පුවත්පත්වල මහජනතාවට දැන ගැනුමට... එමගින් මෙම තිරිසනුන් ජීවත් වන පරිසරය අවට මිනිසුන්ට ඉතාමත්ම පහසුවෙන් දැන ගැනුමට හැකිවෙනවා.. ලක්ෂේට කොඩිය දමාගෙන මොවුන් ජීවත් වෙන්නේ හොරකම් කළ මුදල්වලින් බවටයි. එය උසාවියකින් ලබාදෙන දඬුවම් වලට වඩා තදබල මානසික දඬුවමකි. කෙටියෙන් කියනවා නම් අඹුදරුවන්ට එළියට බැහැලා යන්නට බැරි තත්වයක් උදාවීමයි. එවන් දඬුවම් මෙම පාපතරයින්ට ලබාදීම හිරගෙවල්වල කොටුකර මහජන මුදලින් නඩත්තු කරනවාට වඩා වැඩි දඬුවම් නොවේද?
ඉස්සර කාලෙක බදුල්ලේ, රජයේ ස්කාගාර සංස්ථාවේ ගුදමේදී අරක්කුවලට වතුර කලවම් කරනවා අහුවුණා. මේවා අලුත් දේවල් නොවෙයි...
පුදුම කලකිරීමක් ඇතිවෙන්නේ මේ දේවල් අහද්දී සහ දකිද්දී..! කවදාවත් හදන්න බැහැ. කිසිම නීතියක් නැතිනිසා මහදවල් බයනැතුව හොරකම් කරනවා. අනේ මගේ රටට ගිය කල...! වැඩිම වුනොත් ලොකු හොරාගේ රස්සාව නැතිකරාවි තාවකාලිකව... වෙනකිසිම දෙයක් වෙන්නේ නැත. අපේ රට හදන්න නම් සියලුම හොරකම නැතිකර විනයක් සහිත ජනතාවක් සිටිය යුතුයි...
පුළුවන්.. වගකීමක් නැති නිලධාරින්, වගවීමක් නැති පාලකයන් ඉන්නා මේ රටෙන් යන්න. ලෝකයේ ගොඩක් තව රටවල් තියෙනවා...
ලංකාවේ හොරුන්ගේ මහා හොරු ඉන්නේ රේගුවේ බව නැවත වරක් මහ ඉහලින්ම ඔප්පු වී ඇති බවයි රටේ සමස්ථ ආර්ථික ව්‍යූහයම ආරක්ෂා කිරීමට ප්‍රධානම ආයතනයේ උගත් මහා හොරු, තනතුරට ගිහිල්ලා වසර 3, 4 වෙන කොට කෝටිපතියො වෙන්නනේ ඔහොම තමා.
වහාම සුරාබදු ගැසට් එක රිවස් කරා...
බයියන්ටම ගිය රට.
වැටත් නියරත් ගොයම් කනවා නම් අපි කාටද මේ අමාරුව ගැන කියන්නේ.?
මතකද රේගුව කඩලා කාර් එකක් අරන් ගියා...
වරායෙන් පිට තියෙන ගුදම්වල ආරක්ෂාවට STF නැද්ද? ප්‍රතිඅපනයනය කරන භාණ්ඩ සඳහා හම්බන්තොට වරාය ප්‍රයෝජනයට රැගෙන ඒ භාණ්ඩ වරාය තුළම එක්ලස් කරන්න ක්‍රමවේදයක් ගැන සොයාබලන්න.