
(ඒ්.ජේ. කරදගොල්ල)
රාගල වත්තේ මැද කොටසේ වත්තේ නිවසක ඊයේ රාත්‍රී ඇතිවූ ගින්න සම්බන්ධයෙන් මියගිය පවුලේ අය සමග ළඟින් ඇසුරු කළ පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරු රාගල ප්‍රදේශයේ නිවසක සැගවී සිටියදි රාගල පොලිසියේ නිළධාරින් කණ්ඩායමක් සැකපිට අද දහවල් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයා මෙම නිවස ගිනි ගැනිමත් සමග අතුරුදහන්ව සිට ඇත. පසුව රාගල නිවසක සැගවි සිටියදි පොලීසිය මගින් අත්අඩංගුවටගෙන තිබේ.
මේ අතර මියගිය යුවළගේ පුත්‍රයකු ද ප්‍රශ්න කිරීම සඳහා පොලිස් භාරයටගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd