IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


රෝගියගේ බිරිඳ සේවය කළ හොරණ රෝහලේ 5 වාට්ටුව වසා දමයි

(මංගල එදිරිසිංහ)

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවයේ නියුතු හොරණ කඳන්හේන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු කොරෝනා ආසාදිතයකු බවට අද (08) දහවල් නාගොඩ මහ රෝහලේ සිදුකරන ලද පී.සී.ආර්. පරීක්‍ෂණයෙන් තහවුරු වී ඇති බව නාගොඩ මහ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය තමර කඑබෝවිල මහතා පැවසීය.

ඒ අනුව එම රෝගියා වහාම අයි.ඩී.එච්. රෝහලට මාරු කර යැවීමට කටයුතු කළ අතර ඔහුගේ බිරිඳ හොරණ මූලික රෝහලේ හෙදියක් වශයෙන් සේවය කරන බැවින් ඒ සම්බන්ධයෙන් හොරණ රෝහල් බලධාරීන්ට ද දන්වා යැවූ බව කඑබෝවිල මහතා වැඩිදුරටත් පැවසීය.

මේ සම්බන්ධයෙන් හොරණ මූලික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය ඉන්දික ධර්මරත්න මහතාගෙන් කළ විමසිමකදී ඔහු ප්‍රකාශ කර සිටියේ එම සිද්ධිය සත්‍ය බවත් රෝහලේ 5 වෙනි වාට්ටුවේ සේවය කළ එම හෙදිය සහ දරු දෙදෙනා පීසීආර් පරක්‍ෂණවලට ලක්කර මේ වන විට කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කර ඇති බවයි. තවද අදාළ වාට්ටුවට මේවන විට කිසිඳු බාහිර පුද්ගලයෙකුට ඇතුළත්වීමට සහ පිටවීමට නොහැකිවන සේ තාවකාලිකව වසා දමා ඇත.

පවත්නා ඔනෑම හදිසි තත්වයකට මුහුණ දීම සඳහා හොරණ මූලික රෝහලේ පැරණි හදිසි ප්‍රතිකාර ඒකකය සහ අංක 01 වාට්ටුව කොරෝනා රෝගීන් ඇතුළත් කර ගැනිම සඳහා සුදානම් කර ඇති බවද ධර්මරත්න මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (0)

රෝගියගේ බිරිඳ සේවය කළ හොරණ රෝහලේ 5 වාට්ටුව වසා දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 47 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 131 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 932 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site