රංගන ශිල්පී බිමල් ජයකොඩි මහතාට කොවිඩ් 19 වයිරසය අසාදනය වී තිබේ.
ඔහු මේ බව ප්‍රකාශ කරමින් මුහුණු පොතෙහි සටහනක් යොදා ඇත.
ඊයේ (28) උදෑසන කළ පී සී ආර් පරික්ෂණයෙන් කොවිඩ් වයිරසය වැළදී ඇති බවට තහවුරු වී ඇති බවත්, එය ශරීරගත වූවා යැයි සිතන දින තමා කිසිදු කලා කටයුත්තකට සහභාගී නොවු බවද ඔහු එහි සටහන් කර තිබේ.
ඒ කාලය තුළ තමා ආ ගිය තැන් හමු වූ පුද්ගලයින් පිළිබඳව දැනුවත් කිරීමක් කර ඇති බවද ,සෞඛ්‍ය අංශ ද දැනුවත් කර නිරෝධායන නීතිවලට අනුකූලව නිරෝධායනය වන බවද එහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට ඉක්මන් සුවය පතමි.....!!!
ඉක්මන් සුව පතමි...!!!