(ක.ග. කරුණාරත්න)
කඩොලාන වනාන්තර ඇතුලුව මේ රටේ මෙතෙක් අනාරක්‍ෂිතව පැවැති රක්‍ෂිත භූමි 65 ක් ආරක්‍ෂිත වනාන්තර ලෙස නම්කිරීමේ ගැසට් පත්‍ර 65කට අත්සන් තැබීම අද (12) හබරණ, ගල්ඔය රක්‍ෂිතයේ පැවැති රුක්රෝපණ උත්සවයකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිදුකෙරිණි.
මහවැලි හා පරිසර අමාත්‍යංශය සහ වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාත්මකකර ජාතික රුක් රෝපණ වැඩසටහනට සමගාමීව ලංකා බැංකුවේ 80 වෙනි සංවත්සරය නිමිත්තෙන් දියත්කරනු ලබන හරිත අරණ ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපතිවරයා ඒ අවස්ථාවට සහභාගි විය.
එය සනිටුහන් කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ප්‍රථමයෙන් ඒ භුමියේ පැළයක් රෝපණය කරනු ලැබීය.
වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් පොලොන්නරුව හබරණ අඩවියේ පිහිටි හබරණ ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයට යාබදව අක්කර 250ක භූමියක පැළ 80,000ක් සිටුවීමට මේ වැඩසටහන යටතේ සැලසුම් කරඇත.
මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය ඇමති අජිත් මාන්නප්පෙරුම, වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ඩබ්ලිව්.ඒ.පී. වේරගොඩ, ලංකා බැංකුවේ සභාපති ජනාධිපති නීතිඥ රොනල්ඞ්.සී පෙරේරා, පොලොන්නරුව අතිරේක දිස්ත්‍රික් ලේකම් යන මහත්වරු ඇතුලු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.





COMMENTS
අලුතින් ඕනේ නෑ.තියෙන ඒවා ආරක්ෂා කරගන්න බලන්න ජනාධිපතිතුමනි
හොද වැඩක් උතුමාණනි...
යන්තම් හොඳ දෙයක් කළා.
ප්‍රමාදවී හෝ කළ යුතු දෙය කිරීම පිළිබදව අප මෙය අගය කරන්නෙමු. විල්පත්තුවටත් ඉක්මනින් සුබසෙත සැලසෙයි යන්න අපගේ බලාපොරොත්තුවයි. තවද ඔය බෝඩ් ලෑලිවල .කොන්ක්‍රීට් බිත්තිවල මහජන මුදලින් " එක එකාගේ නම්ගම් " ලියවීම නොකර අනිකුත් හැලිවදුරන්ටත් ආදර්ශයක් දීමට මේ මුල්පුරවසියාටම පුලුවන්නම් මොනතරම් අගේද ?
ඇති යාන්තම් මොලේ පෑදුනා. බලය නැති වී ගෙන යනකොට මොලේ පෑදෙන හැටි බලන්නකෝ
කොළඹට ලගම තියෙන උසම කන්ද වන බියගම කඳුබොඩ කන්ද රක්ෂිතයක් කරන්න
ඔය හිටවපු පැලය. මහා සුළගට වැනෙන්න පුළුවන් ,සමහරවිට වැස්සට හෙදිලම යන්න පුළුවන් ඒ නිසා. යකඩ ඉන්නකට තියල. ගැට ගසන්න , ලග පාතක තියෙන ඉඩමකට ගිහින් පැළවෙන්න පුළුවන්
අයිය පැල හිටවති මල්ලිලා මහා ගස් කපති, වැලි කපති, වී කපති ,
රක්ෂිත ප්‍රමාණය වැඩි කිරීම ඉතා සුදුසු කාර්යයක්. ජනපතිතුමනි, එලෙසම රක්ෂිත ආරක්ෂා කර ගැනීම සඳහා වන නිලධාරීන් ප්‍රමාණය වැඩි කරන්න. නිල නිවාස ප්‍රශ්නය සහ ප්‍රමාණවත් පරිදි වාහන පහසුකම් සලසා දෙන්න. වන සංරක්ෂණ නිලධාරියාගේ සිට සෑම වන නිලධාරියෙකුටම නිල රථයක් ලබා දීම අත්‍යවශ්‍යයි.
දෙරණේ වැඩසටහන බොහොම හොඳයි. කඳු වල ගෙවල් හදන එක නවත්වන්න. ඒ අයට අලුත් ඉඩම් දෙන්න. කදුකර වන පද්ධතිය රජයට පවරාගෙන සංරක්ෂණය කරන්න. රටට වතුර පොද ටික ලැබෙන්නේ ඒ හරහයි. නිවාස ව්‍යාපෘති හරහා නිවාස ව්‍යාපෘති තට්ටු ක්‍රමයට හදන්න. ගෙවල් 10 ක් තියෙන එක තට්ටු නිවාස වගේ .මිනිස්සුන්ට වගා කරන්න පමණක් වටේ ඇති ඉඩම් ටිකක් දෙන්න.
මුලතිව් වල කපපු ගස් වලට මොකද උනේ