
(චන්ද්‍රසිරි ගුණසේකර)
රක්ෂිත කිහිපයකින් කපා මහා පරිමාණයෙන් අලෙවි කිරීම සදහා රහසිගත ලෙස රැස්කර තිබූ රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා වෙනිවැල්ගැට කිලෝ 1284 ක් සිය බාරයට ගත් බව ඇල්පිටිය කොට්ඨාස දූෂණ මර්දන අංශය පවසයි.
මෙම විශාල වෙනිවැල්ගැට තොගය අත් අඩංගුවට ගෙන ඇත්තේ ඇල්පිටිය නාරංඕවිට වෑකඩ ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදීය.
වෙනිවැල්ගැට තොගය සමග එක් සැකකරුවකු අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරු විසින් කාලයක් තිස්සේ මෙම ජාවාරම මහා පරිමාණයෙන් සිදුකර ඇති බව කරන ලද පරීක්ෂණ වලදී හෙළි වූ බවද පොලිසිය කියයි.
සැකකරු අද (09) ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd