IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


රක්වානේ තරුණයෙක්ගෙන් කාබනික පොහොර නිෂ්පාදනය පහසු කරන්න යන්ත්‍රයක්

ඩබ්ලිව්.ඒ.සිරිසේන

රජය මගින් කාබනික පොහොර නිෂ්පාදන කටයුතු පහසු කිරිම සදහා අවශ්‍ය වන ඇඹරුමි යන්ත්‍රයක් නිපදවිමට රක්වාන ප්‍රදේශයේ තරුණයෙක් සමත් විය.  

රක්වාන නගරයේ ලියවන පටිටලයක් පවත්වාගෙන යන මෙම තරුණයා නමින් ඇන්තනි වික්ටර් කුමාර වෙි.

තමන් විසින් නිපදවූ ඇඹරුමි යන්ත්‍රය පිළිබඳ අප සමඟ කියා සිටියේ මෙිවැන්නකි.

අප ප්‍රදේශයේ විශාල වශයෙන් තේ වගාව මෙන්ම වි,ළුළවළු වගාවන්වල නියළෙන ගොවින් පිරිසක් සිටිනවා. නිතරම වගේ එම අයගේ විමසිමකළා කාබනික පොහොර නිෂ්පාදනයට අවශ්‍ය අමුදව්‍ය සකසා ගැනිමෙිදි පහසු වන ආකාරයට යන්ත්‍රයක් අවශ්‍ය බව .ඉතින් මම කල්පනා කළා උපකරණයක් සකස් කිරිමට ඒ අනුව තමයි මට මෙිවැනි ඇඹරුමි යන්ත්‍රයක් නිපදවිමට හැකියාව ලැබුණා

අදාළ ඇඹරුම් යන්ත්‍රයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ වැඩිදුරටත් ඔහු පැවසුයේ මෙි මගින් පොල්අතු,පොල්පිති සහ දැඩි ඝණ ශාක කොටස් පවා යන්ත්‍රය මගින් ඉතා කුඩා කැබලි බවට පත්වන බවයි.

දිනකට විශාල ශාක කොටස් ප්‍රමාණයක් ඉතාමත්ම කුඩාවට සකසා ගැනිමට තරමි හැකියාවක් යන්ත්‍රයට හැකි බවයි.

තමා නිපදවු යන්ත්‍රයේ ක්‍රියාකාත්වය පිළිබද ප්‍රදේශයේ කෘෂිකර්ම නිලධාරින් පවා පරික්ෂා කර අැති අතර රක්වාන ප්‍රාදේශිය සංවර්ධන බැංකුව මගින් තමාට අතහිත ලබා දෙන බවත් ප්‍රදේශයේ තේ කර්මාන්ත ශාලා වලින් පවා මෙම යන්ත්‍රයට ඉල්ලුමක් පවතින බවද ඔහු පැවසිය.

 



අදහස් (7)

රක්වානේ තරුණයෙක්ගෙන් කාබනික පොහොර නිෂ්පාදනය පහසු කරන්න යන්ත්‍රයක්

රටහදමු ඩොට් කොම් Tuesday, 28 September 2021 03:46 PM

බොහොම අගෙයි...!

:       0       8

Nuwa Tuesday, 28 September 2021 04:01 PM

දේශපාලඥයෙකුගේ යාලුවෙක්ට කියලා ඕක චීනෙන් ගෙන්නුවා නම් ඉවරයිනේ...

:       2       2

Raveendra Tuesday, 28 September 2021 04:19 PM

ඇත්තෙන්ම ඔබගේ මෙම උත්සාහය අප හදවතින්ම අගය කරන්නෙමු.අදාළ ආයතන මගින් ඔබගේ මෙම නිපැයුමට නිසි අගයක් ලැබේවා....!!!!

:       4       3

Nuwan Tuesday, 28 September 2021 04:27 PM

ඕවා හැදුවා කියලා චීනෙන් ජරාව ගෙන්වන එක නවතින්නේ නැහැ.. පුළුවන් නම් ඕක පෙන්වලා පිටරටකට යන්න හොඳ අනාගතයක් තියේවි..!

:       1       5

කල්පනා Tuesday, 28 September 2021 05:45 PM

මෙරටට නිදහස ලැබීමෙන් පසු කාලයේ අත් ට්‍රැක්ටරය ලෝකයේ මුලින්ම නිපදවූවේ ලංකාවේ වුවත් එයට මෙරට බලධාරීන් නිපදවීමට අනුබලයක් නොදීමෙන් හෝ බාධා පැමිණවීම නිසා එය නිපද වූ අය එම නිපදවීම විදේශයකට දුන්නා. ඉන්පසුව මෙම ට්‍රැක්ටරය විදේශ විනිමය වැයකර ලංකාවට ආනයනය කළා. කොහොමද ලංකාවේ සිටි පාලකයින්ගේ හා උසස් නිලධාරීන්ගේ ටිකිරි මොලවල තරම... මෙයාටත් එසේ නොවේවා...!

:       0       2

Prasad shamika Tuesday, 28 September 2021 11:40 PM

හොද වැඩක් මේ යන්ත්‍රය වැඩි දියුණු කරලා වෙළඳපොලට ආවා නම් හොදයි. එවගේම මේ සදහා රජයේ අනුග්‍රහය ලැබෙනවනම් ගොඩක් හොදයි එතකොට අපේ රටේ තව තවත් නව නිපදවිම් බිහිවෙනවා.

:       0       0

Dias Wednesday, 29 September 2021 02:07 PM

නියම වැඩක්....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 598 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 292 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site