
(යොහාන් භාසුර)
උපාධි සහ අමාත්‍යංශය දැක්වූ සුදුසුකම් සම්පූර්ණ කර මාස හතක කාලයක් ගතවීමෙන් පසුව ද අභ්‍යාසලාභී පත්වීම් නොලැබීම සම්බන්ධයෙන් ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් අද (18) ලිඛිත විමසීමක් කළේය.
රැකියා විරහිත උපාධිධාරී සංගමය කැඳවුම්කරු තැන්නේ ඤාණානන්ද හිමියන් පවසන්නේ තමන් සමඟ උපාධිය ලැබූ පිරිසක් මේ වන විට අභ්‍යාසලාභී පුහුණුවට ඇතුළත් වී සේවය ස්ථිර වීම පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බවත්ය.
සුදුසුකම් ලැබූ සියලු දෙනාගේ නාම ලේඛණය කඩිනමින් ප්‍රසිද්ධ කරන්නේ යැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය මීට මාස තුනකට පෙර පැවසූ බවත් මුදල් අමාත්‍යංශය බඳවා ගැනීම් අත්හිටුවීමෙන් පසු සාකච්ඡා කර තීරණය ප්‍රකාශ කරන්නේ යැයි ඉන් පසුව පැවසූ බවත් රැකියා විරහිත උපාධිධාරී සංගමය චෝදනා කරයි.
(ඡායාරූපය: ළහිරු හර්ෂණ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඉන්නේ ඕනෑතරම් ගුරුවරු.., ඔය උද්ඝෝෂණ පිස්සන් ටික ගෙදර යවලා මේ අහිංසක උපාධි ධාරීන් වහා බඳවාගෙන පාසල් කරා ගෙන යන්න.
ආයතන සංග්‍රහයේ පරිදි ඇමතුමක් සහිතව ලියූ මේ ලිපිය දැක්කම මේ අය හොදට පුහුණුව ලබා ඇති බව පේනවා එය සතුටට කරුණක් නමුත් කියන්න කණගාටුයි 2005 දී පමණ පත්වීම් ගත් අයවත් තවමත් ආයතන සංග්‍රහය අනුව ලිපියක් ලියන්න දන්නෙ නැහැ බලන්න කෙනෙක් නැහැ ලොක්කො ලොක්කියො ලිපි අත්සන් කරනවා මගේ අත් දැකීමක් කියනවා නම් එවැනි කෙනකු ගෙන් මම ඇහුවා මෙයට ආමන්ත්‍රණය නොයෙදුවේ ඇයි කියලා ඔහු කිව්වා අපි භාණ්ඩ ගන්නෙ මුදල් ගෙවල නම් මහත්මයාණෙනි යොදන්නෙ මොකටද කියලා.
වසර කිහිපයකට පෙර මෙවන් පත්වීම් ලබපු කොටසක් පෞද්ගලික කාරණා නිසා ගුරු වෘතියට එක්වේ. එසේ එක්වන අය දින 100 වාර්තාගත අරගලයේ ඉදිරිපෙළ සාමාජිකයන් ය. සත්‍ය නම් තරගකාරී වැටුපක් ලබාගැනීමට පෞද්ගලික අංශයේ රැකියාවක් සඳහා මොවුන් උත්සහ නොකර වඩා පහසු රජයේ රැකියාවක් සඳහා ඇතුලත් වී අසීමිත අරගල කරමින් තම ප්‍රතිලාභ වැඩිකර ගැනීමයි. අරගල කල මාස 2 1/2 කිසිදු පෞද්ගලික ආයතනයක් රජය සේ ඇස කන් පියාගෙන වැටුප් නොගෙවනු ඇත. ඔබ යටතේ වැටුප් ලබන සේවකයෙක් මෙලෙස කටයුතු කලොත් ඔබ කුමක් කරනු ඇත්ද?
මෙහි අභ්‍යන්තර සිසුන් සිටීද?
මේ වැඩිපුරම කලා උපාධි කාරයෝ.
අලුතින් බඳවා ගන්නා උපාධිධාරීන්ගේ ගිවිසුමට, අරගල කරන කාල වලදී සම්පූර්න වැටුප කපා හරින බව සදහන්කර අත්සන් ගත යුතුයි..
මාස 4 සේවය ස්ථීර කරන්න! විකාරද? නියම ක්‍රමයට පුහුණුවීම් ලබලා දෙපාර්තමේන්තුවලට ඇතුලත් උන අපටත් ප්රෝබේෂන් කාලය අවුරුදු 3 තිබුනා.