(සුජිත් හේවාජුලිගේ )

ජනතාවගේ සහ විවිධ රැකියා කරන්නන්ගේ පහසුව සඳහා ලබාදුන් යම් යම් සහන සහ විවිධ නීති ලිහිල් කිරීම් යළි සලකා බැලීමට හා සමාලෝචනය කිරීමට සිදුවන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ලංකාදීපයට පැවැසීය .

ජනතාවගේ සහ විවිධ රැකියා කරන්නන්ගේ පසුව සඳහා ලබා දී ඇති සහන සහ නීති ලිහිල් කිරීම් අව භාවිතා කරන තත්ත්වයක් පෙනෙන්නට තිබෙන බවත් එලෙස අවභාවිතා කිරීමෙන් වළකින්නැයි සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත් යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේය .

එසේ කටයුතු කළහොත් කොවිඩ් පාලනය දුෂ්කර වනු ඇතැයිද යුද හමුදාපති වරයා ප්‍රකාශ කළේය.

බොහෝ දෙනකුගේ හැසිරීම යහපත් වුවද සමහරුන්ගේ හැසිරීම් ඉතාමත් නරක බව පැවසූ ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රධාන මාර්ග කිහිපයක ජනයාගේ තරමක වැඩි වීමක් ඊයේ දක්නට ලැබුණු බවද සඳහන් කළේය .

මේ තත්වය වැළැක්වීම සඳහා අදාළ අංශ සමග සාකච්ඡා කර විධිමත් වැඩපිළිවෙළක් කඩිනමින් හඳුන්වාදීමට කටයුතු කරන බවද ඔහු පැවැසුවේය .

සෞඛ්‍ය නීති අනුගමනය කරමින් නිවෙස්වලටවී කටයුතු කරන සියලු ජනතාවට ස්තුතිය පුද කරන බවත් කොරෝනා වසංගතය පාලනය කිරීම සදහා ජනතාවගෙන් ලැබෙන සහය ඉතා වැදගත් බවත් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය