රුසියාව යුක්රේනයට එල්ල කරන ප්‍රහාර වහාම නවත්තන ලෙසත් සියලු හමුදා ඉවත් කර ගන්නා ලෙසත්  එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය එදිරිපත් කළ යෝජනාවට සාමාජික රටවල් 15වෙන් පක්ෂව ඡන්ද 11ක් ලැබුණු අතර  චීනය, ඉන්දියාව සහ එක්සත් එමීර් රාජ්‍යය ඡන්දය දීමෙන් වැලකී සිටියහ.

රුසියාව නිෂේධ බලය පාවිච්චි කර එම යෝජනාව පරාජයට පත් කළේය.

මේ අතර රුසියානු ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් ඉගෝර් කොනශෙන්කොව් පැවසුවේ යුද්දයේ දෙවැනි දින යුක්රේන හමුදාවට අයත් ගොඩනැගිලි 211ක් විනාශ කළ බවත් ඊට අණ දෙන ගොඩනැගිලි 17ක්, මිසයිල් ආරක්ෂණ පද්ධති 19ක් රේඩාර් පද්ධති 39ක්.

යුද ටැංකි 67 සහ යුද ගුවන් යානා 6ක් ඇතුළත් බවයි. යුක්රේන ආරක්ෂක අමාත්‍යංශය ටිවිටර් පණිවිඩයක් නිකුත් කරමින් පැවසුවේ ආක්‍රමණය ආරම්භ කළ මොහොතේ සිට මේ දක්වා රුසියා හමුදා සෙල්දාදුවන් 2800ක් පමරණයට පත්ව රුසියා යුද ටැංකි 80ක් සන්නද්ධ හමුදා රථ 516ක්, යුවන් යානා 10ක් ප්‍රහාරක හෙලිකොප්ටර් 7ක් විනාශයට පත්වී ඇති බවයි.