අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝ සාමය ප්‍රාර්ථනා කරමින් සහ නැවත ගැටුම්වලට නොයන ලෙස ඉල්ලමින් දකුණු සුඩාන ජනාධිපතිවරයා සහ එරට නායකයන් පිරිසකගේ දෙපා සිපගත්හ.
දකුණු සුඩානයේ පැවැති සිවිල් යුද්ධය අවසන් කරගනිමින් ඇති කරගන්නා ලද “සාම ගිවිසුමට” සහයෝගය දැක්වීමක් ලෙස අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ජනාධිපති සැල්වා කීර් මයාර්ඩිට්, උප ජනාධිපතිනි නියන්ග්ඩෙන්ග් ඩි මේබියෝර්, විපක්ෂ නායක රීක් මකාර් යන නායකයන්ගේ දෙපා සිප ගත්හ.
දකුණු සුඩානයේ ජනාධිපතිවරයා, උප ජනාධිපතිනිය, විපක්ෂය නායකයා ඇතුළු දූත පිරිස දෙදින විශේෂ සංචාරයක් සඳහා වතිකානයට පැමිණි අතර ඔවුහු වතිකානයේ ශාන්ත මාර්තාහි පාප් වහන්සේගේ නිල නිවසේදී පාප්තුමෝ බැහැදුටුවහ. අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝ දකුණු සුඩාන නායකයන්ගේ දෙපා සිප ගත්තේ එම අවස්ථාවේදී ය.
“සාමයෙන් සිටින්නැයි මම ඔබෙන් සහෝදරයෙක් වගේ ඉල්ලා සිටිනවා. මම මගේ හදවතින්ම ඉල්ලා සිටිනවා. අපි එකට ඉදිරියට යමු” යැයි පාප්තුමෝ එහිදි කීහ.
ජනාධිපති සැල්වා කීර් සහ වත්මන් විපක්ෂ නායක එවකට කැරැලිකාර නායකයකු වූ රීක් මකාර් අතර 2013 වසරේ ඇති වූ ගැටුම් හේතුවෙන් සිවිල් යුද්ධයක් ඇතිවිය. සිවිල් යුද්ධය හේතුවෙන් 400,000කට වැඩි පිරිසකට ජීවිත අහිමි විය.
යුද්ධය අවසන් කරමින් පසුගිය වසරේ දී ඔවුහු සාම ගිවිසුමකට අත්සන් තැබූහ.
ඒ.එෆ්.පී. සහ රොයිටර් ඇසුරිනි
055







COMMENTS
අතිශයින් දුර්ලභ හා සංවේදී අවස්ථාවක් !!!!!!!!!!!
මිනිස් ජීවිතවල අගය දන්න මනුස්සයෙක්. වැඳලා හරි, දෙපා ළඟ වැටිලා හරි යුද්ධය නතර කරන්න පුළුවන් නම් ඒකතමයි ලබාගන්න පුළුවන් ලොකුම ජයග්රහණය.
දෙවියන් වහන්සේගේ උත්තරීතර නිලයක් දරන පුරුෂයකු පෘතග්ජන පුද්ගලයන්ගේ දෙපා සිප ගැනීම ඒ දෙවියන්වහන්සේට කළ නිග්‍රහයක් නොවෙයිද?
මෙවැනි ප්‍රඥාවන්ත අධ්‍යාත්මික නායකයෙක් කතෝලික සභාවට නායකත්වය දීමම, කතෝලික ජනතාවට පමණක් නොවේ, සමස්ත ලෝක ජනතාවටම ආශිර්වාදයක්. අප රටෙත් වසර 30ක යුද්ධය නිමා වුවත්, වර්තමානයේ තවත් ජන කොටසකට එරෙහිව අවි අමෝරාගෙන, වෛරී ප්‍රකාශ කරමින්, අනාගතයේදී තවත් සිවිල් යුද්ධයක ආරම්භයක් සඳහා පොහොර දමමින් සමාජයට විෂබීජ වපුරන අමනොඥ සමහරක් පූජකයින්ට, වටිනා ආදර්ශයක් පාප්තුමා මේ කළ උතුම් ක්‍රියාවෙන් පෙන්වා දී තිබෙනවා.
මනුස්ස ජීවිතයක වටිනාකමයි එතුමා අපිට පෙන්නුවෙ...ඔබ වහන්සේට බුදු සරණයි!!!
මට නම් මේක මහා විකාරයක්... එ්ත් කතෝලිකයින්ගේ පැත්තෙන් ඔවුන්ට උතුම් දෙයක්. මෙහි අරුත කුමක්ද?
දෙවියන් වහන්සේ කුරුසියේ ඇණගසනු ලැබුවේ මිනිසා උදෙසා නම්, ඔහුගේ පාර පෙන්වන්නා වන පාප්තුමා කෙනෙකුගේ පාසිබිමින් ඉල්ලන්නේ මනුෂ්‍ය ජීවිත ආරක්ෂා කරන්න කියා මිස, මනුෂ්‍ය ජීවිත විනාස කරන්න එපා කියා නම්.., මේ බව උඩඟුවෙන්, උගත්කමින්, ධනයෙන්, මහන්තත්වයෙන් ඇස් අන්ධකරගත් සමහර මිනිසා නමැති හරකුන්ට නොතේරීම පුදුමයකුත් නොවේ. පාප්තුමනි ඔබ අතිශයිම්ම දෙවියන්ගේ මග පෙන්වන්නෙකුයි. ඔබට තවතවත් ශක්තිය දෙවියන්ගේ අාශීර්වාදය ලැබේවා...!!!
කෙනෙකුට වන්දනා කිරීම යනු වදින කෙනාගේ මමත්වය මම තමයි මිනිහ කියන අර්ථය හෙවත් සක්ඛාය දිට්ඨිය නොමැති බව ප්‍රකාශ කිරීමකි. එතුමන්ගේ උතුම්භාවය මින් ප්‍රකාශ වේ.
දනුෂ්ක ඔබ හරි 100%
පාප්තුමා කියන්නේ මා සිතා සිටියාට වඩා මොන තරම් උසස් උතුම් කෙනෙක්ද ? මට නම් ඇස් අදහා ගන්නත් බැහැ.මේ උතුම් මිනිසාගේ සිත තුල වැඩ සිටිනා ඒ සැබෑ ජීවමාන දෙවියන්ට මාගේ නමස්කාරය වේවා !!! අසරණ ජීවිත ආරක්ෂා කිරීම වෙනුවෙන් එතුමාණන්ගේ තත්වයද පසෙකලා එතුමාණන් මේ දෙපා සිඹීම සිදුකළේය.
එහෙම නොකර හිටියනම් හොඳයි. දැන් කතා කරලා වැඩක් නැහැ.
යුද්දය නැවතුනත් නැතත් ඔහුගේ ශ්‍රේෂ්ටත්වය ලොවට පෙන්නමින් ඔහුගේ යුතුකම ඔහු ඉෂ්ට කලා
අවි ආයුද අලෙවි කර ගැනීම පිණිස ලෝකේ යුද්ද ඇති කරන්නේ ඇමරිකාවයි.
මෙහි අදහස් පලකොට ඇති බුද්ධ දර්ශනය පිලිබදව කිසිදු අවබෝධයක් නොමැති, අය ගැන කනගාටු වන අතරම ඔවුන්ට අනුකම්පා කරමි. දේවාල තුලට රිංගාලා අනෙකාට හෙන ඉල්ලමින් පොල් ගෙඩි පොළොවේ ගසා දෙයියන්ට කන්නලව් කරන අය මේ ශ්‍රී ලංකාව තුල අප ඕනා තරම් දැක ඇත. ඒ කවුරුන්ද යන්න ලොවට රහසක් නොවේ. පාප් තුමා යනු කිසි විටෙකත් දෙවියන් වහන්සේගේ නියෝජිතයා හෝ ජේසුතුමා, නියෝජනය කිරීමට සිටින පුද්ගලයා නොවන බවවත්, මේ අඥානයින් නොදනී. එදා ජේසුස් වහන්සේ තම දේව දර්ශනය සභාගත කොට එම සභාවේ නායකයා ලෙස, එහි වගකීම පේදුරුතුමාට භාර කළදා පටන්, පේදුරුතුමාව නියෝජනය කිරීමට හා එම වගකීම ඉටුකිරීම පිණිස, සියලුම පාප්තුමන්ලා ක්‍රියා කරන බව දන්වමි. බලි තොවිල් නටමින්, විශ්වයේ ග්‍රහ මණ්ඩල වන්දනාවේ යෙදෙන මේ මිත්‍යා දෘෂ්ටිකයින් ගැන බුදුන් වහන්සේ පවා අනුකම්පා කරනු ඇත. දුෂ්ඨ, වෛරීය සිතුවිලි වලින් පිරි මේ අයගේ දැවෙන සිත් සුවපත් වේවා යයි පතමි!!!
ජේසු තුමාගේ කාලයේ මෙවැනි ආගමික තනතුරු දැරූ පාප් තුමාලා, කාදිනල්වරු, බිෂොප්වරු, සාන්තුවරයෝ සිටියේ නැහැ නේද? මේ තනතුරු ඇතිඋනේ කොහොමද? එදා වගේම අදත් ජුදාස්ලානම් ඉන්නවා
සාමය, සාමයෙන් හෝ යුද්ධයෙන් ලබා ගැනීම කල යුතුමය.
ප්‍රීති ඔයා පිළිතුරු දෙන්න යන්න එපා. ඔවුන් ශ්‍රද්ධාව තිබුනට ප්‍රඥාව අහිමි මේ ලෝකයේ ජීවත් වෙන ශුද්‍ර ජීවීන් කොටසක්. ඉස්සෙකුව, කකුළුවෙකුව උදාහරණෙට ගෙන බලන්නකෝ. එතකොට, පහසුවෙන් ඒ ගැන ඔයාට තේරෙයි.
කිතුනුවන්ගේද, කිතුනු ආගම ප්‍රධාන ආගම ලෙස පවතින රටවල රාජ්‍ය නායකයන්ගේ ද ලෝකයේ කිතුනු නායකයා ලෙස සලකන පාප්තුමා විසින් කළ ක්‍රියාව මනුෂ්‍ය හදවතක් තුලින්, සමස්ථ මානව ප්‍රජාවට දෙන ලද උතුම් පණිවිඩයක් වන්නේය. යුද්ධය, කොතන සිදු වුවද මිනිස්කමට එරෙහිව ලේ හලන, දුක්ඛිත වේදනා බර දිවියකට ඇද දමයි, දිවිය තොර කරයි. එකිනෙකාට ඔවුනොවුන් අහිමි කරයි. දෙමාපියන්ගේ රුහිරුවෙන් තැනී, හැදී වැඩුණු බව අමතක කර එකිනෙකාට විරුද්ධව අවි අමෝරා ගනී. අවසානය ජීවතුන් අතර සිටින්වුන් තම නෑ සිය මිතුරන්ගේ සොහොන් කොත් සිහිකරන්නන් බවට පත් වන්නේ අසීමිත වූ වේදනාවෙනි. මේ වේදනාබර ජවනිකාව පිටුපස සිටින්නේ අවි නිපදවන්නන් සහ අවි ජාවාරම් කරුවන්‍ය. ඔවුන් බලවත් රාජ්‍යයන් බැවින් පාප්තුමාගේ මෙම ක්‍රියාව ඔවුන්ගේ සිත් සසල කිරීමට හේතු වනවා ඇත. ඇත්තෙන්ම විය යුත්තේ එයයි. යුද්ධය ඔවුන්ගේ බැවිනි. සුළු මොහොතකට හෝ එසේ නොවන්නේ නම් ඒ ඔවුන්ගේ කෲර වූ හදවත යුද්ධය පිටු දැකීමට සුදානම් නැති නිසාවෙනි. එසේ වුවත් පාප් තුමාගේ ක්‍රියාව ඔවුන්ට සිහිගන්වන දිනයක් පැමිණෙනවා ඇත. එයට මග පෙන්වීම පාප් තුමා කර ඇත්තේ උතුම් මනුෂ්‍ය ක්‍රියවකි. මහත් වූ පිං කමකි.
බමුනු අරච්චි කියන කෙනා හරිම මොඩයෙක්
සුඩානයේ ජනපතිගේ පමණක් නෙවෙයි, යුද්ධ මානසිකත්වයෙන් වියරු වැටුන ජන නායකයන් සියල්ලන්ගේම පපුවට වැටුන සාමයේ යෝධ ප්‍රහාරයක්. ගොඩක් දෙනෙක් නැවත වරක් සිතයි.
ඉතාම කණගාටුයි. හරිම සංවේදියි. දුකයි, එතුමන්ට බුදු සරණයි.
මිනිසුන් ආගමවල් පටලවාගෙන හරිදේ වැරදි දේ දන්නවා උනත් අවබෝධයක් නොලබා සිටීම ප්‍රශ්නයක්. අපේ රටෙත් කාලයකට පෙර මස් මාලු නොකන මත්ද්‍රව්‍ය නොබොන පිරිසක් ජීවත් වුනා. ජීවිතේටවත් බොරුවක් නොකියන අනුන්ගේ දෙයක් නොගන්නා කාන්තාවන්ට ඉහලම ගරු සම්මාන කරන ආගන්තුකයින්ට ඉහළින් සලකන කොටින්ම පස්පවු වලින් වැලකුනු ධර්මිෂ්ඨ සමාජයක් තිබුනා. කාලයක් යද්දී අනෙක් ආගම් ලංකාවට ඇවිල්ලා අපේ දහම පෝෂණය වුනා. දැං හොදයි.
ආධ්‍යාත්මික නායකයින් මේ මට්ටමට නොවැටිය යුතුයි. කරුණාවද පෞරුෂයද සමබරව පැවැත්විය යුතුයි. නො එසේනම් ලොකයාගේ අවමානයටද ලක්විය හැකියි
කව්ද වින්සන්ට් චර්චිල් ? සාටකලාගේ පරපුරේ කෙනෙක්ද ?
බමුණ ක්‍රිස්තියානි ධර්මය විවේචනය කරන්න කලින් එය ඉගෙනගන්න. හැමදේම දන්නවා කියලා හිතන්න එපා. වෛරයෙන් වෛරය සංසිදෙන්නේ නැහැ. සැබෑ ආගමික ප්‍රධානියෙකුගේ ශ්‍රේෂ්ඨ ක්‍රියාවක්. අගය කරන්න. නැත්නම් දන්නා කෙනෙකුගෙන් අහල ඉගෙනගන්න.
සිතෙන් සිතක ගලනා කෝප ගිනි...උනුන් දවාලන අයුරු දකින්නට...මුවින් මුවග ගලනා නාග විෂ.... උනුන් නසාලන අසිරි බලන්නට... කාලයයි නිදුකාණනේ....දීපයයි නිදුකාණනේ.... දේශයයි නිදුකාණනේ ....වඩිනු මැන නිදුකාණනේ...
ඔබට ජේසු පිහිටයි පාප් තුමනි..............