(අංජුල මහික වීරරත්න)
යහපාලන රජය සමයේ ගුරු වැටුප් විෂමතාව ඉවත් කරන්නට කැබිනට් අනුමැතිය ද ගෙන ඉතිරිවී තිබුණේ ගෙවීම් කටයුතු කරන්නට පමණක් යැයි ද යහපාලනය එලෙස කටයුතු කළේ රුපියල් 10,000කින් වැටුප වැඩි කර තිබූ පසුබිමක යැයි ද හිටපු අධ්‍යාපන අමාත්‍ය එක්සත් ජාතික පක්ෂ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය .
ජනාධිපතිවරණය,ව්‍යවස්ථා කුමන්ත්‍රණය ආදිය නිසා අදාළ ගෙවීම් කටයුතු කරන්නට හැකි වුණේ නැති බව කී කාරියවසම් මහතා මෙම ගුරු ප්‍රශ්නය වසර විසි හතරක් තිස්සේ පවතින එකක් බව වෘත්තිය සමිති කියන බවත් 1994 වසරේ සිට මේ රටේ හිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරුන් බව සිහිපත් කළ යුතු බවත් සඳහන් කළේය.
පිටකෝට්ටෙි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී කාරියවසම් මහතා මෙි බව කීය .
COMMENTS
ගෙවීම් පටන් ගන්න එපැයි. දැන් කියන්නෙ මොකටද ? කොවිඩ් තත්ත්වය පුරාම සම්පූර්ණ වැටුප ගත්තෙ රජයෙ සේවකයන් පමණයි. ඔවුන්ට අවබෝධයක් තියෙන්න ඕන අද රට පවතින ආර්ථික අපහසුතාව ගැන. මේ වෙලාවෙ පඩි වැඩිකරන එක නෙවෙයි පඩි ගෙවන එකත් පුදුමයක්.
දැන් ටික ටික මූන පෙන්නනවා .ආයෙත් ආඳා වගේ යන්නේ
මොනවා වුණත් අකිල අධ්‍යාපනය වෙනුවෙන් හුඟක් දේවල් කළා. ඡන්දෙ කාට දුන්නත් කරපු දේ අගයන්න ඕනෑ...
රුපියල් 10000 කින් පඩි වැඩි කරපු එක තමයි ඔහෙලා කරපු ලොකුම ගොන්කම. රාජ්‍ය සේවකයා ඉදිමුණා. කටුස්සන්ගේ කරේ රත්තරන් බඳින්න ගිහින් ඉල්ලන් කෑවානේ. පඩිවැඩි කළාම ඡන්දෙ ගන්න පුළුවන් කියලා හිතුවා. අන්තිමට වුණේ රටේ ආර්ථිකය වැටිච්ච එක විතරයි.
රුපියල් දසදහසක් වැඩි කරනවා කියලා කටින් බතල කොළ සිටවුවා පමණයි .ඊට එහා කරපු දෙයක් නැහැ