(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
"මැණිකේ මගේ" ගීතයෙන් ලෝකයේම කතාබහට ලක්ව සිටින ජනප්‍රිය යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වා මෙනවියට රාජ්‍ය සම්මානයක් ලබාදී ගෞරවය පුද කිරීමට කටයුතු කරන බව ජාතික උරුම, ප්‍රසංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පාර්ලිමේන්තුවේදී අද (4) පැවැසීය.
අගමැතිවරයා ඒ සඳහා මැදිහත්ව සිටින බවද හෙතෙම සඳහන් කළේය.
ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට රැගෙන ගිය යොහානි ද සිල්වා යොවුන් ගායන ශිල්පිනියට රජය ගෞරවය පුද කරන බවත් කලාකරුවන්ට එවැනි සම්මාන දීමට පමණක් සීමා නොවී ජීවිතය පුරා කලා ක්ෂේත්රයේ අභිමානයෙන් කටයුතු කිරීමට පදනම වැටෙන වැඩපිළිවෙළක්ද අරඹන බවත් වික්‍රමනායක මහතා පැවැසුවේය.
රාජ්‍ය ඇමැතිවරයා මෙසේ පැවසුවේ සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේශා විතානගේ මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට ගෙන ගිය යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වා මෙනවියට රජයේ පාර්ශ්වයෙන් මෙතෙක් කිසිදු ඇගයීමක් සිදු වී නැතැයි චෝදනා කළේය. ඒ සඳහා අවශ්‍ය කටයුතු කරන්නැයිද ඔහු මෙහිදී ඉල්ලීමක් කළේය.
COMMENTS
රාජ්‍ය සම්මාන විතරක් මදි. ඇය නමින් උදා ගම්මානයක්, තව පාරක් එහෙමත් නම්... කරන්න ඕනෑ. තව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගත්තත් කමක් නෑ...
ගරු විදුර වික්‍රමනායක මැතිතුමනි, ඔබේ කාරුණික බවට ස්තුතියි...!!!
ලෝකයේම ජනාදරයට පත්වූ එකම ශ්‍රී ලාංකික පුරවැසියා යොහානිය. එකම ශ්‍රී ලාංකික කලාකරුවාද යොහානිය. එකම ගායිකාවද යොහානිය. ඇයට මෙතෙක් කිසිම කලාකරුවකුට පුද නොකරපු සම්මානයක් දිය යුතුයි. ප්රබුද්ධ ප්‍රවීන විශාරද ගායකයින් සහ මාස්ටර්ලාද, දේශපාලකයින්ට නිර්ලජ්ජිතව කඩේ ගිය නිසාම මහා ලොක්කන් කියා සිතාගෙන සිටින නලුවන් ටිකකටද මෙම උත්සවයේ ඉදිරියෙන්ම අසුන්ගන්න ආරාධනා කළ යුතුයි...
එතකොට අර සිංදු කියපු කෙනාට මොකුත් නැද්ද?
ප්‍රමාද වී හෝ යොහානි අගය කිරීම යහපත් දෙයක්. ඒ වගේම රටේ අනෙකුත් සෑම සියලු අංශයෙන්ම හා රටේ දේශපාලනයට ද තරුණ පරපුරට ඇතුළුවීමට ඇති ඉඩකඩ පුළුල් කිරීමට පියවර ගැනීම සුදුසුයි...
මේ මොහොතේ චීනෙට... ඉන්දියන් එකත් එක්ක හැරෙන්නවත් බෑ.
පෝර්ට් සිටි එකේ නමින් ටවර් එකක් හදනවා නම් හොඳයි. යොහානි කළේ ලොකු දෙයක්... අපේ ආණ්ඩුවකට කරගන්න බැරි දෙයක් මේ වැඩේ මොනතරම් සිංහල අපිට මොනතරම් ගෞරවයක්ද?
මම හිතන්නේ ඇය මාධ්‍ය ප්‍රසංගයක් කරනවා, ඇය ඉන්දියාවේ ගායනය කරනවා නම් එය තහවුරු කර ගැනීම සඳහා රසිකයන් සමඟ එක් වීඩියෝ පටයක් ගෙන ඔප්පු කරන්න.
මේ අයට දැන්ද ඇහැරිලා තියෙන්නේ?
එයාට පාඩුවේ ගමන යන්න දෙන්න