IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


යොහානිගේ ‘‘මැණිකේ මාගේ හිතේ‘‘ ගීතය යූ ටියුබ් ජාලය කළඹයි

(යොහාන් භාසුර)

යොවුන් කළා ශිල්පිනියක් වන යොහානි ද සිල්වා ගයනා කරන ‘මැණිකේ මාගේ හිතේ’ ගීතය ‘යූටියුබ්’ සමාජ මාධ්‍ය ජලයේ පරිශිලකයන් කෝටි 5 කට අධික සංඛ්‍යාවක් අද (23) පස්වරුව වන විට නරඹා තිබේ. ‘මැණිකේ මාගේ හිතේ’ ගීතය 51,827,625 ක් නරඹා තිබීම කැපී පෙනුණි.

ශ්‍රී ලාංකිකයකුගේ ගීතයකට ‘යූටියුබ්’හි මෙවැනි දැවැන්ත ප්‍රතිචාරයක් ලැබුණු පළමු අවස්ථාව මෙය වන අතර ඇයගේ ගීත ඉන්දියාව තුළ දැඩි ජනප්‍රියතාවක් ලැබීම මෙවැනි දැවැන්ත ‘යූටියුබ්’ පරිශිලකයන් සංඛ්‍යාවක් වාර්තා වීමට හේතු වී තිබේ.

යොහානි ද සිල්වා, ශ්‍රී ලංකාව කොටි ත්‍රාස්තවාදීන්ගෙන් මුදාගැනීමේ මානුෂික මෙහෙයුමේදී ශ්‍රී ලංකා යුද හමුදාවේ 57 වැනි සේනාංකයේ ප්‍රධානී ලෙස අනගි සේවයක් කළ මේජර් ජෙනරාල් ප්‍රසන්න ද සිල්වා මහතාගේ දියණිය වන්නීය.

එංගලන්තයේ උසස් අධ්‍යාපනය ලබා ගිණුම්කරණ උපාධියක් ලබා සිටින ඇය ජනප්‍රිය ගායක දෙපළක් වන භාතිය සහ සන්තුෂ් සමඟ 2020 වසරේ ‘සිරිසඟබෝධි මාළිගාවේ’ ගීතය ගායනය කිරීමත් සමගින් ජනප්‍රිය වූවාය.

youtu.be/PgCliOxl41o



අදහස් (45)

යොහානිගේ ‘‘මැණිකේ මාගේ හිතේ‘‘ ගීතය යූ ටියුබ් ජාලය කළඹයි

Isuru Perera Monday, 23 August 2021 02:14 PM

විශිෂ්ට ජයග්‍රහණයක්. සියල්ලම සාර්ථක වෙන්න කියා ප්‍රර්ථනා කරනවා

:       0       65

thushara Monday, 23 August 2021 02:25 PM

සතුටුයි එතරම් වටිනාකමක් සිංහල ගීතයකට ලැබීම ගැන, නමුත් ඊට වඩා අර්තාන්විත , සංගීත රසෙයෙන් පිරුනු මියුරු ගී ඔනැතරම් අපෙ රටෙ බිහිවෙනවා. නමුත් ඒවාට නිසි පිලිගැනීමක් ලැබෙන්නෙ නෑ.

:       18       51

gunarathnaTuesday, 24 August 2021 08:01 AM

මේ ගීතය ගැන හරියට කවුරුැත් දන්නේ නැ හැ වගේ

:       3       2

pakeer Monday, 23 August 2021 02:37 PM

සිංහල දන්නෙත් කෝටි 02යි. ටිකක් අවුල් වගේ මට නම්... මට මිස් වුණු සාධක මොනවා හරි තියෙනවද දන්නේ නැහැ. හැබැයි ඉතින් මේක පත්තරේ දැම්මාම කෝටි 02 පනියි.

:       164       29

Anuradha Monday, 23 August 2021 03:35 PM

ගීතයන්, සංගීතය රසවිඳින්න භාෂාව ප්‍රශ්නයක් නෙවෙයි. අපි හින්දි ගීත අසන්නේ දැනගෙනද...?

:       4       74

අරුණMonday, 23 August 2021 04:22 PM

නමට ගැලපෙන කමෙන්ට් එක...

:       3       72

BuddigocharaMonday, 23 August 2021 04:43 PM

කෝටි 2, මිලියන 50 ට වඩා අඩුයි කියලා දන්නේ නෑ වගේ...

:       8       31

සංකල්ප Monday, 23 August 2021 08:09 PM

මිලියන 52ක් නරඹා අවසන්... එනම් කෝටි 05යි, මිලියන 20යි. දැන ගැනීම උදෙසා ලිව්වේ... ඒත් දුක්වෙන්න එපා...

:       2       15

nalakaMonday, 23 August 2021 04:46 PM

පකීර් මෝඩ කෙනෙක් කියලා පේනවා.. ලෝකේ පුරා හින්දි සින්දු අහන්නේ හින්දි දන්නා අය විතරද? ඉංග්‍රීසි සිංදු අහන්නේ ඉංග්‍රීසි දන්නා අය විතරයිද? යුටියුබ් එකට ගිහිල්ලා බලන්න කොටි පහ පැනලා තව මාසයකින් කෝටි 10ත් පනිනවා ෂුවර්..

:       3       60

Prabha Monday, 23 August 2021 05:11 PM

සංගීතයට භාෂාවක් නෑ. දැන් ඔය ඉංග්‍රීසි සිංදු අහන ඔක්කොම ඉංග්‍රීසි උගත්තුද?

:       1       50

DonMonday, 23 August 2021 05:28 PM

මේ සිංදුව ඉන්දියාවේ රියැලිටි ශෝ එකකත් පොඩි ගෑණු ළමයෙක් ලස්සනට කිව්වා. එතැනින් තමයි මිනිස්සු බලන්න ගත්තේ...

:       3       30

AsangaTuesday, 24 August 2021 09:14 AM

ලංකාවෙ අය විතරද යුු ටියුබ් බලන්නෙ

:       0       3

විජිත් Monday, 23 August 2021 02:41 PM

බොහොම සතුටුයි දුවේ. මගෙනුත් සුබ පැතුම්. ඔබේ හඬ සහ ඔබටම පමණක් උරුමවුණු ගායනා විලාශය ඔබව සංගීත ලෝකයේ ඉහළටම ගෙනයාවි. ඔබගේ..". හාල් මැස්සා .." කුඩා මාලුවෙක් වුණාට, ගීතය ගයන ඔබව යෝධ තල්මසෙක් ප්‍රමාණයට ඔසවා තියලා තියෙන්නේ. සංගීත ලෝකයේ දිගටම ඉදිරියට පියනගන්න. තවතවත් අලුත් පර්යේෂණ කරමින් සුන්දර ගීත රැසක් මේ ලෝකයට දෙන්න. ඉන්දියාව වැනි " සංගීත රාජ්‍යයක '' පිටින් ඇවිත් ... ජනප්‍රිය වෙනවා කියන්නේ එසේ මෙසේ දෙයක් නොවෙයි. ඔබට ඒ වාසනාව උදාවුණා. අමිතාබ් භච්චන් වැනි හින්දි සිනමාවේ පතාක යෝධයින් ඔබගේ ගීතයට වශීවීම මොනතරම් සතුටක්ද.. දිරියක්ද.. වාසනාවක්ද... සුබ පැතුම්...!!!

:       7       116

අජිත් Monday, 23 August 2021 02:47 PM

ඔබගේ ගායනයට මෙන්ම ඉදිරිපත් කිරිමට ඕනම කෙනෙක් වශි වෙනවා.

:       1       30

Dilshan Monday, 23 August 2021 02:51 PM

රණවිරුවෙකුගේ දියණියක්. ඒ විනය, හැකියාව තමයි ඇයටත් ලැබිලා තියෙන්නේ...

:       64       56

budMonday, 23 August 2021 06:15 PM

ඔන්න දැම්ම ගොන් පාර්ට් එකක්. එතකොට අනෙක් රණ විරුවෝන්ගේ ළමයි ට මොකද උනේ. ඇයගේ හැකියාව ශ්‍රී ලාංකිකයෙකු වශයෙන් අගය කරමි.

:       5       50

Prabha Monday, 23 August 2021 06:45 PM

මේ සිංදුව වැඩිපුර ජනප්‍රිය වෙලා තියෙන්නෙත් දකුණු ඉන්දියාවේ.

:       2       21

ලුම්බිණි Monday, 23 August 2021 03:13 PM

කවුරු වුණත් මේ ළමයාගේ දක්ෂ කමට උපහාර දැක්විය යුතුයි.

:       5       73

විජේ Monday, 23 August 2021 03:26 PM

දැන්වත් අර ඇඩ් එක කෑවත් ෆන් කියන එකෙන් අයින් වෙමුද?

:       5       14

මංජුල milano Monday, 23 August 2021 03:27 PM

උණුසුම් සුබපැතුම් !

:       1       17

duminda Monday, 23 August 2021 03:50 PM

ආඩම්බරයි... හැමදාම දූෂණයට, දුප්පත්කමට, ප්‍රසිද්ධ වෙන අපේ රට ඉහළට ඔසවා තැබීම ගැන...

:       1       31

කමල් Monday, 23 August 2021 04:09 PM

අසාරෙ සාරමතිනො, සාරෙ චාසාරදස‍්සිනො, තෙ සාරං නාධිගච‍්ඡන‍්ති, මිච‍්ඡාසඞ‍්කප‍්පගොචරා. අසාරයෙහි සාරය යන දෘෂ්ටි ඇති, ශීලාදි සාරයෙහි අසාරය යන දෘෂ්ටි ඇති, මිථ්‍යා සඞ්කල්පය ගොදුරු කොට ඇති ඒ අඥාන ජනයෝ ශීලාදි සාරයට නො පැමිණෙත්... - ධම්මපදය, යමකවග්ගය

:       7       22

මැක්ස් Monday, 23 August 2021 04:11 PM

දෙමළ ජාතිවාදීන්ට ටිකක් අවුල් ඇති. රණවිරුවකුගේ දියණියක නිසා...

:       68       21

chandMonday, 23 August 2021 04:34 PM

සිත් තැවුලෙන් සිටින බව පැහැදිලි ය.

:       7       5

siriMonday, 23 August 2021 05:01 PM

ඇත්තටම අපූරු කටහඬක් ඇති මේ දරුවා සමඟ මෙම ගීතය ගායනා කරන්නේ දෙමළ ගායකයෙක්. මුල් ගීතය වෙනත් ගායකයෙකුගේ නිසා මේ ලබා ඇති ජනප්‍රියත්වය හේතුකොට ඇයට වෙනත් ප්‍රශ්න වලට මුහුන දීමට ඉඩ තියෙනවා. අන්තර් ජාලය ඔස්සේ ආසියාවේ සහ බටහිර රටවල මෙන්ම අප්‍රිකාවේ රටවලද තරුණ තරුණියන්ගේ ආකර්ෂණය දිනාගැනීමට මෙම ගායනය සමත්ව ඇති බවයි පෙනෙන්නේ... ඇය දැනටමත් ඇයගේම ගීතයක් නිකුත් කර තියෙනවා. ඉන්දියාවේ සුපිරි නළු අමිතා බච්චන්ගේ දියණිය තම පියා රඟපෑ පැරණි චිත්‍රපටියක දර්ශනයක් සඳහා මෙම ගීතය යොදාගෙන සකස් කළ වීඩියෝවක් අන්තර් ජාලයේ පළකර තියෙනවා. එය දුටු අමිතා බච්චන් සිය ට්විටර් ගිණුමේ " මේ ගීතය කොච්චර ඇසුවත් ඇතිවෙන්නේ නැහැ" කියා ලියා තියෙනවා. ඉන්දියාවේ බොහෝ තරුණ තරුණියන් මෙම ගීතය ගායනා කරන වීඩියෝ අන්තර් ජාලයේ පළකර තියෙනවා. ඇයට ජය පතමු.

:       1       37

ගෝත්‍රිකයාTuesday, 24 August 2021 10:28 PM

මේ ඡන්දෙට පෙර තිබුනු සමාජ ජාලා පෝස්ට් පෙන්නුවෙ දේශපාලකයින්ට ජාති භේද නොමැතිනම් පැවැත්මක් නෑ කියල. රණ විරුවො දෙමළ ජාතික තරුණියන් විවාහ වූ අවස්ථාත් එමටයි. දෙමළ ගීත ගයන සිංහල කළා කරුවොත් දැන් බහුලයි. ඒත් ජාති භේද කර පින්නන් ඉන්න ගෝත්‍රිකවාදීන් තාමත් රටේ ඉන්නවා. අපේ ජනාධිතිතුමාගෙන්වත් අදර්ශයක් ගන්න. එතුම අලි සබ්‍රිට ජාති භේද පෙන්නුවෙ නෑ. අපේ නායකයගෙ පවුලෙත් දමිල අය ඉන්නවා. විජය ආවෙත්, බුදුන් වැඩියේත් ඉන්දියාවෙන්.

:       0       4

SiriThursday, 26 August 2021 01:51 AM

අලිසබ්රිට ඇමතිකම දුන්නේ එයා සර් ගේ නඩුවලට පෙනීසිටි නිසාලු.

:       0       2

kamal Monday, 23 August 2021 04:17 PM

සර් මෙන්න ඩොලර් ටිකක් හොයාගන්න පුළුවන් ක්‍රමයක්... පට්ටියේ ඉන්න 225 එක්ක එකතු වෙලා අපිට දාන බයිලා වලින් එකක් අන්තර්ජාලයට දාන්න...

:       14       27

roshan perera Monday, 23 August 2021 04:59 PM

මෙම ලිපියේ ගීතය ගායනා කරනු ලබන මුල් ගායකයා සහ මෙම ගීතයට ද සහභාගි වන සතිශාන් රත්නායක පිළිබඳව සඳහන් නොකිරීම බරපතල වරදකි. එහි අනෙකුත් නිර්මාණකරුවන් පිළිබඳව ද සඳහන් කරන්න.

:       6       38

jimpo Monday, 23 August 2021 05:48 PM

ගිටාර් එකේ එල්ලිලා ඉන්න විදිහෙන්ම පේනවා...!!! 

:       20       9

wimal Monday, 23 August 2021 06:01 PM

අපිට අපේ රටට ජාතියට ලොකු ගෞරවයක් යොහානි ඔබට හොඳ ගමනක් යන්න අපි ප්‍රාර්තනා කරනවා.

:       3       19

Agith Monday, 23 August 2021 06:22 PM

ඇයගේ පියා 57 ට නෙමෙයි පනස් පස්වන සේනාංකයට අණ දීපු නිලධාරියා වන මේජර් ජනරාල් ප්‍රසන්න සිල්වා ගේ දියණිය. ඔහු මට යුද්ධයෙන් පසුව හමුවෙලා කතා කරලා තියනවා. ඉතාමත්ම නිහතමානි නිලධාරියෙක්.

:       8       24

සිරි Monday, 23 August 2021 10:32 PM

මේ ප්‍රකාශය ටිකක් අවුල් සහගතයි. ඔබ කතා කළාට හරියට අඳුනාගෙන නැති බවකුයි පේන්නේ...

:       1       1

gagana Monday, 23 August 2021 06:28 PM

හෙලුවැල්ල පෙන්නලා ජුගුත්සා ජනක දර්ශනවලින් YouTube දර්ශන වාර දිනාගත්ත ඉරාජ් වැන්නන්න්ට හරිමග සහ උත්තරය පෙන්වා දුන් පෙන්නපු සුන්දරවත් උගත් යොහානිට මගේ ආචාරය. ඔබ සැබෑ දක්ෂයෙක්. තවද භාතිය සන්තුෂ් යොහානි ඔවුන්ගේ සංගීත සංදර්ශන කොටසකට සහභාගී කරගත්ත පලියට, ඇය ඔවුන් නිසා ඉදිරියට ආපු කලාකාරියක් නොවේ. එය නිවැරදි කරන්න.

:       3       34

mahesh Monday, 23 August 2021 06:35 PM

යෝහානි කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිවිල් උපාධිදාරිනියක්.

:       8       16

fairoos Monday, 23 August 2021 06:40 PM

සුබ පැතුම්.! මේකටත් සර් කියයිද දන්නේ නැහැ අපි තමයි හොදටම කරේ කියලා.

:       17       14

චමින්ද ජයනාත් ජයසූරිය Monday, 23 August 2021 06:49 PM

මුලින්ම මමත් ඇයට සුභ පතනව... ශ්‍රී ලංකාව ගැන නොදැන සිටි අයට පවා මෙහෙම රටක් ඇති බවට ලෝකයට හඩනගා මෙලෙස පැවසීම ගැන... ඒ වගේම අද ඇය මෙතනට පැමිණිලා තියෙන්නෙ ඇගේ උත්සාහය... ධෛර්යය.... කැපවීම... දක්ෂතාවය සහ වාසනාව මත යන කාරණය පෙරදැරිකොටගෙන ... ඇය අපි හැමෝටම පාඩමක් කියල දිල තියෙනවා, ඒ තමා දක්ෂාතාවයත් කැපවීමත් ඇත්නම් කොතරම් පුංචි රටකට කොතරම් පුංචි අයෙකුට උවද ලෝකයේ බොහෝ දේවල් දිනාගත හැකි බව.

:       2       24

මැඩියාTuesday, 24 August 2021 08:12 AM

ඉන්දියාවෙ අය ඇහුවට අනිත් අය අහල නෑ..මං ඉන්නෙ ඕස්ට්‍රේලියාවෙ මෙහෙ කවුරුත් අහන්නේ නැ.ඕක ඉන්දියවෙත් අහන්න ගත්තෙ අමිතාබ්ගෙ ට්වීට් එකෙන් පස්සෙ.

:       7       0

TharikaTuesday, 24 August 2021 11:24 AM

නිකන්ම නිකන් මල් සින්දුවක් යූටියුබ් බූස්ට් කරලා

:       9       4

සමිත සේනක අලුත්ගමගේ. Monday, 23 August 2021 09:33 PM

මේ ගායිකාවට හදපිරි සුබපැතුම් .... !!! ඉන්දියාවේ ඉන්නේ පුදුමාකාර රසවින්දනයක් ඇති මිනිස්සු... ගීතත් එසේම තමයි. අමිතාබ් මේ ගීතයට මෙතරම් ප්‍රියයි කියනවා නම්, ඒ ගීතයට වෙනත් සම්මාන හා ඇගයීමක් අවශ්‍ය නැහැ. රටට හා අපට දුන් වටිනාකමට ඔබගේ හැකියාවන් තව තවත් සාර්ථක වේවා ..!!!

:       0       7

Demuni Uduwara Tuesday, 24 August 2021 12:29 AM

අපිට ඔබ ගැන ආඩම්බරයි. රටට සම්පතක්!

:       1       4

Demuni Uduwara Tuesday, 24 August 2021 12:41 AM

ගෞරවනීය තානාපතිවරයෙක්!

:       1       2

බද්රානි Tuesday, 24 August 2021 12:53 AM

දක්ෂතාවය ගැන නම් සැකයක් නැහැ, මට තියන බය අපේ රටේ අය වගේ මේ දරුවත් දේශපාලනයට එයිද කියලයි?

:       1       5

janahitha UAE Tuesday, 24 August 2021 09:08 AM

මෙහි සිටින ඉන්දීයානු ජාතිකයින් සිංහල භාෂා කොටස් ගනනය කරන්න.මෙහෙම සින්දුවක් තිබෙන බව ඔවුන්ගෙන් දැනගත්තේ ලංකාවෙ ඉනනවා මිලියන 20 බැලුවත් ඉතිරි මිලියන 32 ක් ඉන්දියානු ජනත‍ාව අපි ඔවුන්ට ගරු කරන්න ඔන්

:       1       5

Ananda Tuesday, 24 August 2021 12:45 PM

සුබපැතුම්.!

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොහොට්ටුවේ සහාය ගන්න සාගල සුසිල් මහින්ද හමුවෙති
2024 ජුලි මස 27 125 0

ජනාධිපති කාර්‍යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සහ අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් අද හිටපු ජනාධිපති සහ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ උත්තරීතර නායක මහින්ද රාජ


පොලිස්පතිගේ ඉල්ලීමක් පොලිස් කොමිසම ඉවත දමයි
2024 ජුලි මස 27 1954 0

පොලිස් නිලධාරීන් 210 දෙනෙකු එකවර ස්ථාන මාරු කිරීම සඳහා පොලිස්පතිවරයා කළ ඉල්ලීමක් , ජාතික පොලිස් කොමිෂන් සභාව ප්‍රතික්ෂේප කර ඇත


දුම්රිය බිංගෙවල් 32ක තත්ව පරික්ෂාවක්
2024 ජුලි මස 27 364 0

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දිවයින පුරා පිහිටි දුම්රිය බිංගෙවල් 48 අතුරින් උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය සිට බදුල්ල දක්වා ඇති දුම්රිය බිංගෙවල් 32ක ය


බැසිල්ගෙන් රනිල්ට කොන්දේසි මාලාවක්
2024 ජුලි මස 27 4957 0

ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ යන මහත්වරු අතර පැවති සාකච්ඡා


වනනිලධාරීන්ට ප්‍රහාරයක්
2024 ජුලි මස 27 545 0

පුනරීන් අඩවි වන කාර්‍යාලයේ නිලධාරීන් දෙදෙනකුට ඒම ප්‍රදේශයේ පුද්ගලයකු අඩවි වන කාර්‍යාල භුමියට පැමිණ පොලු මුගුරුවලින් පහරදීම හේතුවෙන් තුවාල ලබා ඒක්


මාසෙ පඩි පත තුට්ටු දෙකට වැටිලා
2024 ජුලි මස 27 1146 0

රාජ්‍ය අංශයේ සේවකයකුගේ වැටුපේ සත්‍ය අගය (මූර්ත) සියයට තිස් හයකින්ද අවිධිමත් පෞද්ගලික අංශයේ සේවකයකුගේ වැටුපේ සත්‍ය අගය සියයට විස්සකින් පමණද 2020 - 2024 අතර ක


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 173 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 222 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1167 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site