(නිමන්ති රණසිංහ)
රුපියල් මිලියන 36ක වටිනාකමකින් යුතු රත්මලාන ප‍්‍රදේශයේ පිහිටි ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් වූ සිද්ධියට අදාළව හිටපු නාවික හමුදා ලූතිනන් යෝෂිත රාජපක්ෂ මහතාට සහ ඔහුගේ මිත්තනිය වූ ඬේසි ෆොරස්ට් මහත්මියට අයත් මිලේනියම් සිටි හි පෞද්ගලික බැංකුවක තිබූ බද්ධ ගිණුමක් සම්බන්ධයෙන් විස්තර නීතිපතිවරයා වෙත යොමු කර ඇතැයි මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අද (30) ගල්කිස්ස මහේස්ත‍්‍රාත් මොහොමඞ් මිහාල් මහතා ඉදිරියේ කරුණු වාර්තා කර ඇත.
මෙම සිද්ධියට අදාළව වැඩිදුර මහේස්ත‍්‍රාත් පරීක්ෂණය අද (30) අධිකරණය හමුවේ යළි කැදවූ අවස්ථාවේදී ඇප මත සිටි යෝෂිත රාජපක්ෂ මහතා සහ ඔහුගේ මිත්තණීය වූ ඬේසි ෆොරස්ට් මහත්මිය අධිකරණය හමුවේ පෙනී සිටි අතර, පැමිණීල්ල වෙනුවෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ විශේෂ විමර්ශන ඒකකය වෙනුවෙන් පොලිස් සැරයන් අමිත පෙරේරා මහතා වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
සිද්ධියට අදාළ වැඩිදුර මහෙස්ත‍්‍රාත් පරීක්ෂණය ලබන මාර්තු මස 29 වැනිදා යළි කැදවීමට නියමිතව ඇත.
යෝෂිත රාජපක්ෂ මහතාගේ මිත්තණීය වූ 173/2, මිහිදු මාවත ගල්කිස්ස ලිපිනයෙහි පදිංචි ඬේසි ෆොරස්ට් මහත්මියගේ නමින් රුපියල් මිලියන 36කට මිලදී ගෙන ඇති අංක 04, සිරිමල් උයන, කෙකටිය පෙදෙස, රත්මලාන ලිපිනැති පර්චස් 31,/ 5ක නිවස සහිත ඉඩම සම්බන්ධයෙන් මෙම පරීක්ෂනය ආරම්භ කර ඇතැයි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණ.
යෝෂිත රාජපක්ෂ මහතගේ මිත්තණීය වූ ඬේසි ෆොරස්ට් මහත්මියගේ නමින් ගල්කිස්ස ප‍්‍රදේශයේ දේපල මිලදී ගැනීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධීකරණය වැලැක්වීමේ පනත යටතේ මෙම විමර්ශණය සිදුකරමින් පවතින බවත්, එකී විමර්ශනයේදී ඬේසි ෆොරස්ට් යන අය සතු ඉඩම හා දේපල පිලිබදව තවදුරටත් පරීක්ෂා කිරීමේදී අදාළ රත්මලානේ පිහිටි ඉඩම සම්බන්ධයෙන් කරුණු අනාරවණය වී ඇති බවත් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වැඩිදුරටත් අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ.
2025 දෙසැම්බර් මස 18
557
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යෝෂිතට - මිත්තනියට එරෙහි නඩුවේ විස්තර නීතීපතිට
පිටිගල මිලානෝ Wednesday, 30 January 2019 06:45 PM
ලබන ආත්මෙවත් මට මෙහෙම කප්රුකක් වන් මිත්තනියක් ලැබේවා...! (හැබැයි එයාට මැණික් මල්ලකුත් ලැබේවා..!)
chathuri Wednesday, 30 January 2019 09:52 PM
දැන්. කියයිද. දන්නේ. නැහැ. ඩේසි ආච්චි. චිචි. පුතාගේ. දවද්දට. ලැබුන. දේවල්. , කලින් ඉදන්ම. කියල. නේද . අනේ. අපේ. රටේ. නඩු අහන විදිය , දඩුවම්. දෙන විදිය ලෝකේ. කිසිම. රටක නැතිව. ඇති
ravi Thursday, 31 January 2019 08:49 AM
අහසින් මැණික් මලු වැටෙන රටක ජීවත් වුණ .. මුණුපුරා සහ ආච්චිට නේද උසාවි යන්න සිද්ද වෙලා තියෙන්නේ .