
(අමිල සම්පත් ශ්‍රී)
තිස්සමහාරාමය හෝටල් ව්‍යාපාරිකයකු යාල ජාතික වනෝද්‍යානයට ආසන්න වන සංරක්ෂණ ප්‍රේරක කලාපය තුළ අක්කර 40ක් පමණ වන්නාතරය එළි පෙහෙළි කබානා හෝටලයක්ද ඉදි කර ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
එම කබානා හෝටල්එ ආසන්නයේ විශාල වැව් බැම්මක් ඉදි කොට වැසි ජලය රඳවා ගැනීමට ද කටයුතු කර තිබේ .
මෙම ප්‍රදේශවල හේන් ගොවිතැනෙහි යෙදෙන පුද්ගලයන්ට වන සංරක්ෂණ නිලධාරීන් දැඩි නීති පනවා ඇති අතර අඩි 5කට වැඩිය උස කිසිදු ගහක් හෝ අඩුම තරමේ කැත්තකට මිටක් හෝ කපා ගැනීමට අවසර නැති මෙම වන වනසංරක්ෂණ පේරක කලාපයේ මහ ගස් මුලින් උගුලා විනාශ කොට දැවැන්ත පරිසර හානියක් කර ඇති ආකාරය එහි ගිය අපට දැකගත හැකි විය.
බිම හෙලා ඇති රූක්ස ගස්වල කඳන් නැත තැන දමා ඇති ආකාරයක් දැක ගැනීමට හැකිය .
වන අලින් ආහාරයට ගන්නා කඩ කොල්ලන් ගස් විශාල ප්‍රමාණයක් මුලින් ගලවා විනාශ කර ඇති අතර එම ශාඛ ද යොදා ගනිමින් කබානා ඉදිකර ඇත.
මෙලෙස අල්ලා ගත් කැලෑවට මීටර පන්සියයක් පමණ පහලින් සියඹලගස්වැව පිහිටා ඇති අතර එම වැවෙන් කුඹුරු අක්කර 50 පමණ වගාව සිදු කරති.
එහෙත් එම වැවට වැසි ජලය සැපයෙන ආර හරස් කොට මෙම හෝටල් හිමියා හිතුමතේ වැවක් ඉදි කිරීම තුළින් සියබලගස්වැවට ජලය සැපයීම සහමුලින්ම නතර වී ඇතැයි ගොවීහු පවසති .
මේ සම්බන්ධයෙන් කිරින්ද පොලිසිය,ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ,වන සංරක්ෂණ නිලධාරීන් ට කොතෙකුත් පැමිණිලි කළ ද ඒ සඳහා නිසි ක්‍රියාමාර්ග නොගන්නා බව එම ගොවීහු සඳහන් කරති.
මේ පිළිබඳව හම්බන්තොට වනසංරක්ෂණ අඩවි සහකාර නිලධාරී කපිල මහතාගෙන් දුරකථනයෙන් විමසීමේ දි ඔහු සඳහන් කළේය
ඉදිකරන ලද වැවේ කොටසක් ඉවත් කිරීමට පියවර ගත්තා වනාන්තර හෙළි පෙහෙළි කිරීම පිළිබඳව මා දන්නේ නෑ .කෙසේ වෙතත් වනසංරක්ෂණ කලාපයට අයත් ප්‍රදේශයක වැව් ඉදිකිරීම සම්බන්ධයෙන් එම පුද්ගලයාට එරෙහිව මෙතෙක් නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන නැත.












COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරුත් කලබල වෙන්න එපා. මොකුත් වෙන්නෙ නෑ. අපේ ගම් පලාතෙ නේ.
අනේ පව් මුන් බලයට ආපු දා ඉඳන් රට වනසනවා
ඒකට ගිහින් කිව්වේ පරිසරය රකිනවා කියලා... කියනකොට එහෙමයි, කරනකොට මෙහෙමයි..
නන්දසේන... දැන් ගෙදර යන්න... ලංකාව දියවෙලාම යයි නැතිනම්..!
බුලත් හපයෙක් වනජීවී ඇමැති කිරීමේ ප්‍රතිඵල තමයි මේ...
මේ හැත්ත බුරුත්තටම හෙන නොගහන්නේ ඇයි? මට මේක තේරෙන්නේ නෑ දෙයියනේ...
එදා විල්පත්තුව කැපුවේ මුස්ලිම් ජාතිකයෙක් කියලා නැට්ට උස්සාගෙන උඩු බුරපු පිංගුත්තර සුනඛ රැල දැන්, සද්දයක් නැත්තේ, ඒ සුනඛ රැල සිංහල නිසාද? හැබැයි ඒ සුනඛ රැල දන්නේ නැහැ ඒ කාලේ විල්පත්තුව කපන්නත් අවසර දුන්නේ සිංහල දේශප්‍රේමී නායකයින් බව... මෙදා ඔය අවසරය ලබාදී ඇත්තෙත් ඒ එදා අවසර ලබාදුන් හොර, තක්කඩි දේශපාලන පරම්පරාවේ අයම තමයි. ජානවලින්ම එන හොර තක්කඩිකම පරම්පරාවටම තියනවා. ඒක තේරුම් ගන්න බැරි හරක් රැලක් ඔවුන්ට වන්දනාමාන කරනවා...
වනය කපා එහි හෝටල් ඉදිකරමු. පොළව කොටා එහි වලවල් කපමු. වනයේ සතුන් එක තැනකට කොටුකරමු. මේ සැම නසා අපි පමණක් රජකරමු.
කොහේද මේ..? ඇමරිකාවද?
අනේ දෙවියනේ, මේ පවුලෙන් අපේ රට බේරා දෙන්න... !!!
මේවා කරන එවුන්ටත් උන්ව ජාතක කරපු එව්න්ටත් වදපු උන්ටත් මුන්ගෙන් ජාතක වූ දරුවන්ටත් සාප වේවා
කව්ද බොලේ ඒ කෙරුමා ?දැන් තියෙන්නේ ගමේ කට්ටියටත් පුළුවන් තරම් ඉතුරු ටික සුද්ද කරලා කොටු කරගන්නයි .පුළුවන් උනොත් අපත් එනවා කෑල්ලක් සුද්ද කරලා කොටු කරගන්න .එතකොට බලමු වනජීවිය මොකද කරන්නේ කියලා
අක්කර 50ක් හෙළි කරද්දීත් නොපෙනුන නිලධාරියාව අයින් කරන්න ඕන. පව් අනේ ඔය හම්බන්තොට දේශපාලකයෝ නම් දන්නේ නැතුව ඇති ඕක.
ලොක්කා කට ඇරියොත් කියන්නෙ ටොං පච, අපි ගෙවන්නෙ දැක්මක් අවංක කමක් ගැවිල නැති ,උගත් කමින් හීන, මාන්නයෙන් ඔලුව ඉදිමුව ගත්ත ,පාලකයකු පත්කර ගැනීමෙ පාපයයි. ජිනීවා සම්මේලනයෙදි ලෝකෙට කියනව ලංකාවෙ පරිසරය සුරක්ෂිත කරනව කියල, මේ පවුල බාප්පල, තාත්තල, පුතාල , මේ රට විනාශම කරනව.
මේ හෝටල් ව්‍යාපාරිකයා මේක කරන්නේ අනිවාර්යයෙන් දේශපාලකයකුගේ සහායත් ලබා ගෙන. ඉතින් කාටත් හිතන්න පුළුවන් එම දේශපාලකයා කවුද කියල. අපේ ජාතිය බේරා ගන්න බව කියන මහා සංඝරත්නයත් විද්වතුන් කියා ගන්නා අයත් දැන් වත් මේවගේ දේවල් වලට උදවු කරන දේශපාලකයන් ගෙන් ඈත් උනොත් නරකද?
දිගින් දිගටම මෙහෙම විනාශ කිරීම් දකින කොට අපට හිතෙන්නෙ මේ රටේ නායකයෙක් නැද්ද කියල. මේ වගේ හැම ජරා වැඩකම පිටිපස්සෙ ඉන්නෙ දේශපාලන ලොක්කෙක් බව මේ රටේ කවුරුත් දැන් දන්නවා. ජනාධිපතිතුමාට චන්දය දෙන කොට ඒ කවුරුවත් හිතුවද මේ වගේ විනාශයන් මේ රටට සිද්ධ වෙයි කියල? එතුමා යුද්ධ කළාට රටක් පාලනය කරන්න හැකියාවක් නැති බව නේද පේන්නෙ.?
මොනවද මේ රටට වෙන්නෙ. ඉතා කණගාටුදායක තත්ත්වයක් නොවේද ?
මේවා බලු වැඩ....අපිත් චන්දේ දුන්නේ ඔහොම වැඩ බලාපොරොත්තුවෙන්නම් නොවේ.....
අපේ සර් ආපු දාට ඔය සෙල්ලම් දාන්න බැරිවෙයි. අපිට ඕනේ කොන්ද කෙළින් නායකයෙක්....
කෝ අපේ බයියෝ සෙට් එක ?විල්පත්තුව විතරද කපන්න බැරි ?