IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


යාල රක්ෂිතයේ ගංජා හේන් 5 ක් වටලා තිදෙනකු අත්අඩංගුවට

(ප්‍රසන්න පත්මසිරි)

යාල රක්ෂිත වනයේ ගෝනගංආර ප්‍රදේශයේ මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය ගංජා හේන් 5 ක් වටලා රුපියල් කෝටි 5 ක් පමණ  වටිනා ගංජා ගස් ලක්ෂ එකහමාරකට වැඩි ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
 
රක්ෂිත වනය මැද වගා කර තිබුණ ගංජා හේන් පහකින් අඩි 8,7,3 ප්‍රමාණයේ උසට  සරුවට වැඩී තිබුණ ගංජා ගස් ලක්ෂ එකහමාරකට වැඩි ප්‍රමාණයක් ගලවා විනාශ කිරීමට කටයුතු කළ බව පොලිසිය කියයි.
 
කාලයක් තිස්සේ රක්ෂිත වනයේ ගංජා වගාවන් සිදුවන බවට පොලිසියට ලැබුණ තොරතුරක් මත පොලිස් කණ්ඩායම් කිහිපයක් වනයේ වැටලීමක් සිදුකර ගංජා හේන් සොයාගෙන තිබේ.

අත් අඩංගුවට ගත් සෙල්ලකතරගම පදිංචි බව කියන වයස අවුරුදු 40 සහ 48 වියෙහි පසුවන සැකකරුවන් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


 



අදහස් (0)

යාල රක්ෂිතයේ ගංජා හේන් 5 ක් වටලා තිදෙනකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 620 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site