IMG-LOGO

යල කන්නය සඳහා හිඟයකින් තොරව පොහොර සපයන්න නියෝග

(නාලක සංජීව දහනායක)

හිඟයකින් තොරව යළ කන්නයට අවශ්‍ය පොහොර කඩිනමින් ගොවීන්ට සපයන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (03) නිලධාරීන්ට නියෝග කළේය.

ඇණවුම්කර තිබෙන පොහොර තොග ඉදිරි දින කිහිපයේදී මෙරටට ළඟාවන බවත් එම පොහොර ප්‍රමාදයකින් තොරව බෙදාහැරීමට විධි විධාන සලසන ලෙස නිගධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා පොහොර බෙදීමේදී ගොවීන් අපහසුතාවයට පත් නොකරන ලෙසද අවධාරණය කළේය.

එමෙන්ම පොහොර බෙදාහැරීමට පෙර සිදුකරනු ලබන ප්‍රමිති පරීක්‍ෂණ වාර්තා දින 10 ක් ඇතුළතදී ලබාගන්නා ලෙසද නිලධාරීන්ට පැවැසීය.

පොහොර ගෙන්වීම හා බෙදාහැරීම පිළිබදව වත්මන් තත්ත්වය සමාලෝචනය කරමින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (3) පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ උසස් තත්ත්වයේ ප්‍රමිතියකින් යුතු පොහොර නිෂ්පාදනය කරනු ලබන රටවල් හඳුනාගෙන එම රටවලින් පොහොර ආනනයන කරන ලෙසත් වාර්ෂික වගාවන් සඳහා අවශ්‍ය පරිදී ප්‍රමාණවත් පරිදි පොහොර ආනයන කිරීමට පියවර ගන්නා ලෙසද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්හ.

එමෙන්ම නිරෝගී අනාගත පරපරක් බිහිකිරීම වෙනුවෙන් කාබනික පොහොර නිෂ්පාදනය වැඩිකිරීමට පියවර ගන්නා ලෙසද ජනාධිපතිවරයා පැවැසීය.

 

 



අදහස් (9)

යල කන්නය සඳහා හිඟයකින් තොරව පොහොර සපයන්න නියෝග

Vajira Tuesday, 03 March 2020 07:03 PM

තවම මහ කන්නේ කැපීලා ඉවරත් නැහැ. යලට පොහොර ඕන වෙන්නේ අප්‍රේල් වලින් පස්සේ. එතකොට ඡන්දේ ඉවරයි.

:       0       95

WijebahuWednesday, 04 March 2020 05:01 AM

කෝ දෙනවා කියපු නිකන් පොහොර? නිකන් තියා සල්ලිවලටවත් ගන්න නැහැ. මෙහෙම බොරු කියන ආණ්ඩුවක් මීට පෙර තිබුණේ සිරිමාවෝගේ හඳේ හාල් ආණ්ඩුව...

:       0       1

Perera Wednesday, 04 March 2020 12:15 AM

මැතිවරණ ඔන්න මෙන්න තියලා ජනතාවට වාසි වුනත් මැතිවරණයෙන් පස්සේ ඉතින් ඔහොම වාසි ජනතාවට නැහැ.

:       11       237

silva Wednesday, 04 March 2020 02:36 AM

නියෝග දෙන්න නම් පුළුවන් ඕන කෙනෙකුට, ඇරත් පහුගිය අවුරුදු 72 ට දීපු නියෝග ක්‍රියාත්මක උනානම් අද ලංකාව සුරපුරයක් .... නියෝග නෙවෙයි , ප්‍රායෝගිකව පොහොර ලැබෙන ක්‍රමයක් තමයි අවශ්‍ය මේ ගොවියන්ට.

:       0       150

vidya Wednesday, 04 March 2020 04:05 AM

ළඟදීම මාස් කන්න පටන් ගන්නවා. මාස් කන්නට පොහොර නැද්ද ? යල කන්නට මාස හතකට වඩා කාලයක් තියනවා. මට පෙන්නේ යල මහා පැටලිලා වගේ. මමත් කුඹුරු වැඩ කරලා තියන නිසා .

:       9       190

Senith Wednesday, 04 March 2020 04:38 AM

රසායන පොහොර වෙනුවට විකල්පයක් හොයන්න උවමනාවක් මෙතුමට නෑ වගේ.

:       0       1

Dappula Wednesday, 04 March 2020 05:20 AM

නියෝග දෙනවා වගේ නොවෙයි, කෙරෙන විදිහත් බැලුවා නම් නේද හොඳ...?

:       0       1

Walter White Wednesday, 04 March 2020 05:51 AM

මේ සුබ ආරංචිය ඇහුවාම පෝර කොම්පැනි වල කොටස් අගය වැඩි වෙන්නත් ඇති, ඇයි පෝර අඩුවට දෙනවා කිව්වට පිටරට කොම්පැනි එක අඩුවට පෝර දෙන්නේ නෑ... ඔවුන් වෙනදා ගාණටම පෝර විකුණනවා. මෙරට ඒජන්තය ඒ පෝර ඒ ඒ කියන ගණන් වලට ගෙන්වනවා. අඩුවට මෙරට ගොවීන්ට, ගනුදෙනුවේ වෙන පාඩුව පියවන්නේ අහිංසක මනුස්සයින්ගෙන් ගන්න බදු මහජන මුදලින්, එහෙම බැලුවම මේක පික්පොකට් ගැහිල්ලක්, පික්පොකට් ගහලා හිස් පොකට් එක දුන්නා වගේ, නියම සහනාධාරේ ගන්නේ අර යෝධ පෝර කොම්පැනි එක, ඒ අය හිනාවෙනවා ඇති...

:       3       1

Rata Perata Wednesday, 04 March 2020 07:14 AM

මේවා ඔක්කොම දේශපාලන සංදර්ශන. ඉහල පුටු වල ඉන්න අයට හරි දැක්මක් නෑ. නිකම් උදේට නැගිටලා මොනවහරි කියවනවා, එච්චරයි. රට හැමදාම එක තැන. අපේ බයියොත් පස්සෙන් යනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 15 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 354 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 823 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site