IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


යුරෝපා සංගම් නියෝජිතයන්ගෙන් සුබ පණිවුඩයක්

(සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකාවට ඉදිරියේදී ලබා දිය හැකි සහන සම්බන්ධයෙන් ධනාත්මකව කටයුතු කරන බව යුරෝපා සංගමයේ නියෝජිතයෝ පිරිසක් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාට දැනුම් දුන්හ.

එම නියෝජිතයන් ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය ගැන සෑහීමට පත්වූ බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

යුරෝපා සංගමය මෙරටට ලබාදෙන ජීඑස්පී ප්ලස් සහනය  ඉදිරියටත්  ලබා දෙන්නේ දැයි කරුණු සොයා බැලීම සඳහා යුරෝපා සංගමයේ නියෝජිතයෝ පිරිසක් අධිකරණ අමාත්‍ය අමාත්‍ය  ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අධිකරණ අමාත්‍යංශයේ දී ඊයේ(28) හමුවූහ.

එම සහනය ඉදිරියටත් ලබාදීම තීරණය කිරීම සඳහා  මෙරටේ ප්‍රගතිය සමාලෝචනය කිරීම එම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ විය.

යුරෝපා සංගමය නියෝජිතයෝ එම සංගමය ශ්‍රී ලංකාව කෙරෙහි දක්වන ආකල්ප ගැන මුලින්ම ප්‍රකාශ කළහ.

එසේම එම නියෝජිතයන් අධිකරණ ක්ෂේත්‍රයේ වර්තමාන ප්‍රගතිය සම්බන්ධයෙන් ඇමැතිවරයාගෙන්  කරුණු විමසූ බව  අධිකරණ අමාත්‍යාංශය පවසයි.

මෙහිදී අධිකරණ ඇමැතිවරයා  අධිකරණ ක්ෂේත්‍රයේ  සිදු කෙරෙන නීති ප්‍රතිසම්පාදනය, අධිකරණ පද්ධතිය ඩිජිටල් කරණය කිරීම, නඩු කටයුතු කඩිනම් විසඳීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් දියුණු කිරීම මෙන්ම අධිකරණ ශාලා වැඩි දියුණු කිරීම, ඊට සමගාමීව විනිසුරුවන්  සංඛ්‍යාව වැඩි කිරීම ,ව්‍යවස්ථා සංශෝධනය ආදී කරුණු සම්බන්ධයෙන් යුරෝපා සංගම් නියෝජිතයන්ට කරුණු පැහැදිලි කළේය .

යුරෝපා සංගම් නියෝජිතයන් ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය ගැන සෑහීමට පත්වූ බවත්  සියලු සහන සම්බන්ධයෙන් ධනාත්මක සලකා බලා ඉදිරියේදී  කටයුතු කරන්නේ  යැයි ඔවුන් ඉන් පසු  දැනුම් දුන් බවත්  අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම අවස්ථාවට අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් නීතිඥ ප්‍රියන්ත මායාදුන්නෙ , අධිකරණ අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් නීතිඥ ජනක රණතුංග  යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද සහභාගිවූහ. 



අදහස් (5)

යුරෝපා සංගම් නියෝජිතයන්ගෙන් සුබ පණිවුඩයක්

Raveendra Tuesday, 28 September 2021 06:37 PM

දැන් නම් දෙයි ඇට්ටි හැලෙන්නම පට්ටියේ ඉන්න හරකුන් 225ම අපි හින්දා තමයි යුරෝපා සංගමය ධනාත්මකව හිතන්නේ කියලා. රනිල්ගේ ගොට්ටන් කියයි පරිණතම දේශපාලුවා නිසා එසේ වුණු ලෙස, ගෝඨාගේ ගොට්ටෝ ටික කියයි අපේ ලොක්කා නිසා කියලා, පුතාණෝගේ සහචරයින් ටික කියයි නෑ අපි නිසා කියලා. අපරාදේ කියන්න බැහැ දියව් දියව් කළු මලයා නම් ම්ම්... කියන එකක් නැහැ.

:       5       9

Prabha Tuesday, 28 September 2021 08:32 PM

මතකනේ අර චීන එන්නතේ කතාව පොඩ්ඩක් ඉවසල බලමු. මේ නිවේදනය ගැන යුරෝපා සංගමය මොකද කියන්නේ කියල

:       2       8

දාස Wednesday, 29 September 2021 06:22 AM

මේ අය අන්දන්න බෑ ගොයියෝ ... අපේ ලොක්කන්ගේ පැටිකිරිය හොඳට හදාරලයි කස්ටිය එන්නේ...

:       0       0

S.H.LIYANAGE Wednesday, 29 September 2021 10:15 AM

අපගේ යහපැවැත්ම සඳහා මානව හිමිකම් සමඟ කිසිදු සම්බන්ධයක් නැති යුරෝපීයයන් මත තමන්ගේම න්‍යාය පත්‍රයක් මත යැපීම අපට මහත් කණගාටුවට කරුණකි. අපි සැලසුම් කර විදේශයන් මත යැපීමෙන් මිදිය යුතුයි

:       0       0

බද්රානි Wednesday, 29 September 2021 01:07 PM

බංගලියන්ගෙනුයි, චීන්නුන්ගෙනුයි හිඟා කන මේ නින්දිත උද්දච්ඡ ජාතියට මොනවටද යුරෝපා සංගමයෙන් ආධාර... "පිට කසාගන්න නියපොත්තක් නැති වුණාට" බලන්න ඕනෑ කටවල්වල තියන කයිවාරුව...? මේ විපරිත තක්කඩි ජාතියට ඔය සංගම්වල සහයෝගය ලබා නොදී වැදගත් දුප්පත් ජාතියකට ඔය සහන හෝ ආධාර ලබා දෙන්න. මොවුන්ට උදව් කරලා ඵලක් නැහැ. කෙලෙහිගුණ නොදත් මොවුන් කාපු පතේ පහරන තුප්පහි ජාතියක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පොලිස්පති අවුලට ව්‍යවස්ථා සභාවත් උණුසුම්
2024 ජුලි මස 27 895 0

පොලිස්පතිවරයා පත් කළ ආකාරය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමේදී අද (26) සිය විරෝධය පළ කර ඇතැයි වාර්තාවේ.


ආර්ථිකය හදන ගමන නොකැඩී ගෙන යමු
2024 ජුලි මස 26 569 0

මෙරට ආර්ථිකය නිවැරදි මගකට යොමු කෙරෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සම්මත කර ගැනිමට සහාය වූ පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ වෙත සිය ස්තුතිය පළ කරන බ


සුමන්තිරන්ලා වෙනත් පක්ෂයක එල්ලෙති
2024 ජුලි මස 26 2356 2

දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම් .ඒ සුමන්තිරන් මහතා පැවසීය.


‘‘අගමැතිට නඩු අහන්න කියන්න‘‘
2024 ජුලි මස 26 2323 1

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබා දෙන නියෝග ක්‍රියාත්මක කිරීමට රටේ ජනාධිපතිවරයා හා ව්‍යවස්ථායකය බැඳී සිටිනවා , පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී එම අධිකරණ


විහාරහල්මිල්ලෑවේ ගොවීහු කුඹුරට යන්න පාරක් නැතිව හූල්ලති
2024 ජුලි මස 26 244 0

කැබිතිගොල්ලෑව විහාර හල්මිල්ලෑව ගමේ ’’මහ කාඩිගල’’ වැව යටතේ ඇති කුඹුරු යායට පාරක් නොමැති නිසා ගොවීන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දෙන බව මහා කාඩිගල කුඹුර


‘තරුණ පරපුර ඉල්ලූ වෙනස දෙන්න මම එනවා’
2024 ජුලි මස 26 2746 3

රටේ තරුණ පරපුර වෙනසක් ඉල්ලා ගාලුමුවදොර අරගලයක් කළ බවත් ඔවුන් ඉල්ලා සිටින වෙනස ලබාදීමට තමන් ඉදිරිපත්ව සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1157 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site