එල්.ටී.ටී.ඊ. සංවිධානයට පනවා තිබූ තහනම තවදුරටත් දීර්ඝ කිරීමට යුරෝපා සංගමය පියවර ගෙන ඇත.
යුරෝපා සංගමය ඔවුන්ගේ ත්‍රස්තවාදීන් සහ ත්‍රස්තවාදී සංවිධාන ලැයිස්තුව අලුත් කර තිබෙන අතර ඒ අනුව එල්.ටී.ටී.ඊ. සංවිධානය තවදුරටත් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස ලැයිස්තු ගත කර තිබේ.
ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා ත්‍රස්තවාදීන්, ත්‍රස්තවාදී සංවිධාන, ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වන පුද්ගලයන්, ඊට අයත් දේපළවලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් යුරෝපා කවුන්සිලය සඳහන් කළේය.
මෙම ලැයිස්තුගත කිරීමට අනුව යුරෝපයේ එම පුද්ගලයන්, සංවිධාන හා කණ්ඩායම් සහ වස්තු මෙන්ම මූල්‍ය වත්කම් යනාදී සියල්ල රාජසන්තක කෙරේ.
එමෙන්ම යුරෝපා සංගමයේ රටවලට, සමාගම් සහ සංවිධානවලට මෙන්ම සියලු පාර්ශවවලට ත්‍රස්තවාදීන් සහ ත්‍රස්තවාදී සංවිධාන ලෙස නම් කරන ලද කිසිවකුට අරමුදල් සැපයීම සහ ආර්ථික මූලාශ්‍ර සැපයීම සම්පූර්ණයෙන් තහනම් වේ.
055
2025 දෙසැම්බර් මස 18
595
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1093
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යුරෝපා සංගමය එල්ටීටීඊයට පැනවූ තහනම දීර්ඝ කෙරේ
Amare Tuesday, 14 January 2020 09:49 AM
නපුන්සක ලෙස රට පාලනය කළ එජාපය බලයේ හිටියනම් මේ වෙනකොට මේ තහනම ඉවත්කරගන්න ඉඩ තිබුනා.
sharm warn Tuesday, 14 January 2020 11:19 AM
යුරෝපා සංගමේට එල්ටීටීඊ එක ත්‍රස්තවාදී කණ්ඩායමක් වුණාට ස්විට්සර්ලන්තයට එයාලා අහිංසක පූස් පැටව් ටිකක්ලු..