( තිළිණි ද සිල්වා )
ශ්‍රී ලංකාව තුළ සාමය සහ ස්ථාවාරත්වය ගොඩනැංවීම සඳහා ගෙනයන වැඩපිළිවෙළට සහයෝගය පල කිරීම සඳහා යුරෝපා සංගමය විසින් යුරෝ මිලියන 8.5ක් ලබාදීමට තීරණය කර තිබේ.
මෙරට ප්‍රචණ්ඩ අන්තවාදය වැළැක්වීම, ප්‍රජා ප්‍රතිරෝධය ගොඩනැගීම, අභ්‍යන්තර අවතැන්වූවන් සහ සරණාගතයින්ට නැවත සිය භූමි වෙත පැමිණීමට අවශ්‍ය දායකත්වය ලබාදීම යන ක්‍රියාමාර්ග සඳහා මෙම ආධාර දීමට එම සංගමය පියවර ගෙන ඇත.
විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන සහ යුරෝපා සංගයේ උප සභාපති ෆෙඩ්රිකා මොගෙරනී අතර මේ මස මුල පැවති සාකච්ඡාවකින් පසුව මෙම ආධාර මුදල ලබාදීමට තීරණය කළ බවද යුරෝපා සංගමය කියා සිටී.
පාස්කු ඉරුදින ප්‍රහාරය වැනි ත්‍රස්ත ප්‍රහාරය වැළැක්වීම සහ අදාළ ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම වැනි අභියෝගවලට ශ්‍රී ලංකාව මුහණ දී සිටින බව යුරෝපා සංගමය පවසයි.
එම නිසා යුරෝපා කොමිසම විසින් යුරෝ මිලියන 8.5 ක් මූලික අරමුණු 3ක් යටතේ ශ්‍රී ලංකාවට ලබාදීමට තීරණය කර ඇති බව අදාළ නිවේදනයේ සඳහන් වෙයි.
2025 දෙසැම්බර් මස 04
592
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
507
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
429
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 8.5 ක්
anura Thursday, 15 August 2019 09:57 AM
සාමය හා ස්ථාවරත්වය කෙසේ වෙතත් මොනවා හරි අවුලක් කරන්නද දන්නේ නැහැ මේ අරමුදල් දෙන්න හදන්නේ?
මුණසිංහ Thursday, 15 August 2019 10:26 AM
ඡන්ද ව්‍යාපාරයට අාධාර පිණිස යි!
ගල්කටස් Thursday, 15 August 2019 10:54 AM
සල්ලි දෙන්නෙ නිකම්ම වෙන්නැති ...