බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඇති කරගන්නා ගිවිසුම නැවත සාකච්ඡා කිරීමට විවෘත නැතැයි එම සංගමයේ නායකයන් අගමැතිනි තෙරේසා මේ මහත්මියට දන්වා ඇත.
බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් නොවැම්බර් මාසයේ දී බ්‍රිතාන්‍ය අගමැතිනිය සහ යුරෝපා සංගම් නායකයන් අතර ගිවිසුමක් ඇති කරගන්නා ලදී.
අදාළ ගිවිසුම යුරෝපා සංගමයේ දී අනුමත වූ අතර බ්‍රිතාත්‍ය පාර්ලිමේන්තුවේදී ඒ පිළිබඳව ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිතව තිබිණි.
එම ගිවිසුම පිළිබඳව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී විවාදයක් ද පැවැත්විණි. විවාදය පැවැත්වෙන අතරතුරදී බ්‍රිතාන්‍ය අගමැතිනිය අදාළ ගිවිසුම සම්බන්ධයෙන් පැවැත්වීමට නියමිතව තිබූ ඡන්ද විමසීම කල් දැමුවාය.
ඡන්දය පැවැත්වූයේ නම් බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ මහත්මියගේ යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ ගිවිසුම පාර්ලිමේන්තුවේදී ප්‍රතික්ෂේප වීමට නියමිතව තිබිණි.
අගමැතිනිය නියෝජනය කරන කන්සර්වේටිව් පක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් ද ගිවිසුමට විරෝධය පළ කිරීම ඊට හේතුවයි.
බී.බී.සී
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරාබියෙන්, මැද පෙරදිග රටවල්, අප්‍රිකානු රටවල් වලින් සරණාගත වෙසින් නොනවත්වා එන අන්තවාදීන්ගේ ක්‍රියා නිසා හෙම්බත් වෙලා ඉන්න නිසා තමයි යුරෝපා සංගමයෙන් ඉවත්වෙන්න හදන්නේ... නමුත් ඒකට යුරෝපා සංගමය ඉඩ දෙන්නේ නැත්තේ තව රටවල් මේක නිදසුනක් විදිහට අරගෙන යුරෝපා සංගමයෙන් ඉවත් වෙලා සංගමය කඩා වැටේවි කියන බයටයි...