IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


’’යම් යම් සීමා ඉවත් කිරීම කොවිඩ් ඉවරයි කියන සහතිකය නොවෙයි’’

(සුජිත් හේවාජුලිගේ )

යම් යම් සංචරණ සීමා ඉවත් කිරීම රටින් කොවිඩ් ඉවත්වූ බව පෙන්වන සහතිකයක්   නොවන බවත්  ඒ ආකාරයට වැරදි අදහසක් ගෙන කටයුතු නොකරන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත්  කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

කොවිඩ්  ආසාදිතයන් තවමත් හමුවන පසුබිමක  ජනතාව බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවද  හෙතෙම සඳහන් කළේ‍ය.

අද පවතින ප්‍රතිඵල ළඟා කරගෙන ඇත්තේ ජනතාව බොහෝ සේ  කැපවීම් කිරීමෙන්   බව පැවසූ යුද හමුදාපතිවරයා  ජනතාව බුද්ධිමත් ආකාරයට කටයුතු කළ නිසා  කොවිඩ්  පැතිරීම මේ ආකාරයට පාලනය කර ගැනීමට හැකිවූ බවද   පෙන්වා දුන්නේය.

රටේ යම් යම් සීමා ඉවත් කරනු ලැබූවේ ජනතාවට සහන සැලසීම සඳහා යැයිද ශවේන්ද්‍ර සිල්වා මහතා කීවේය.

කොවිඩ්  ආසාදිතයන් දිනපතා හමුවන නිසා ජනතාව මුව ආවරණ පැළඳ  නිවෙස්වලින් පිටතට පැමිණීම වැදගත් බවත්  එසේ කටයුතු නොකළහොත්   අවදානම් තත්වයන්  යළි  ඇති විය හැකි බවද  ඔහු පැවසූවේය.

මේ අතර රටේ ජනතාවගෙන් බහුතරයකට එන්නත්  මාත්‍රා දෙකම  ලබාදී ඇති බව පැවසූ  යුද හමුදාපතිවරයා වයස 16 ට වැඩි සියලු දෙනාට මාත්‍රා එකක් හෝ ලබා දී ඇතැයිද  ප්‍රකාශ කළේය.


ශ්‍රී ලංකා යුද හමුදාව සදහා කොවිඩ් මර්ධන එන්නතේ  තුන්වන මාත්‍රාව ලබාදීම යුධ හමුදාපතිවරයාගේ ප්‍රධානතත්වයෙන් යුධ හමුදා රෝහලේදී  අද (01) ආරම්භ විය

(ඡායාරුපය: ශාන්ත රත්නායක )



අදහස් (1)

’’යම් යම් සීමා ඉවත් කිරීම කොවිඩ් ඉවරයි කියන සහතිකය නොවෙයි’’

මහසෙන් Monday, 01 November 2021 01:55 PM

හා... සතියකට පාරක්වත් ඇවිත් මොනවා හරි කියලා යන්න. නැත්නම් අමතක වෙයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site