
යේමනයේ දකුණු දිග ඒඩ්න් නගරයේ ගුවන්තොටුපලට එල්ලවූ ප්‍රහාරයකින් 22දෙනකු පමණ මියගොස් 50කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි එරට බලධාරීහු පවසති.
අලුතින් පිහිටුවන ලද සංධාන රජයේ බලය බෙදා ගැනීම සම්බන්ධව සෞදියේ පැවති සාකච්ඡා අවසන්වී නව කැබිනට් මණ්ඩලය ගුවන්තොටුපල වෙත පැමිණීමෙන් සුළු මොහොතකට පසු මෙම ප්‍රහාර එල්ලවී ඇත.
තුවාල ලැබූවන් අතර සහන සේවකයින් සහ නිලධාරීන් ද සිටින අතර අග්‍රාමාත්‍ය මේන් අබ්දුල්මාලෙක් මහතා පවසා ඇත්තේ කැබිනට් මණ්ඩලයේ කිසිවකුටත් අනතුරක් සිදුවී නොමැති බවයි.
මෙය හවුති කැරළිකරුවන්ගේ බියගුලු ත්‍රස්ත ක්‍රියාවක් බව යේමන රජය චෝදනා කරයි. නමුත් මෙතෙක් එම කණ්ඩායම ප්‍රහාරයේ වගකීම බාරගෙන නොමැත.
පිපිරීම් ආරම්භ වීමත් සමග ඇමතිවරුන් පිළිගැනීම සඳහා ගුවන්තොටුපලේ රැස්ව සිටි පිරිසක් පලායන අයුරු වීඩියෝ දර්ශන මගින් මාධ්‍ය වාර්තා කර ඇත.
ඒඑෆ්පී ප්‍රවෘත්ති ඒජන්සිය පවසන්නේ අවම වශයෙන් පිපිරීම් දෙකක්වත් සිදුවූ බවයි. රොයිටර් පුවත් සේවයට ආරක්ෂක අංශ පවසා ඇත්තේ ෂෙල් වෙඩි ප්‍රහාර තුනක් එල්ලවූ බවයි.

(බීබීසී ඇසුරිණි - 085)
2025 ඔක්තෝබර් මස 08
1865
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1503
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
528
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
යේමනයේ ගුවන්තොටුපළකට එල්ල වූ ප්‍රහාරයකින් 22ක් මරුට
අයතුල්ලා කුමෙයිනි Thursday, 31 December 2020 01:22 PM
මේක ඉරානයේ වැඩක්... වහාම ඉරානය ආක්‍රමණය කරන්න.