
( සිතුම් චතුරංග)
යාපනය , වඩමාරච්චි ,සක්කෝට්ටෙටි හා මරදන්කේණි ප්‍රදේශයේ වෙරළෙට ගොඩගසා තිබූ තවත් මියගිය පුද්ගලයින්ගේ සිරුරු දෙකක් අද (03) ගොඩගසා ඇති බව පේදුරුතුඩුව පොලිසිය පවසයි.
සතියක පමණ කාලයක් තුල පේදුරුතුඩුව , මරදන්කේණි, ඩෙල්ෆ්ට් හා වැල්වැටිතුරෙයි ප්‍රදේශයෙන් වෙරළට ගොඩගැසූ සිරුරු පහක් මේ වන විට හමුව ඇතැයිද පොලිසිය පැවසිය.
පසුගිය 28 වැනිදා යාපනය, පේදුරුතුඩුව මනල්කාඩු හා වැල්වැටිතුරෙයි වෙරළ තිරයන් හි මියගිය පුද්ගලයින්ගේ සිරුරු දෙකක් , ඩෙල්ෆ්ට් ,මරදන්කේණි හා වැල්වැටිතුරෙයි යන ප්‍රදේශයේ වෙරළ තීරයේ පුද්ගල මළසිරුරු තුනක් හමුවී ඇතැයිද කීය.
මියගිය පුද්ගලයින්ගේ සියලුදෙනා පිරිමි පුද්ගලයින් වන අතර මේ වන තෙක් එම සිරුරු හදුනා ගැනීමට නොහැකිවී ඇති බවත් ඇතැම් සිරුරු හමුවන විට හානි සිදුව තිබූ බවත් පේදුරුතුඩුව පොලිසිය පැවසීය.
හමුවූ මළ සිරුරු සියල්ල මෙරටින් හෝ ඉන්දියාවෙන් ධීවර රැකියාව සඳහා පැමිණ යාත්‍රාව අනතුරටලක්වීමෙන් මියගිය පුද්ගලයින්ගේ සිරුරු විය හැකි බවට පොලිසිය සැක පලකරන බවයි.
පොලිසිය පැවසූයේ හමුවූ සියලු මෘත ශරීර හදුනා ගැනීම සඳහා මහජන සහය පතන බවත් ධිවර රැකියාවට ගොස් අතුරුදහන් පුද්ගලයින් සිටිනම් එ පිළිබඳ තොරතුරු පේදුරුතුඩුව පොලිස් ස්ථානයට දැණුම්දෙන ලෙසත් ඉල්ලා සිටින බවයි.
හමුවූ සිරුරු පේදුරුතුඩුව මන්දිගායි රෝහලේ සහ යාපනය රෝහල්වල තැන්පත් කොට තිබේ.
පේදුරුතුඩුව ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත අමරසිංහ මහතා ඇතුළු පිරිසක් හමුවූ සිරුරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

2025 දෙසැම්බර් මස 30
148
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
765
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
යාපන වෙරළකට ගොඩ ගැසූ සිරුරු දෙකක් හමුවෙයි