(රොමේෂ් මධුෂංඛ)
72 වන ජාතික නිදහස් දිනය සැමරීමට දෙමළ ජනතාවට සැමරීමට නිදහසක් නොමැති බව පවසමින් යාපනය විශ්ව විද්‍යාල සිසුහු අද (04) සරසවිය ඉදිරිපිට කළු කොඩි එල්ලා තැබූහ.
යාපනය විශ්වවිදයාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් මෙම පියවර ගෙන ඇත.
යුද්ධය අවසන් වී නැවත පදිංචි වූ දෙමළ ජනතාවට විසඳා ගැනීමට නොහැකි වූ ගැටලු රැසක් තිබියදී නිදහස් දිනය සැමරීමට නොහැකි බව ඔවුන් ඊයේ දිනයේදී රැස්වෙමෙන් සාකච්ඡා කර ඇත.
ඉඩම් බලහත්කාරයෙන් ගැනීම්, මුල් ඉඩම් නොලැබීම, දේශපාලන සිරකරුවන් නිදහස් නොවීම, අතුරුදහන් වූවන්ගේ ගැටලු, යුද අපරාධ වෙනුවෙන් පිළිගත හැකි විසඳුමක් නොලැබීම ආදි ගැටලු වෙනුවෙන් දෙමළ ජනතාවට විසඳුමක් නොලැබීම හේතුවෙන් 72 වන ජාතික නිදහස් දිනය කළු නිදහස් දිනයක් සේ සලකන බවට යාපනය මහාශිෂ්‍ය සංගමය පවසයි.
යාපනය සරසවිය ඉදිරිපිට බැනර් එල්ලා අද දින වර්ජනය කරන බව යාපනය විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමය වැඩි දුරටත් පවසයි.
කොළඹ කොටුව - බදුල්ල දුම්රිය ගමන්වාර හයක තුන්වන පන්තියේ වෙන්කළ ආසන අත්හිටුවීමට ගත් තීරණය අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි එම දෙපාර
මෙරට මිනීමැරුම් ඇතුළු අපරාධ රැසක් කර , අධිකරණය මග හැර , ඩුබායි රාජ්‍යය වෙත පළා ගොස් සිටි සැකකරුවන් තිදෙනකු පිළිබඳ ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදු කරන ලද
ඩිජිටල් සමාජයක් කරා රට ගෙනයාමේ වැඩපිළිවෙළ හරහා ප්‍රධාන ඩිජිටල් පහසුකම් තුනක් හඳුන්වාදීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිප
සැමියා විසින් බිරිඳගේ ගෙල කපා ඝාතනය කර ඇතැයි වාද්දුව පොලිසිය කියයි.
නිෂ්කාශනය කිරීම ප්‍රමාද වූ ආනයනික බහලුම් 2,000 කට ආසන්න සංඛ්‍යාවක් තවදුරටත් රේගු නිෂ්කාශන අංගනවල සිරවී ඇති බව රේගු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් අද (
ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම් හිටපු මේජර් ජෙනරාල් නන්දසිරි මල්ලවාරච්චි මහතා අත් අඩංගුවට ගැනීමේ සූදානම සම්බන්ධයෙන් ලබන 14 වැනි දින කරුණු දක්වන්නැය
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
යාපනය සරසවි සිසුහු කළු කොඩි එල්ලති
මිනිහා Tuesday, 04 February 2020 07:53 AM
කවුද ඔය වැඩ ගණන් ගන්නේ ?
Ishan Tuesday, 04 February 2020 08:06 AM
තව අවුරුදු 100 ක් ගියත් ඔය ඈයෝ ඔහොම තමයි. රටේ හැම දේකටම විරුද්ධ වෙනවා.
Srilankan Tuesday, 04 February 2020 08:25 AM
එයාලට නිදහස ලංකාවේ නැත්තම්, එයාලට පුළුවන් තමිල්නාඩුවට හරි , නැත්තම් එයාල වහල්කම් කරන නොර්වේ, ස්විට්සර්ලන්තේ, නැත්නම් කැනඩා ගිහින් ජීවත්වෙන්න .
p.d goonawardena Tuesday, 04 February 2020 08:44 AM
ඕව එල්ලපල්ලා නුඹලාගේ බෙල්ලේ...
රවින් Tuesday, 04 February 2020 08:47 AM
බොහොම හොඳයි. හැබැයි, මේ පුවතේ පළකර තිබෙන සටන් පාඨවලට අනුව නම් ඕවා ලොම් හැලිච්ච දේශපාලුවන්ගේ තට්ට ගෙඩිටිකට ඇතුල් කරපු අධිරාජ්‍යවාදීන්ගේ අදහස් මිස ශිෂ්‍ය ශිෂ්‍යාවන් හෙට හෙට දිනයේ බලපාන ප්‍රශ්න වැලක් කියලා නම් පෙනෙන්න නැහැ. හරි නිගමනයකට ආ හැක්කේ සම්පූර්ණ පාඨ කියවා බැලීමෙන් පසුවයි. පැරණි කැනහිලුන් හැමදාම උත්සාහ කලේ තරුණ සිත්වල සරස්වතීගේ වීනාවේ හඬ ඇහෙන්නට ඉඩ නොදී අනුන්ගේ මළබෙරයේ හඬ තරුණ කන්වලට ඇහෙන්න සැලැස්වීමයි. ඉතින් ළමයිනේ ඔය මළබෙරය අහන එක පැත්තකින් තියලා සරස්වතීගේ වීනා හඬට සවන් යොමු කරන්නකෝ...!!!
MaheeWednesday, 05 February 2020 12:33 AM
ඔබ හරි රවින්, ඔන්න ඕක තමා අපේ නායකයන්ගේ ඔලුවලට වැටෙන්නේ නැත්තේ. සිංහල දේශපාලුවන් දකුණේ ජනතාව උසිගන්වන්න, රවටන්න භාවිතා කරන උපක්‍රමම තමයි දෙමල දේශපාලුවන් උතුරේ ජනතාව උසිගන්වන්න, රවටන්න භාවිතා කරන්නෙත්. සාමාන්‍ය ද්‍රවිඩ ජනතාව ඉතා හොඳ කාරුණික මිනිස්සු. ඔවුන්ට උවමනා ඊලමක් හෝ ස්වරාජ්‍යයක් නැහැ. ඔවුන්ට අවශ්‍ය සාමකාමීව තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්නයි. ඒ තත්වය උතුරේ ඇතිකිරීම මගින් ද්‍රවිඩ ජනතාව දිනා ගැනීමට කිසිම ආණ්ඩුවකට වැඩපිළිවෙලක් නැහැ. අපේ ආණ්ඩු කරන්නේ ද්‍රවිඩ ජාතිවාදී නායකයන් පිනවීමට පැලැස්තර දැමීම විනා ද්‍රවිඩ ජනතාව දිනා ගැනීමට කටයුතු කිරීම නොවේ. තමන්ගේ නායකයන් ලෙස පෙනී ඉන්නා පුද්ගලයන් කරන්නේ තමන් රැවටීම බව ද්‍රවිඩ ජනතාවට පෙන්වා දීමට නම් පළමුව ඔවුන්ගේ විශ්වාසය දිනාගත යුතුයි.
Jay Tuesday, 04 February 2020 09:05 AM
එතකොට 2009ට කලින් හොඳ නිදහසක් භුක්ති විඳින්න ඇති...
de silva Tuesday, 04 February 2020 09:26 AM
ප්‍රභාකරන් යටතේ බොලා හරිම විනෝදෙන්, සැපවිඳිමින් නිදහසේ ජීවත් වුණානේ... අනේ මගේ කට, බොලව් නරක් කලේ යහපාලන ආණ්ඩුව...
සාමාTuesday, 04 February 2020 01:01 PM
ඒක නම් ඇත්ත.., එහෙනම් මේ අය මෙලහකට ඉන්නේ විශ්ව විද්‍යාලයේ නෙවෙයි, සයනයිඩ් එල්ලන් පුහුණු කඳවුරේ...
ලැවොයිසියර් Tuesday, 04 February 2020 09:32 AM
පාලකයින්ගේ කඩිනම් අවධානය යොමුකොට විසඳිය යුතු ප‍්‍රශ්නයක්...
Naushad Tuesday, 04 February 2020 09:42 AM
යුද්දේ නොකර හිටියා නම් කිසිම ගැටලුවක් මතුවෙන්නේ නැහැ නේද? ප්‍රභාකරන්ලා කරපු මෝඩ වැඩ නිසා ඔබ තුමන්ලා දුක්විඳිනවා, කාලකන්නි සහරාන්ලා කරපු මෝඩ වැඩ නිසා අහිංසක මුස්ලිම් ජනතාව වන්දි ගෙවනවා. අපි සියලු දෙනාට හොඳ නිදහසක් තිබුණා... අපි ඒක කා ගත්තා...
Hafeel Tuesday, 04 February 2020 09:48 AM
ඔහොම වෙන්න බැහැ... අපේ විමල් බලයේ ඉඳිද්දී. අද වෙන කව්රු හරි බලයේ හිටියා නම්, මේ විමල් කියාවි... අද ගෝඨා හෝ මහින්ද හිටියා නම් මෙහෙම වෙන්න දෙන්නේ නැහැ කියලා. දැන් කොහොම හරි අද ගෝඨා, මහින්ද, විමල් බලයේ ඉඳිද්දී මහවිරු දින, කළු කොඩි දින සේරම සැමරුවා.
de Tuesday, 04 February 2020 09:53 AM
ඔන්න ඕක වහලා දමන්න තියෙන්නේ... මතකයිනේ ඉල්ලපු ඉල්ලීම් 13...
Mahesh Boossa Tuesday, 04 February 2020 10:18 AM
මේවාට සැලෙන්නේ නෑ ගෝඨාභය...
bandula Tuesday, 04 February 2020 10:55 AM
අර මැරුණු ලොක්කා සමරන්න දුන්නා නම් ඔය කළු කොඩි මොකුත් නැහැ...
කපුරුහාමි Tuesday, 04 February 2020 11:18 AM
ඕවා ගිහින් කියන්න දේශපාලුවන්ට.
සේන Tuesday, 04 February 2020 11:32 AM
මොවුන් පළමුව ඉතිහාසය දැනගත යුතුයි. තමන් කවුද මේ රට මොකද්ද කියා දැනගත යුතුයි. ඔය නිවට සටන් පාඨ යල් පැන ගිය දේවල්. තවම ඊළාම් සිහින දකින නිවට රැළක් උතුරේ සිටින අතර, තවත් හීනයක් දකින නිවට රැළක් නැගෙනහිර ඇත. ඒ දෙකම අතර රටට වින කටිමින් ධනවාදීන්ගේ පසුපස යමින් මහාසටන් පාඨ කියන පුහු සමාජවාදීන් කියන කොටසක් දකුණේද ඇත. මේ සියල්ලන් රටට පිළිලයන්ය...
RaveendraTuesday, 04 February 2020 12:10 PM
ඔබගේ වටිනා අදහස් අප අගයන්නෙමු. ඔය වගේ එල්ලෙන්න වැල් නැතිව ඉන්න, දේශපාලන රැකවරණ ලබාගෙන යුරෝපයේ ඉන්න නිවටයින් මෙන්ම එන්ජිඕ මරණාධාර සමිතිවල නඩය මෙම නිහින අරගලයට තාමත් පොර දමනවා...
සෙනෙවිරත්න Tuesday, 04 February 2020 04:45 PM
මෙතනදි කිය යුත්තේ අතීත කතා හෝ ඉතිහාසය ගැන කතා කිරීම නොව මෙම කියන කතා වල වර්තමානය සත්‍ය සොයා ඒවට විසඳුම් දි උතුර දකුණ එකට නිදහස සැමරීමට අවශ්‍ය පසුබිම සැකසීමයි.
Bandara Tuesday, 04 February 2020 05:43 PM
කොඩි වලට රෙදි දෙන්න ඇත්තේ... එක්කෝ ඕන නැහැ.
ලුම්බිණි Tuesday, 04 February 2020 09:59 PM
හැම කෙනෙකුටම විරුද්ධත්වය පල කිරීමේ අයිතියක් තිබෙනවා.
MD Wednesday, 05 February 2020 02:22 AM
දමිල කැම්පස් ළමයින්ගේ එන්නේ ඩයස්පෝරා අදහස්මයි. දරුවනේ උගත්කම විතරක් මදි. බුද්ධිමත් වෙන්න.
Kirthi Wednesday, 05 February 2020 02:58 AM
බැරි නම් කරුණාකරලා බෝට්ටුවක නැගලා මව් රට වන තමිල්නාඩුවට යන්න!
sharm warn Wednesday, 05 February 2020 04:09 AM
සම්බන්ධන් විග්නේශ්වරන්ලගේ දිරච්ච ලනු කන මෙවුන්ට කියන්න තියෙන්නේ එක දෙයයි. මෙහෙ ඉන්නවා නම් ලංකාවේ මිනිස්සු විදියට ඉන්න බැරි නම් තමිල්නාඩුවට ගිහින් කැමති තාලෙකට ඉන්න.