IMG-LOGO

යාපනය සරසවියේ සිසුන් පස්දෙනා ගොනු කළ පෙත්සම පෙබරවාරි 06 වැනිදාට කල්යයි

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

යාපනය විශ්ව විද්‍යාලයේ වව්නියාව මණ්ඩපයේ නේවාසිකාගාරයක් තුළ බුද්ධ ප‍්‍රතිමාවක් සහිත බුදු කුටියක් තැන්පත් කිරීමට උත්සාහ කළේ යැයි චෝදනා කර තමන්ට එම විශ්වවිද්‍යාලයට ඇතුළුවීම තහනම් කිරීමට විශ්වවිද්‍යාලීය පාලනාධිකාරිය ගෙන ඇති තීරණයෙන් තම මූලික අයිතිවාසිම් කඩ වන බවට ප‍්‍රකාශ කරන්නැයි ඉල්ලා එම විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යයින් පස් දෙනෙකු විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන පෙබරවාරි 06 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

මෙම පෙත්සම  ඊවා වනසුන්දර සහ එල්.ටී.බී දෙහිදෙණිය යන මහත්ම මහත්මීන් ගෙන් යුතු ශ්‍රේෂ්ඨාධිකරණ ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවූ අතර එහිදී පෙත්සම සලකා බැලීම මෙදිනට කල් තැබිණි.

එම විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන වී.එස්.ඞී.එදිරිසිංහ , වී.ඒ.කසුන් ගයාන් , කේ.එම්.ජී.එස් උයද කුමාර , එස් ,උදයප‍්‍රසාත් සහ කේ.කේ.කේ.එස්.කන්නන්ගර නැමති සිසුන්  පස් දෙනෙකු විසින් මෙම පෙත්සම ගොනු කර ඇත.

එහි වගඋත්තරකරුවන් ලෙස යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රත්නම් විග්නේෂ්වරන් , යාපනය විශ්ව විද්‍යාලයේ වව්නියාව මණ්ඩපයේ මණ්ඩපාධිපති ආචාර්ය ටී.මංගලේෂ්වරන් , විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සභාපති, උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ,නීතිපති  ඇතුළු නව දෙනෙකු නම් කරනු ලැබ සිටිති.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ යාපනය විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණ හා මානව සම්පත් පීඨයේ නේවාසිකාගාරයේ බුද්ධ ප‍්‍රතිමාවක් සහිත බුදු කුටියක් තැන්පත් කිරීමට තමන් ඇතුළු පිරිසක් ඉකුත් ජනවාරි මස සූදානම් වූ බවයි.

මේ සම්බන්ධයෙන් එම  විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප‍්‍රජාව වෙතින් කිසිදු විරෝධයක් එල්ල නොවූ බවද සඳහන් කරන පෙත්සම්කරුවන් එහෙත් විශ්වවිද්‍යාල පාලනාධිකාරිය මේ සම්බන්ධයෙන් තමන් වෙත චෝදනා එල්ල කොට තමන්ට විශ්වවිද්‍යාලයට ඇතුළුවීම  තහනම් කර ඇති බවද පෙත්සමින් කියා සිටිති.

මේ හේතුවෙන් තමන්ට විශ්වවිද්‍යාලය තුළ පැවැත්වෙන විභාග සඳහා පෙනී සිටීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බව පෙත්සම්කාර ශිෂ්‍යයන් සිය පෙත්සමින් පෙන්වා දේ.එහෙත් විශ්වවිද්‍යාලය තුළ එල්.ටී.ටී.ඊ සංවිධානයට සහය පළ කරන මහවිරු සැමරුම් ඇතුළු සැමරුම් ගණනාවක් බාධාවකින් තොරව පැවැත්වීමට ඉඩ ලබා දී තිබූ බවද පෙත්සම්කරුවෝ කියා සිටිති.

යාපනය විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය ගත් මෙම තීරණය තුළින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන  ඕනෑම ආගමක් ඇදහීමට ඇති මූලික අයිතිය උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් තමන්ට විශ්වවිද්‍යාලය තුළට ඇතුළු වී අධ්‍යාපන

කටයුතු හැදෑරීමට මෙන්ම විභාග සඳහා පෙනී සිටීමට අවසර දෙන ලෙස එම විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය වෙත නියෝගයක් නිකුත් කරන මෙන් ද පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතීඥ නිල්මල් වික‍්‍රමසිංහ මෙනවියගේ උපදෙස් පරිදී නීතීඥ කල්‍යානන්ද තිරාණගම මහතා පෙනී සිටියේය.



අදහස් (12)

යාපනය සරසවියේ සිසුන් පස්දෙනා ගොනු කළ පෙත්සම පෙබරවාරි 06 වැනිදාට කල්යයි

channa Wednesday, 05 December 2018 03:14 PM

අනිත් සරසවි වලත් බෞද්ධ, ඉස්ලාම්, හින්දු, ක්‍රිස්තියානි අයටත් මේ වරප්‍රසාදයම හිමි විය යුතුයි.

:       736       824

BamunuarachchiWednesday, 05 December 2018 04:32 PM

හලෝ අනික් විශ්වවිද්‍යාල ඒවා බලා ගනීවි. අපිට ප්‍රශ්නය රටේ මහජාතියේ ආගම ඇදහීමේ නිදහස නැතිකිරීමට සුලුජාතිකයින්ට ඇති අයිතිය මොකක්ද කියන එකයි. මොවුනට මෙතරම් බලයක් දුන්නේ මොන පාලකයාද කියන එකයි. 225 ම අත්සන් කලත් ජනාධිපතිගේ වචනවලින්ම කියනවානම් මෙරටට නොගැලපෙන ඒ පාලකයා පන්නා දැමිය යුතුය

:       223       312

GayanThursday, 06 December 2018 01:57 AM

වෙන කිසිම තැනක ඔහොම නැහැ .

:       0       8

KamanthaThursday, 06 December 2018 02:18 AM

ජීවිතේට වැස්සකට වත් කැම්පස් එකකට ගිහින් නැද්ද ? පේරාදෙණියට ගිහින් බලන්ඩ ඕක තියන ලස්සන ....

:       1       52

BamunuarachchiSaturday, 08 December 2018 01:34 PM

පේරාදෙනි කැම්පස් මොන බම්බුවකට යනවාද? සල්ලි තිබෙනවා නම් පිටරට පිළිගත් විශ්ව විද්‍යාලයක මෙහෙ තිබෙන කැම්පස් එකකට ඇතුල්වෙලා උපාධියත් අරගෙන ලෙහෙසියෙන් රැකියාවකුත් ගන්න පුළුවන්. නැතුව වැස්සෙන් බේරෙන්න මෙහෙ කැම්පස්වලට ගිහිල්ලා පාරවල්වල උද්ඝෝෂණ කර කර පොලිසියෙන් ගහන වතුර පාරවල් කන්නේ මොන බම්බුවකටද?

:       1       0

jayasekaraThursday, 06 December 2018 04:45 AM

මේගොල්ලෝ පිළිම තියන්න හැදුවේ නේවාසිකගාර ඇතුල මිසක්...එළියේ නෙමේ ...

:       6       64

SisiraThursday, 06 December 2018 08:56 AM

පුලුවන්නම් වේලාවක් තිබ්බොත් පේරදෙණියෙ පැත්තේ ඇවිත් යන්න. නැත්නම් නොදන්න දේවල් ගැන කතා නොකර ඉන්නවානම් හොදයි. ඔයාට තියෙන්නේ මහ ජාතිය හැම වෙලේම වැරදියි කියන මම පොර කියලා හිතාගෙන ඉන්න ජාතියේ රැඩිකල් චින්තනයක් ඕකටනම් බෙහෙත් නෑ

:       0       4

Nuwan Wednesday, 05 December 2018 03:16 PM

උතුරට සංහිඳියාව නැති නමුත් දකුණට සංහිඳියාව ඕනෑ!

:       385       362

මල්ලීThursday, 06 December 2018 03:50 AM

ප්‍රශ්නය ජාතිවාදීව බලන්න එපා... සෑම රජයේ ආයතනයකම වැඩකරන හා එහි පැමිණෙන අය සදහා බෞද්ධ, ඉස්ලාම්, හින්දු, ක්‍රිස්තියානි පොඩි තැනක් දුන්නම මුළු ලෝකයටම ආදර්ශයක් වෙනවා.

:       13       7

Bamunuarachchi. Saturday, 08 December 2018 01:39 PM

ඒ ගොල්ලෝ බලන්නේ ජාතිවාදීව නම් අපි බැලුවම මොකෝ මල්ලී. දමිලයින් සමග කැත්තට පොල්ල වගේ ඉන්න ඕනේ...

:       0       0

pathirana Thursday, 06 December 2018 02:41 AM

පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇවිත් බලන්න. බෞද්ධ, ඉස්ලාම්, හින්දු, ක්‍රිස්තියානි සැමටම ඒ අයගේ සිද්ධස්ථාන තියනවා.

:       0       127

සෙනෙවි Thursday, 06 December 2018 05:21 AM

අාගම තමන්ගේ පෞද්ගලික මතයක් බව නොතකනතාක් සමාජයේ මෙවන් ප්‍රශ්න සම්බන්ධයෙන් ගැටළු අවසන් නොවේ

:       2       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 233 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 757 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1175 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site