IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


යාපනය විශ්වවිද්‍යාලයට නිසි බලධාරියෙක් පත්කරයි

(රොමේෂ් මධුෂංඛ)
 
යාපනය විශ්වවිද්‍යාලයට නිසි බලධාරියෙක් පත් කිරීමට පියවර ගෙන ඇති අතර ඒ අනුව මහාචාර්ය කන්දසාමි කදිර්ගාමනාදන් මහතා නිසි බලධාරියා වශයෙන් පත් කර ඇති බව විශ්වවිද්‍යාල පාලක සභාව පවසයි.

මෙතෙක් යාපනය විශ්වවිද්‍යාලයේ උප කුලපති වශයෙන් සේවය කළ රත්නම් විග්නේශ්වරන් මහතා ඉවත් කිරීමෙන් පසුව කන්දසාමි කදිර්ගාමනාදන් මහතාව මෙලෙස පත්කර තිබේ.

යාපනය විශ්වවිද්‍යාලයට උප කුලපතිවරයකු පත් කරන තෙක් කන්දසාමි කදිර්ගාමනාදන් මහතා යාපනය විශ්වවිද්‍යාලයේ නිසි බලධරයා ලෙසින් පත් කර ඇති බවද විශ්වවිද්‍යාල පාලක සභාව පවසයි.

කන්දසාමි කදිර්ගාමනාදන් මහතා භෞතික විද්‍යාව පිළිබඳ සම්මානනීය මහාචාර්යවරයකු වන අතර, භෞතික විද්‍යාල පිළිබඳ පරීක්ෂණ රැසක් වෙනුවෙන් දායකත්වය සපයා ඇති බවටද  වාර්තා වන අතර හයිඩ්‍රජන් පැතිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ රැසක් මෙහෙයවා ඇති අතරම කදිර්ගාමනාදන් මහතා විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා පීඨයේ පීඨාධිපති වශයෙන් ද කටයුතු කර තිබේ.



අදහස් (3)

යාපනය විශ්වවිද්‍යාලයට නිසි බලධාරියෙක් පත්කරයි

සේන Wednesday, 08 May 2019 05:43 AM

ප්‍රශ්නය උගත් කම නොව. ආකල්ප යි. ඒ ගැන මේ රජය සලකා නොබලනවා නියතය.

:       12       26

ලුම්බිණි Wednesday, 08 May 2019 09:47 AM

ඉතාම කණගාටුදායකයි.

:       0       0

prabha Wednesday, 08 May 2019 10:59 AM

අධ්‍යාපන අංශයේ විශ්වවිද්‍යාලවල තරම් හීන්නූල් ගේම් කාරයන් වෙන කිසිම තැනක නොමැත.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 99 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site