
( රොමේෂ් මධුෂංඛ)
ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම උදෙසා යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් හෙක්ටයාර් 6 ක ගොවිපලේ භූමි ප්‍රමාණයක සාර්ථක මිරිස් වගාවක් සිදු කර තිබේ.
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ අධීක්ෂණය සහ උපදෙස් පරිද් යුදහමුදා සෙබළ සෙබලියන්ගේ ශ්‍රමදායකත්වයෙන් මෙම මිරිස් වගාව වගා කිරීමට පියවර ගෙන තිබුණි.
එලෙස වගාකරන ලද මිරිස් වගාවේ අස්වැන්න මේ දිනවල නෙලීම සිදුකෙරෙන අතර මෙවර මිරිස් අස්වැන්න ඉතා සාර්ථක බවටද යුදහමුදාව පවසයි.
මිරිස් අස්වැන්න ඉදිරියේදී යුදහමුදා සේනාංකයන්හි අවශ්‍යතාවන් වෙනුවෙන් මෙන්ම වෙළඳපොලටද ලබා දිමට යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් පියවර ගෙන තිබේ.








COMMENTS
නියමයි... හොඳ වැඩක්...!!!
ජය නියතයි....
ආදර්ශමත් ක්‍රියාවක්... ඉතා සතුටුයි.
දොස්තරලා සින්දු කියයි.. හාමුදුරුවරු දේශපාලනය කරයි. හමුදාව මිරිස් නෙලයි. නියමයි සර්...
අස්වැන්න විකුණලා උතුරේ දුප්පත් පවුල්වලට බඩුමල්ල ගානේ දුන්නානම් ගොඩක් හොඳයි.
අරයා පාර්ලිමේන්තුවට ඊළඟ පාර ඇවිල්ලා කියයිද දන්නේ නැහැ.. යුද්ධ හමුදාව මේවාට යොදාගන්න හොඳ නැහැ. ගරු යුද හමුදාපති කොරෝනාවලින් අයින් කරන්න කිව්වා වගේ මේ අයවලුනුත් මේ වගාබිම්වලින් අයින් කරන්න කියලා. එහෙව් සුපිරි මොලේ..