IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


යාපනය- මන්නාරම වෙරළ තීරයන්හි දී කහ තොගයක් අල්ලයි

(සිතුම් චතුරංග)

යාපනය, අරියාලේ ,පුත්තලම කෝලන්කනත්ත සහ මන්නාරම යහප්පර් වෙරළ තීරයන්හි සිදු කළ සෝදිසි මෙහෙයුම් වලදී නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙනවිත් තිබූ වියළි කහ කිලෝ 2,272 කට අධික ප්‍රමාණයක් සමඟ ඩිංගි යාත්‍රාවක්ද නාවික හමුදා අත්අඩංගුවට  ගෙන තිබේ.

උතුරු නාවික විධානයට අයත් නිලධාරීන් යාපනය, අරියාලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ සිදුකළ විශේෂ නාවික මෙහෙයුම් හේතුවෙන් ජාවාරම් කරුවන් විසින් අතහැර දමා යන ලද ඩිංගි යාත්‍රාවක තිබූ වියලි කහ කිලෝ  601 ග්‍රෑම් 150 ක පමණ ප්‍රමාණයක් සොයාගත් බව නාවික හමුදාව පැවසීය.

එලෙසම වයඹ නාවික විධානයට අයත් නාවික නිළධාරීන් පුත්තලම, කෝලන්කනත්ත වෙරළ තිරයේ සිදුකළ මෙහෙයුමකදී ජාවාරම්කරුවන් විසින් වෙරළ ආශ්‍රිත ලදු කැලෑවක සඟවා තිබූ වියළි කහ කිලෝ 750ක් මන්නාරම,යහප්පර් වෙරළ ප්‍රදේශයේදී තවත් වියලි කහ කිලෝ  921 ග්‍රෑම් 400 ක ප්‍රමාණයක්ද සොයාගත් බව නාවික හමුදාව සඳහන් කළේය.

මෙම වියළි කහ ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු ඔස්සේ රැගෙනවිත් ඇති බවද නාවික හමුදාව පැවසීය.

නාවික හමුදා භාරයටගත් වියලි කහ තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විනාශ කිරීමට නියමිතව තිබුණි.

        

 

 

 



අදහස් (0)

යාපනය- මන්නාරම වෙරළ තීරයන්හි දී කහ තොගයක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 164 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 150 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 958 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site