(වන්නි රොමේෂ් මධුෂංඛ)
යාපනය පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් 11 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි උතුරු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක ඒ.කේදීස්වරන් මහතා පවසයි.
යාපනය පොලිසියේ සේවයේ නිරත නිලධාරීන් 09 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බවට අප්‍රේල් මාසයේ පසුගිය 12 වනදා සිට 20 වැනි දා අතර කාලයේ වාර්තා වීමත් සමග එම නිලධාරීන්ගේ සමීපතයන් පී.සී.ආර්. පරික්ෂණයට යොමු කරන ලදි.

මේ අනුව අදාල පී.සී.ආර්. පරික්ෂණ වාර්තා ඊයේ (21) රාත්‍රියේ ලැබී තිබූ අතර එහිදී තවත් පොලිස් නිලධාරීන් 11 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
වයිරසය ආසාදිත පොලිස් නිලධාරීන් සමීපව ඇසුරු කළ සෙසු පොලිස් නිලධාරීන්ද මේ වන විට නිරෝධායන යොමු කිරීමට පියවර ගෙන ඇතැයි යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය වැඩිදුරටත් කියයි
2025 දෙසැම්බර් මස 18
609
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
295
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යාපනය පොලිසියේ 20කට කොරෝනා