(ප්‍රදීප් කුමාර)
 
යාපනය අයින්දු සංදි ප්‍රදේශයේ අත්හැර දමා තිබු ගොඩනැගිල්ලක් තුළ සඟවා තිබු ගංජා කිලෝ ග්‍රෑම් 33 ක් සමග සැකකරුවෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
 
ගංජා තොගය සමග අත්අඩංගුවට ගත් සැකකරු පුත්තලම් ප්‍රදේශයේ පදිංචි 36 හැවරිදි අයෙකි.
 
යාපනය පොලීසියට ලද රහස් තොරතුරක් මත මෙම වැටලීම සිදු කොට තිබේ
 
මෙම සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලීසිය පරීක්ෂණ පවත්වනු ලබන අතර අත්අඩංගුවට ගන්නා ලද ගංජා තොගය හා සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.