හමුදාව සේවය හැරගොස් සිටින සාමාජිකයන්ට නැවත බාරවීම සදහා ප‍්‍රකාශයට පත්කර තිබු පොදු සමාකාලය අද (10) සිට මේ මස 17 වැනි දින දක්වා දීර්ඝ කළ බව යුද හමුදාව කියයි.
මෙම පොදු සමා කාලය ඉකුත් අප්‍රෙල් මස 22 දින සිට ආරම්භ වු අතර අද 10 වැනි දින එය අවසන් වීමට නියමිතව තිබුණි.
බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි ඊයේ සිට දින 7 කාලයක් එම කල දීර්ඝ කළ බව හමුදාව සඳහන් කරයි.
2019 අපේ‍්‍රල් මස 22 දිනට නොකඩවා දින 21 ක් ට වැඩි කාලයක් නිවාඩු නොමැතිව සිටින හමුදා නිලධාරීන්ට සහ අපේ‍්‍රල් මස 22 දිනට නොකඩවා මාස 6 ක කාලයක් හෝ දින 180 ට වැඩි කාලයක් නිවාඩු නොමැතිව සිටින කොමිෂන් නොලත් නිලධාරීන්ට මෙම පොදු සමාකාලය තුළ හමුදාවෙන් ඉවත් වීමට අවස්ථාව හිමිව තිබුණි.
මෙම හමුදා සාමාජිකයන්ට නැවතත් හමුදාවට ඒවීමට කැමති පුද්ගලයන්ට ඒ සදහා අවස්ථාව ඇති බවද හමුදාව වැඩිදුරටත් පවසයි.
මෙම පොදු සමාකාලය තුළ 10,600 ක පිරිසක් හමුදාවට බාර වී සිටි බවද හමුදාව වැඩිදුරටත් පැවසීය.
2025 නොවැම්බර් මස 21
147
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
227
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1088
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
යුද හමුදාවට බාර වෙන්න දුන් පොදු සමාකාලය දිගු වෙයි
isurandi Saturday, 11 May 2019 08:24 AM
මේකත් දැන් දැන් කොමිටලයක් වෙලා. ත්‍රිවිධ හමුදාවම සැහැල්ලුවට ලක්වෙන්න ඉඩතියන්න එපා. නීතිය පිළිපදින්න බැරිනම් දඬුවම් දෙන්න. හුරතල් නොකර... රාජකාරිය දේවකාරිය සේ සලකා වැඩකරන්න. බැරි උදවිය කොහොමද මේ රට රැකගන්න උරදෙන්නේ?