(නාලක සංජීව දහනායක)
යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මානව හිමිකම් උල්ලංඝනය කළැයි ඇමෙරිකා එක්සත් ජනපදය චෝදනා කළද එම චෝදනා මොනවා දැයි කිසිවෙකුත් නොදන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (19) නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
නීති ප්‍රකාරව වැරදිකරුවකු වෙනතුරු අපරාධයකට චෝදනා ලැබුවෙකු වුවද නිර්දෝශී ලෙස සැළකිය යුතු බවට සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ සදහන් වුවත් ශ්‍රී ලංකා හමුදාපතිවරයාට හෝ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට එම නියමය බලපාන බවක් පෙනෙන්නට නැතැයිද එහි නිවේදනයේ සදහන් වේ.
එහි මෙසේද සදහන් වේ.


COMMENTS
සිරස්තලය අනුව වැරදි අදහසක් එන්නේ.
යම් රටකට අයිතියක් තියනවා කවුද ඒ රටට ගෙන්නන ගන්නේ හා ගෙන්න ගන්නේ නැත්තේ කියලා තීරණය කරන්න. ඒක ඒ අයගේ ස්වෛරී අයිතිය. අපි මෙහෙ ඉදල තප්පු ලෑවට වැඩක් නෑ. අනික මේ ප්‍රකාශය සිංහලෙන් දීලම වැඩක් නෑ.
හරිහැටි ඉගෙන ගෙන විභාග පාස් වෙච්චි නැති අයට කොහොම කිව්වත් තේරුම් ගන්න බෑ.අනික දේශපාලුවෝ වැඩි හරියක් කිසිම උගත්කමක් නැති මැටි මෝල්ලු.
ඔබ ඔහුට / පවුලේ වීසා අකමැති නම් අපි කෙසේ ඉල්ලා සිටිය හැකිද?
ඇමෙරිකාව කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් කරන මානුෂීක උල්ලංගනය කිරීම් පිලිබඳ චෙදනා නිසාවෙන් හමුදාපතිට ඒ රටට ඇතුළුවීම තහනම් කළා කියාලයි. එහෙනම් මේ ප්‍රශ්නේ විසඳාගත යුතු වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයත් එක්ක. එකට පත් කරලා තියනවා නේද ලොකු ලොකු කට්ටිය? දැන් එයාලා මේවා විසඳලා දෙන්න ඕනි. නැතිනම් මොකටද තානාපත්වරු පත් කරලා?
මේවා මෙහෙ ඉන්න අපිට දාන සංදර්ශන. තහනම් කිරීම ප්‍රශ්නයක්නම් , වගකිව යුතු පුද්ගලයන් රාජතාන්ත්‍රිකව කතා කරලා විසදගන්න තියෙන්නේ. මෙහෙ ඉඳන් හන්දී ගානේ සිංහලෙන් බෙරිහන් දුන්නට ඔය ප්රශ්නය විසදෙන්නේ නැහැ.
ඇමෙරිකන් විරෝධී ඔබලා ඔයතරම් දුක්වෙන්නේ කුමකටද?