එෆ්.අස්ලම්
ආරක්ෂක හමුදාව හා කොටි සංවිධානය යන දෙපාර්ශ්වයම අතින්ම යුද අපරාධ සිදුව ඇති බව කියමින් අතීතය අමතක කර සාමදානයෙන් මෙම ගැටලුව විසඳා ගැනීමේ අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්පන්දන් මහතා පැවසීය.
යුද සමයේ සිදුවූ සිද්ධීන් ආරක්ෂක හමුදාව හා කොටි සංවිධානය යන දෙපාර්ශ්වය අතින්ම සිදුවූ බවත් සිදුවූ දෑ අමතක කර සාමදානයෙන් මෙම ගැටලුව විසඳාගමු යනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කිලිනොච්චියේදී පසුගියදා කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සම්පන්දන් මහතා ඒ බව කීවේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ සම්බන්ධන් මහතා මෙසේද කීය.
‘‘අවසන් යුද්ධයේදී මෙරට තුළ යුද අපරාධ වූ බව අගතියට පත්වූවන් අතරින් කරන ලද විමර්ශනවලින් තහවුරු වී තිබෙනවා. ශ්‍රීලංකාවට පැමිණී විදේශීය රාජ්‍ය නායකයින්ට සහ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්ටද පීඩාවට පත්වූ ජනතාව මේ බව සැලකර තිබෙනවා.
මෙනිසා යුද අපරාධ දෙපාර්ශ්වයම සිදුකලා කියලා දෙපාර්ශ්වයම අවබෝධ කරගෙන සිටිනවා කියලා කිසිවෙකුට මේ චෝදනාවලින් මිදී යා නොහැකියි.
එක් රටක යුද්ධයක් පවතින්නේ නම් යුද මූලධර්මයන් න්‍යායන් අනුගමනය කළයුතුයි. ඒ වගේම ඒ රටේ සාමාන්‍ය සිවිල් ජනතාව සුරක්ෂා කළයුතුයි.මේ සියල්ල විසිකර දමලා ශ්‍රීලංකා හමුදාව යුද අපරාධ හා මානව හිමිකම් කඩකිරීම් අවසන් යුද වකවානුවේදී සිදුකලා.දහස් ගණනක සාමාන්‍ය ජනතාවක් මේවාට ගොදුරු වුනා.දහස් ගණනක පිරිසක් අතුරුදහන් කලා.මෙවන් තත්වයක් තිබියෙදී තමයි යුද අපරාධ සිදුවුන බව පිළිගෙන අගමැති රනිල් වික්‍රමසිංහ සිදුවූ දෑ අමතක කරමු සමාදානයෙන් මෙම ප්‍රශ්නය විසදාගමු කියල ප්‍රකාශ කළේ.
ඒ වගේම ආරක්ෂක හමුදාව අතින් යුද අපරාධ සිදුවුනා කියල අග්‍රාමාත්‍යවරයා පිළිගැනීමද අගය කළයුතුයි. එහෙත් ඔහුගේ අමතක කරමු සමාදාන වෙමු කියන ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරනවා.ඊට කිසිවිටක ඉඩ තබන්නෙ නැහැ.ජාත්‍යන්තරයත් ඊට කිසිවිටක ඉඩ නොතබනු ඇති. ආරක්ෂක හමුදාව විසින් කරපු යුද අපරාධවලින් පීඩාවට පත්වූවන් තවමත් උතුරේ ජීවත් වෙනවා.අගතියට පත්වූවන්ටත් ඝාතනයට ලක්වූවන්ටත් අතුරුදහන් කරනු ලැබූවන්ටත් යුක්තිය ඉටුවිය යුතුයි.ජාත්‍යන්තර යාන්ත්‍රණයක් මගින් සත්‍ය සොයාගත යුතුයි.අපරාධකරුවන්ට දඬුවම් ලබාදිය යුතුයි.‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුල අමතකයි නේද ලොකු උන්නැහේ පණ බයේ හිටිය විදිය. අර මිලෙච්ච ප්‍රබාකරන් කියන අලුගෝසුවට. අනේද කියන්නේ....
ඔව් ඔව්. ප්‍රභාකරන් ඇතුළු පිරිස කරපු සියලුම වැරදි හෙලිකල යුතුයි.
සම්බන්ධන් මහත්තයා. අපි දන්නා හැටියට ලංකාවේ යුද්ධයක් තිබුනේ නැත. තිබුනේ ත්‍රස්තවාදී ව්‍යාපාරයක්. එක මැඩපැවැත්වීම රාජ්‍යයක වගකීමක්. ජාත්‍යන්තර යුධ නීති ඒකට බලපාන්නේ නැත.
හරිම අසාධාරණ දුශ්ට චේතනාවෙන් කරන ප්‍රකාශයක් විදිහට මෙතුමාගේ ප්‍රකාශ කිරීම මා දකිනවා.හොදයි. අවසාන කාල වකවානුවේ සිදුවුණු ත්‍රස්තවාදීන්ගේ මිලේච්ඡ අපරාධ මෙතුමා බාරගන්නවා නම් ප්‍රශ්නයක් නැ. මොකද ඒවා බාරගන්න ත්‍රස්තවාදීන් අද වෙනකොට ජීවතුන් අතර නැති නිසා. මෙවැනි නායකයන් කියාගන්නා අය තමයි සිංහල දෙමළ සමගිය නැතිකරන්නෙ.
මේ රටේ සාමාන්‍ය මිනිසුන් මැරැවේත් යුධ අපරාධ කලෙත් එල්ටීටීඊ සංවිධානයයි. අපේ රටේ හමුදාව කළේ මේ රට සහ රටවැසියන් බේරාගැනීමයි. එය නිත්‍යානුකූල හමුදාවක යුතුකමකි. මේ රට දෙකඩ කරන්න බලන් ඉන්න මේ රටේම ඉදන් මේ රටට විනකරණ අය අපරාධකාරයන් ලෙස නම්කළ යුතුයි.
සංහිදියාව දෙපිටින් යන්නේ ඔය වගේ කතා ඇහෙන කොටයි.
මේ කොහෙවත් යන තමිල්නාඩුවේ කට්ටිය එහාටම පන්නලා දැම්මනන් ඉවරයි.
එල්ටීටීඊ සහය දෙන අය අත්අඩංගුවට ගන්න දෙයි ආයේ
එහෙමනං කොටි ත්‍රස්තයන් කළ අපරාධය ඔයා බාරගන්න.
වැරදි කොරලා නැත් නම් විබාගයකට මුහුණ දෙන්න බයවෙන්නේ ඇයි? ඉහලින් කොමෙන්ට් ගහලා තියන කවුරුත් බයයි වගේ නේ!
ප්‍රබාකරන් කරපු අපරාද ප්‍රථමයෙන් පරීක්ෂණ කරන්න.
යුද්දයක් කියන්නේ අපරාදයක් තමා මේ ලෝකයේ කොතැනක උනත් .... යුද්ධයක් වෙන්නේ නැහැ අපේ රටේ සීද්දිය ත්‍රස්තවාදයට විරුද්ධව නීත්‍යනුකුල රජයන් ක්‍රියාකරලා තියෙනවා. ත්‍රස්තවාදයක් කියන්නේ නීත්‍යනුකුල නිල හමුදාවන්ට විරුද්දව සහ අහිංසක සාමාන්‍ය ජනතාවට එරෙහිව අවි ආයුද පාවිච්චි කිරීම , අතන මෙතන ප්‍රකාශ නිකුත්කරන්නේ නැතුව ඔය කියන ජාත්‍යන්තර ආයතන වලට විවෘත සංවාදයකට එන්න කියමු...
තවත් ලජ්ජා නැතුව යනවනේ පස්සෙන්....
අලිමංකඩ තිබෙන්නේ පාමංකඩ කියා සිතපු අය යුද්ද අපරාද පිළිගන්න වනම් ඔවුන් විදුලි පුටුවේ නොව ගිනියම් කල උලක වාඩි කලත් අපිට කමක් නැත. වාඩි කරනවා බලන්න අපි එන්නම්
හරි. දැන් එල්ටීටීඊ කරපු යුද අපරාධ ඊට මුදල් වියදම් කරපු ඩයස්පෝරාව භාර ගන්න. නැව් සමාගම්, දුරකථන ජාල විකුණල වන්දි දෙන්න. රජය හමුදාවෙන් උන වැරැදි වලට වන්දි දෙන්න . ප්‍රශ්නය ඉවරයි නේ.
හා එහෙනම් 1983 දී ඝාතන පටන්ගත්ත පොලිස් හා හමුදා නිලදාරීන් 14 දෙනා මෙන්ම කොටින් විසින් ගම්මාන පිටින් මෙන්ම මගී ප්‍රවාහ රථ විනාස කිරීම් මගින් ඝාතනය කල සිවිල් වැසියන් සිංහල මෙන්ම සුළු ජාතීන් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරලා පටන් ගනිමු
දකුණේ බෝම්බ වලින් මැරුණ අය වෙනුවෙන් කතාකරන්න කවුරුත් නැහැ.
සිංහල අපිට ඔබලා සමග සමාදානයක් නැත.
අපේ හමුදාව යුද්ද දිනන්න කල දේවල් යුද්ද අපරාද නොවෙයි මරපු හැම එක්කෙනෙක්ම ත්‍රස්තයෙක්. අපේ හමුදාව වැරදි කළා කියා කියන කෙනත් ත්‍රස්තයෙක්.
මේ අය හිතාගෙන ඉන්නේ අපි බයට මුහුණ දෙන්නේ නැහැ කියලා. අපි ත්‍රස්තයින්වයි පරාද කලේ එය කලයුතු දෙයක්.
රාත්තලම ඕනෑ වගේ ! ... අපේ රට කෑවා මදිද ??