IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


යුදහමුදාපතිගේ සංචාරක තහනම ඇමෙරිකානු දේශපාලන වුවමනාවක්

(බිඟුන් මේනක ගමගේ) 

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට ඇමෙරිකා සංචාරක තහනමක් පනවනු ලැබීමෙන් එක්සත් ජනපදය උත්සාහ කරන්නේ සිය දේශපාලන වුවමනා අනුව ලංකා රජය හසුරවා ගැනීමට යැයි දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක නීතිඥ ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා අද (18) පැවසීය.

ශවේන්ද්‍ර සිල්වා යනු එක් පුද්ගලයකු පමණක් යැයි ද පුද්ගලයකු ඉලක්ක කරගෙන දේශපාලන තීන්දු ගැනීමෙන් උතුරේ දෙමළ ජනතාවට ලැබෙන සහනයක් නැතැයි ද පොන්නම්බලම් මහතා කීය. 

එක්සත් ජාතික පක්ෂ හවුල්කාර ආණ්ඩුව පැවැති සමයේ දී ඇමෙරිකා එක්සත් ජනපදය දෙමළ ප්‍රශ්න සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කළේ යැයි චෝදනා කළ හෙතෙම මෙම තීන්දුවෙන් නැවතත් පණිවුඩයක් දී තිබෙන්නේ තමන්ගේ වුවමනා ඉටුකරන්නේ නම් ආණ්ඩුවලට බාධාවක් නොවන බව යැයි ද අවධාරණය කර කීය. 

එම නිසා ඇමෙරිකාවේ මෙම තීන්දුව ලොකු දෙයක් හැටියට නොසළකන්නැයි දෙමළ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ යැයි ද ඒ මහතා කීය.

සිංහල දේශපාලන නායකත්වය දෙමළ ජනතා ප්‍රශ්නවලට නිසි විසඳුමක් දෙන්නේ නම් බාහිර කිසිදු පාර්ශ්වයක් ලංකාවේ ප්‍රශ්නවලට ඇඟිලි නොගසනු ඇතැයි ද ගජේන්ද්‍රකුමාර් මහතා කීය.

කෙසේ වෙතත් පාලක කණ්ඩායමෙන් එවැනි වුවමනාවක් පෙනෙන්නට නැතැයි ද ගජේන්ද්‍රකුමාර් මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 



අදහස් (3)

යුදහමුදාපතිගේ සංචාරක තහනම ඇමෙරිකානු දේශපාලන වුවමනාවක්

sharm warn Tuesday, 18 February 2020 09:07 AM

අර සුමන්දිරන්ලාට මනෝ ගනේෂන්ලා ට කනට ගැහුවා වගේ ඇති මේ කතාව. පොන්නම්බලම් මහත්මයා ඔබ සම්පුර්ණයෙන් ම නිවැරදියි. අද ලෝකයේ බොහෝ බලපෑම් සිද්ධ වෙන්නේ දේශපාලනික උවමනා එපාකම් වලට. මනුෂ්‍ය යහපත ට නෙමෙයි. හොරෙකුට ත්‍රස්තවාදියෙකුට තියෙන මානව හිමිකම් එවුන්ගෙන් බැට කන දුක් විදින සාමාන්‍ය ජනතාවට නැහැ. ඒ වගේම කිසිම දේශපාලන පක්ෂයක් හෝ ආණ්ඩුවක් සාමන්‍ය ජනයාගේ ප්‍රශ්න විසදන්න ලොකුවට මහන්සි වෙන්නෙත් නැහැ. ඒක දෙමල දේශපාලනඥයන්ටත් වලංගුයි .

:       0       0

[email protected] Tuesday, 18 February 2020 09:21 AM

මේගොල්ලෝ ඉල්ලන දේවල් දෙන්නන පුළුවන්ද ? පොලිස් බලතල, ඉඩම් බලතල උතුර -නෙගෙනහිර යා කිරිල්ල. එතකොට කොළඹ ඉන්න අයට වෙනම නගර සභා දෙන්න වෙයි.

:       0       0

Kumar Tuesday, 18 February 2020 02:21 PM

ඇමෙරිකාවට යන්නේ නැතිව ඉන්න බරිද්‍ර? චීනයට රුසියාව උතුරු කොරියාව වගේ රටවල්වලට ගියාට හරිනැද්ද? සෑම රටකටම එම රටට පැමිණෙන ඕනෑම කෙනෙක් ගැන ස්වාධින තීරණයක් ගන්න අයිතියක් තිබෙනවා. ලංකාවේ ඉන්න ලොකු ලොක්කෝ එන්ජීඕ ලට බනිනවා. එන්ජීඕ ල රටෙන් පලවා හරින්න තරම් එඩිතර කෙනක් නැද්ද? ලංකාවේ ලොකු ලොක්කන්ගේ කටවල් වේලලා තියාගන්න වටිනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 186 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 253 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1139 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site