(ඉන්දික අරුණ කුමාර)
යුද්ධයට නායකත්වය දුන් ඇතැම් පුද්ගලයින් ජාතික ආරාක්ෂාව සම්බන්ධයෙන් කතා කරන ආකාරය ඉතා කනගාටුදායක බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද(16) පැවසීය.
රටේ ජාතික ආරක්ෂාව දුර්වල වී ඇති බවත්, ජාතික ආරක්ෂාව ගොඩ නැගීම සඳහා කිසිවෙකුටත් උනන්දුවක් නොමැති බවත් සඳහන් කරමින් ඉතා පහත් පෙළේ කතා මාධ්‍ය තුළ අසන්නට ලැබෙන බවත් හෙතෙම කියා සිටියේය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේ අද(16) නාඋල - කොහොලන්වල විශේෂ බලකා මූලස්ථානයේ දී ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ බලකාය වෙත ජනාධිපති රණ පරශුව සහ රෙජිමේන්තු රණ පරශුව යන ජනාධිපති වර්ණ ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමිනි.
එහිදී වැඩිදුරත් අදහස් දැක්වු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙසේ ද කියා සිටියේය.
‘ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විශේෂ බලකාය වෙත ජනාධිපති රණ පරශු වර්ණ ප්‍රදාන පිළිගැන්වීම සඳහා එක්වීම සම්බන්ධයෙන් මම ඉතාමත් සතුටට පත්වෙනවා. ශ්‍රී ලංකා යුද හමුදාවත්, නාවික සහ ගුවන් හමුදාවත්, ඒ වගේම පොලිසියත් වසර 30 කට අධික ත්‍රස්තවාදී යුද්ධය පරාජය කිරීමට කරන ලද කැපවීම් කිසිසේත්ම අමතක කළ නොහැකියි. ලෝකයේ ප්‍රබලම ත්‍රස්තවාදී සංවිධානයක් වූ එල්. ටී. ටී. ඊ. ත්‍රස්ත සංවිධානයට අපේ රණවිරුවන් ජීවිත දහස් ගණනක් පරිත්‍යාග කළා. අපේ රණවිරුවන් තුළ තිබෙන තීක්ෂණ ඥානය, බුද්ධිය, උපක්‍රමශිලීත්වය, සටන්කාමීත්වය හා කැපවීම අධිෂ්ඨානශීලී බව ඔබෙත් මගේත් මාතෘ භූමිය වෙනුවෙන් කැපකලා.
තිස් අවුරුදු යුද්ධයෙන් මියැදුණු හමුදා විරුවන්, පොලිසිය සහ සිවිල් ආරක්ෂක නිලධාරීන් සහ සිවිල් ජනතාව මම ඉතා ගෞරවයෙන් හා වේදනාවෙන් සිහිකරනවා. අප්‍රේල් 21 වන දා සිදුවු ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳව අපි දැඩි සේ කම්පාවට පත්වෙනවා. එම ත්‍රස්තවාදීන් විනාශ කරන්නට, ඔවුන් අත්අඩංගුවට ගන්නට, ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු සෑම කෙනෙක්ම සිදුකළ කැපවීම විශිෂ්ටයි.
යුද්ධයේ දී නායකත්වය දුන්, යුද්ධය මෙහෙයවූ ඇතැම් පුද්ගලයින් අද මේ රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව කතාකරන ආකාරය ඉතාමත්ම කනගාටුදායකයි. මේ රටේ ජාතික ආරක්ෂාව සහතික වී නැහැ, දුර්වල වෙලා, ජාතික ආරක්ෂාව ගොඩ නගන්නට කිසිවෙකුටවත් උනන්දුවක් නැහැ කියලා ඉතාමත් පහත් පෙළේ කතා අපිට ජන මාධ්‍ය තුළ අසන්නට හා දකින්නට ලැබෙනවා.
දේශපාලන න්‍යාය පත්‍ර, පුද්ගලික න්‍යාය පත්‍ර, තමන්ගේ තිබෙන දේශපාලන කුහකකම් යන මේවා ප්‍රදර්ශනය කරන්නන් තමයි ජාතික ආරක්ෂාව ගැන මෙවැනි ප්‍රකාශ සිදුකරන්නේ. ඔවුන් එසේ කතාකිරීම තුළ රටේ සාමාන්‍ය ජනතාව බියට හා සැකයට පත්වෙනවා. ජාතික ආරක්ෂාව පිළිබදව ත්‍රිවිධ හමුදාවත් පොලිසියත් සිය වගකීම් මනාව ඉටුකරමින් විශිෂ්ට ලෙස කැපවීම් කරමින් සිටින අවස්ථාවක එම සේවාව පහත් කොට සලකන අය ගැන මම දැඩිසේ කනගාටු වෙනවා.
ඒ සියල්ල යම් යම් දේශපාලන න්‍යාය පත්‍රයි. නමුත් රණවරුවන් එවැනි දේශපාලන ව්‍යාපාරවලට අයිති අය නෙවෙයි. ඒ නිසා මගෙත් රජයෙත් ගෞරවය ඔබලාට හිමිවෙනවා. මේ විශේෂ බලකාය නිර්මාණය කරන්නට පුරෝගාමී වූ විශ්‍රාමික මේජර් ජනරල් ගාමීණි හෙට්ට් ආරච්චි මහතාට මගේ විශේෂ ස්තුතිය රජය වෙනුවෙන් පිරි නමනවා. “
මෙම අවස්ථාවට ත්‍රිවිධ හමුදාපතිවරු, රෙජිමේන්තු භාර නිලධාරීහු, ආරක්ෂ අංශ විශ්‍රාමික නිලධාරීහු රැසක් ද එක්ව සිටියහ.
ආණ්ඩුවේ නොහැකියාව නිසා අද වන වන විට පාරිභෝගිකයා මෙන්ම නිෂ්පාදකයා යන දෙදෙනාම බැටකන තත්ත්වයට පත්වී තිබෙන බව අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩා
විපක්ෂයට ජාතික ජන බලවේගයේ සටන් පාඨ අරගෙන ඉදිරියට යාමට සිදුවීම රටේ ජයග්‍රහණයක් බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සුසන්ත දොඩාවත්ත මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තු
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයින් සහ හිටපු රාජ්‍ය නායකයින් සහ ඔවුන්ගේ වැන්දඹුවන් භුක්ති විඳින වරප්‍රසාද සුදුසු ලෙස කප්පාදු කිර
පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් පනත සංශෝධනය කිරීම සඳහා මේ වන විට කෙටුම්පත් කරමින් සිටින බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද වි
මාදුරුඔය ජලාශයට අද (09) උදෑසන කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සෙබළුන් 6 දෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.
ලෝක බැංකුවේ සහ ආසියා සංවර්ධන බැංකුවේ පූර්ණ අන්‍යෝන්‍ය විශ්වාසය පිළිබඳ කාර්ය රාමුව යටතේ ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
‘යුද්ධයට නායකත්වය දුන් පුද්ගලයින් ජාතික ආරක්ෂාව ගැන කතා කරන හැටි කනගාටුදායකයි’
sirimal Friday, 16 August 2019 12:19 PM
ඔය කියන්නේ ඔබතුමාට ජනාධිපති තනතුර අරගෙන දෙන්න දර දිය ඇදපු සමහරු "වෙල් විදානේ" කියලා හඳුන්වන කෙනා ගැනනේ... අපට දැන් ආරංචි වෙන්නේ නම් "රටේ ජාතික ආරක්ෂාව අනතුරේ මුව විටට පැමිණ තියෙනවා" කියලයි. වත්මන් හමුදාපතිවරයාගේ ධුරකාලයේ රාජකාරියේ නියුක්ත වන අවසාන දිනය අගෝස්තු 18 වෙනිදායි. ඔහු සේවා දිගුවක් ඉල්ලා නැති බැවින් නව හමුදාපති වශයෙන් ශවීන්ද්‍ර සිල්වා මහතා පත්කිරීමට නියමිත බවත් වාර්තා වෙනවනේ... සමහරු දැනටමත් එතුමාට සුබපැතීමේ පණිවිඩ පවා ප්‍රසිද්ධ කර තිබෙනවා. එහෙම වුනොත් දැන් මලකඩ කමින් තියෙන " රණවිරුවන් කැන්දාගෙන යන්න හදාපු දන්ගෙඩියට " ආයෙත් පණ එයි.. කියලත් සමහරු කියනවා. අනේ අපිනම් දන්නේ නෑ ඕවගේ ඇත්ත නැත්ත ඔන්න...
ලුම්බිණි Friday, 16 August 2019 12:24 PM
ඔබතුමා කොපමණ අපූරුවට ජාතික ආරක්ෂාව ගැන බැලුවද කියන එක පාස්කු ඉරිදා සිදුවූ දෙයින් අපි දැක්කානේ...
RaveendraFriday, 16 August 2019 01:41 PM
එක අතකින් හරීන් ගොයියා බය ගුල්ලා වුණාට මිනිහා නිවැරදියි. තාත්ත කිව්වා පුතේ උඹ අද එලියට බහින්න එපා කියලා. ගොයියා ඇඳයටට ගිහින් ජිවිතේ බේරගත්තා. අපේ වැටකොළු මුදලාලිලා එදා කොහෙද හිටියේ..? එයාට කව්ද කිව්වේ රටේවත් ඉන්න එපා කියලා? ඒ ගැන මිනිහ තාමත් කට අරින්නේ නැහැනේ...
Dilan Friday, 16 August 2019 02:28 PM
ජාතික ආරක්ෂාව ගැන ඔවුන් කියන්නේ බොරුවක් නොවන බව පාස්කු දින ප්‍රහාරයක් ඔප්පු වුණා. ඔක්කොම ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගත්තා කිව්වා. ගත්තට වැඩිය ඉක්මනින් නිදහස් කළා. අදටත් ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගන්නවා. ජාතික ආරක්ෂාව ගැන බොරු කියන්නේ ඔවුන් නොවෙයි ඔබතුමානේ....
Hafeel Friday, 16 August 2019 03:35 PM
එතකොට යුද්ධයට නායකත්වය දුන්නේ ඔයා නොවේද? එදා ඔයා කිව්වා නේද කොටි ගහනවා කියලා බයට එවකට හිටපු ජනාධිපති, හමුදාපති, ආරක්ෂක ලේකම් රටින් පිටව ගියා කියලා.... අපි හිතුවේ ඔයා තමයි යුද්ධයට නායකත්වය දුන්නයි කියලා. එදා කිව්ව එකද, නැතිනම් අද කිව්ව එකද ඇත්ත? නැත්නං, දෙකම බොරු ප්‍රකාශද?
Chanak los angeles Friday, 16 August 2019 05:20 PM
ලංකාව යනු සැම සම්පතකින්ම හෙබිරටක්... කරුමෙකට කුහක දේශපාලකයන්ගේ දූෂණ, වංචා මෙන්ම බල අරගල නිසා මේ සම්පත්වලින් ප්‍රයෝජනයක් ගන්න නොහැකිව ජනතාව අන්ත අසරණභාවයටම පත්වෙලා...
BamunuarachchSaturday, 17 August 2019 02:47 AM
හික් හික්..! මේ හාදයා ජෙප්පොන්ටත් බනිනවා, එජාපෙ ගොයියන්ටත් බනිනවා. සාටකේටත් බනිනවා අහන්න දෙයක් නැහැ හම්බයෙක් වෙන්නැති..
nimalSaturday, 17 August 2019 04:03 AM
එකහෙළා පිළිගනිමි. අනේ අප්පේ කවද යහපත් පාලකයින් බිහිවෙයිද?
අසිත Saturday, 17 August 2019 01:21 AM
ඇත්තටම ඔබතුමා අපිට ලොකු පාඩමක් කියලා දුන්නු නායකයෙක්... ඒකට හේතුව තමයි මීට පසුවවත් නායකයෙක් තෝරගන්න කොට ඡන්ද දායකයින් වශයෙන් ඔබතුමා වැනි බුද්ධිමත් නායකයන් තෝරා නොගත යුතුය යන්නයි. 2015 අම්බරුකම නැවත අපි නොකරමු..
Bamunuarachchi Saturday, 17 August 2019 02:44 AM
ඔබට කණගාටු වීමට හේතුවක් නැත. ඇත්තේ දුක්වීම පමණය. යුද්ධයට නායකත්වය දුන් ඒ මහතා කතා කරන්නේ කාටවත් පක්ෂග්‍රාහීව නොවෙයි. ඔබ රටේ ආරක්ෂාව ගැන දන්නා ඉටිගෙඩිය කුමක්ද? ඔබේ ආරක්ෂාව සලසා දෙන්නෙත් ආරක්ෂක නිලධාරීන්ය. කිසියම් ස්ථානයකදී ඔවුන් ඔබට කීවොත් වාඩිවෙන්න එපා හිටගෙන ඉන්න කියා ඔබ එය කළ යුතුයි. යුද්ධයට නායකත්වය දුන් ඒ මහතාට රටේ ආරක්ෂාව ගැන ඇති දැනීම ඔබට කොයින්ද? විකාර කියවන්න එපා...
Mahee Saturday, 17 August 2019 03:29 AM
යකෝ, මං හිතන් හිටියේ යුද්ධයට නායකත්වය දුන්නේ අර දෙන්න කියලනේ. ඒ දෙන්නා කියන්නේ නම් අයිය මලෝ තමයි එහෙම කලේ කියලා. ඔය නායකත්වය දුන්නයි කියන අනික් හාදය කට කැඩිච්ච කතාවක් කිව්වා කියලනේ අල්ලලා හිරේ දැම්මෙත්. කොහොම වුනත් එයා කට කැඩිච්ච කතා කියන්න දක්ෂයා බව කවුරුත් දන්නවනේ.
BamunuarachchiSaturday, 17 August 2019 04:54 PM
යුද්ධය ගැන ඔබදන්නා ප්‍රමාණයනේ ඔබ කීවේ නමුත් අර ගොයියා අමාරුවේ වැටුනේ.. මූසිලයාගේ චරිතය රඟ දක්වන්න ගිහිල්ලා. මෑන් හිතුවේ තමන් පමණයි යුද්ධය කෙරුවේ කියලා..
shan Saturday, 17 August 2019 06:30 AM
යුද්ධය ගැන හෝ රටේ ආරක්ෂාව හෝ රාජ්‍ය පාලනය ගැන අබමල් රේණුවක් නොදන්නා ග්‍රාමසේවක කෙනෙක් ජනපති ලෙස පත් කර රටේ ජනතාවට, රටට, විනාශයක්... මොහු දන්නේ රටේ විනාශයක් වන බව දැනගත් විට රටෙන් පලායාමට විතරයි.