(ඉන්දික අරුණ කුමාර)
යුද්ධයට නායකත්වය දුන් ඇතැම් පුද්ගලයින් ජාතික ආරාක්ෂාව සම්බන්ධයෙන් කතා කරන ආකාරය ඉතා කනගාටුදායක බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද(16) පැවසීය.
රටේ ජාතික ආරක්ෂාව දුර්වල වී ඇති බවත්, ජාතික ආරක්ෂාව ගොඩ නැගීම සඳහා කිසිවෙකුටත් උනන්දුවක් නොමැති බවත් සඳහන් කරමින් ඉතා පහත් පෙළේ කතා මාධ්‍ය තුළ අසන්නට ලැබෙන බවත් හෙතෙම කියා සිටියේය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේ අද(16) නාඋල - කොහොලන්වල විශේෂ බලකා මූලස්ථානයේ දී ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ බලකාය වෙත ජනාධිපති රණ පරශුව සහ රෙජිමේන්තු රණ පරශුව යන ජනාධිපති වර්ණ ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමිනි.
එහිදී වැඩිදුරත් අදහස් දැක්වු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙසේ ද කියා සිටියේය.
‘ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විශේෂ බලකාය වෙත ජනාධිපති රණ පරශු වර්ණ ප්‍රදාන පිළිගැන්වීම සඳහා එක්වීම සම්බන්ධයෙන් මම ඉතාමත් සතුටට පත්වෙනවා. ශ්‍රී ලංකා යුද හමුදාවත්, නාවික සහ ගුවන් හමුදාවත්, ඒ වගේම පොලිසියත් වසර 30 කට අධික ත්‍රස්තවාදී යුද්ධය පරාජය කිරීමට කරන ලද කැපවීම් කිසිසේත්ම අමතක කළ නොහැකියි. ලෝකයේ ප්‍රබලම ත්‍රස්තවාදී සංවිධානයක් වූ එල්. ටී. ටී. ඊ. ත්‍රස්ත සංවිධානයට අපේ රණවිරුවන් ජීවිත දහස් ගණනක් පරිත්‍යාග කළා. අපේ රණවිරුවන් තුළ තිබෙන තීක්ෂණ ඥානය, බුද්ධිය, උපක්‍රමශිලීත්වය, සටන්කාමීත්වය හා කැපවීම අධිෂ්ඨානශීලී බව ඔබෙත් මගේත් මාතෘ භූමිය වෙනුවෙන් කැපකලා.
තිස් අවුරුදු යුද්ධයෙන් මියැදුණු හමුදා විරුවන්, පොලිසිය සහ සිවිල් ආරක්ෂක නිලධාරීන් සහ සිවිල් ජනතාව මම ඉතා ගෞරවයෙන් හා වේදනාවෙන් සිහිකරනවා. අප්‍රේල් 21 වන දා සිදුවු ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳව අපි දැඩි සේ කම්පාවට පත්වෙනවා. එම ත්‍රස්තවාදීන් විනාශ කරන්නට, ඔවුන් අත්අඩංගුවට ගන්නට, ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු සෑම කෙනෙක්ම සිදුකළ කැපවීම විශිෂ්ටයි.
යුද්ධයේ දී නායකත්වය දුන්, යුද්ධය මෙහෙයවූ ඇතැම් පුද්ගලයින් අද මේ රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව කතාකරන ආකාරය ඉතාමත්ම කනගාටුදායකයි. මේ රටේ ජාතික ආරක්ෂාව සහතික වී නැහැ, දුර්වල වෙලා, ජාතික ආරක්ෂාව ගොඩ නගන්නට කිසිවෙකුටවත් උනන්දුවක් නැහැ කියලා ඉතාමත් පහත් පෙළේ කතා අපිට ජන මාධ්‍ය තුළ අසන්නට හා දකින්නට ලැබෙනවා.
දේශපාලන න්‍යාය පත්‍ර, පුද්ගලික න්‍යාය පත්‍ර, තමන්ගේ තිබෙන දේශපාලන කුහකකම් යන මේවා ප්‍රදර්ශනය කරන්නන් තමයි ජාතික ආරක්ෂාව ගැන මෙවැනි ප්‍රකාශ සිදුකරන්නේ. ඔවුන් එසේ කතාකිරීම තුළ රටේ සාමාන්‍ය ජනතාව බියට හා සැකයට පත්වෙනවා. ජාතික ආරක්ෂාව පිළිබදව ත්‍රිවිධ හමුදාවත් පොලිසියත් සිය වගකීම් මනාව ඉටුකරමින් විශිෂ්ට ලෙස කැපවීම් කරමින් සිටින අවස්ථාවක එම සේවාව පහත් කොට සලකන අය ගැන මම දැඩිසේ කනගාටු වෙනවා.
ඒ සියල්ල යම් යම් දේශපාලන න්‍යාය පත්‍රයි. නමුත් රණවරුවන් එවැනි දේශපාලන ව්‍යාපාරවලට අයිති අය නෙවෙයි. ඒ නිසා මගෙත් රජයෙත් ගෞරවය ඔබලාට හිමිවෙනවා. මේ විශේෂ බලකාය නිර්මාණය කරන්නට පුරෝගාමී වූ විශ්‍රාමික මේජර් ජනරල් ගාමීණි හෙට්ට් ආරච්චි මහතාට මගේ විශේෂ ස්තුතිය රජය වෙනුවෙන් පිරි නමනවා. “
මෙම අවස්ථාවට ත්‍රිවිධ හමුදාපතිවරු, රෙජිමේන්තු භාර නිලධාරීහු, ආරක්ෂ අංශ විශ්‍රාමික නිලධාරීහු රැසක් ද එක්ව සිටියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන්නේ ඔබතුමාට ජනාධිපති තනතුර අරගෙන දෙන්න දර දිය ඇදපු සමහරු "වෙල් විදානේ" කියලා හඳුන්වන කෙනා ගැනනේ... අපට දැන් ආරංචි වෙන්නේ නම් "රටේ ජාතික ආරක්ෂාව අනතුරේ මුව විටට පැමිණ තියෙනවා" කියලයි. වත්මන් හමුදාපතිවරයාගේ ධුරකාලයේ රාජකාරියේ නියුක්ත වන අවසාන දිනය අගෝස්තු 18 වෙනිදායි. ඔහු සේවා දිගුවක් ඉල්ලා නැති බැවින් නව හමුදාපති වශයෙන් ශවීන්ද්‍ර සිල්වා මහතා පත්කිරීමට නියමිත බවත් වාර්තා වෙනවනේ... සමහරු දැනටමත් එතුමාට සුබපැතීමේ පණිවිඩ පවා ප්‍රසිද්ධ කර තිබෙනවා. එහෙම වුනොත් දැන් මලකඩ කමින් තියෙන " රණවිරුවන් කැන්දාගෙන යන්න හදාපු දන්ගෙඩියට " ආයෙත් පණ එයි.. කියලත් සමහරු කියනවා. අනේ අපිනම් දන්නේ නෑ ඕවගේ ඇත්ත නැත්ත ඔන්න...
ඔබතුමා කොපමණ අපූරුවට ජාතික ආරක්ෂාව ගැන බැලුවද කියන එක පාස්කු ඉරිදා සිදුවූ දෙයින් අපි දැක්කානේ...
ජාතික ආරක්ෂාව ගැන ඔවුන් කියන්නේ බොරුවක් නොවන බව පාස්කු දින ප්‍රහාරයක් ඔප්පු වුණා. ඔක්කොම ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගත්තා කිව්වා. ගත්තට වැඩිය ඉක්මනින් නිදහස් කළා. අදටත් ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගන්නවා. ජාතික ආරක්ෂාව ගැන බොරු කියන්නේ ඔවුන් නොවෙයි ඔබතුමානේ....
එතකොට යුද්ධයට නායකත්වය දුන්නේ ඔයා නොවේද? එදා ඔයා කිව්වා නේද කොටි ගහනවා කියලා බයට එවකට හිටපු ජනාධිපති, හමුදාපති, ආරක්ෂක ලේකම් රටින් පිටව ගියා කියලා.... අපි හිතුවේ ඔයා තමයි යුද්ධයට නායකත්වය දුන්නයි කියලා. එදා කිව්ව එකද, නැතිනම් අද කිව්ව එකද ඇත්ත? නැත්නං, දෙකම බොරු ප්‍රකාශද?
ලංකාව යනු සැම සම්පතකින්ම හෙබිරටක්... කරුමෙකට කුහක දේශපාලකයන්ගේ දූෂණ, වංචා මෙන්ම බල අරගල නිසා මේ සම්පත්වලින් ප්‍රයෝජනයක් ගන්න නොහැකිව ජනතාව අන්ත අසරණභාවයටම පත්වෙලා...
ඇත්තටම ඔබතුමා අපිට ලොකු පාඩමක් කියලා දුන්නු නායකයෙක්... ඒකට හේතුව තමයි මීට පසුවවත් නායකයෙක් තෝරගන්න කොට ඡන්ද දායකයින් වශයෙන් ඔබතුමා වැනි බුද්ධිමත් නායකයන් තෝරා නොගත යුතුය යන්නයි. 2015 අම්බරුකම නැවත අපි නොකරමු..
ඔබට කණගාටු වීමට හේතුවක් නැත. ඇත්තේ දුක්වීම පමණය. යුද්ධයට නායකත්වය දුන් ඒ මහතා කතා කරන්නේ කාටවත් පක්ෂග්‍රාහීව නොවෙයි. ඔබ රටේ ආරක්ෂාව ගැන දන්නා ඉටිගෙඩිය කුමක්ද? ඔබේ ආරක්ෂාව සලසා දෙන්නෙත් ආරක්ෂක නිලධාරීන්ය. කිසියම් ස්ථානයකදී ඔවුන් ඔබට කීවොත් වාඩිවෙන්න එපා හිටගෙන ඉන්න කියා ඔබ එය කළ යුතුයි. යුද්ධයට නායකත්වය දුන් ඒ මහතාට රටේ ආරක්ෂාව ගැන ඇති දැනීම ඔබට කොයින්ද? විකාර කියවන්න එපා...
යකෝ, මං හිතන් හිටියේ යුද්ධයට නායකත්වය දුන්නේ අර දෙන්න කියලනේ. ඒ දෙන්නා කියන්නේ නම් අයිය මලෝ තමයි එහෙම කලේ කියලා. ඔය නායකත්වය දුන්නයි කියන අනික් හාදය කට කැඩිච්ච කතාවක් කිව්වා කියලනේ අල්ලලා හිරේ දැම්මෙත්. කොහොම වුනත් එයා කට කැඩිච්ච කතා කියන්න දක්ෂයා බව කවුරුත් දන්නවනේ.
යුද්ධය ගැන හෝ රටේ ආරක්ෂාව හෝ රාජ්‍ය පාලනය ගැන අබමල් රේණුවක් නොදන්නා ග්‍රාමසේවක කෙනෙක් ජනපති ලෙස පත් කර රටේ ජනතාවට, රටට, විනාශයක්... මොහු දන්නේ රටේ විනාශයක් වන බව දැනගත් විට රටෙන් පලායාමට විතරයි.