
(අජන්ත කුමාර අගලකඩ)
යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට පැවරීමට ගෙන ඇති තීරණයට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක නායකයන් ඉකුත් දා කොළඹින් ආරම්භ කළ "මහජන සභාව "රැස්වීම් මාලාව රට පුරා දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ .
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයන් ඉකුත් සතියේ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ නිවසේ රැස්වූ අවස්ථාවේදී ,මෙම තීරණය ගෙන ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි .
යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයන් මීට සති දෙකකට පමණ ඉහතදී මහජන සභාව නමින් රැස්වීමක් පිටකෝට්ටේ පිහිටි සෝලිස් ශාලාවේදී පැවැත් වූ අතර, එය රටපුරා පැවැත්විය යුතුය යන්න පක්ෂ නායකයන්ගේ අදහස බව එම පක්ෂ නායකයෙක් සඳහන් කළේය .
මේ අතර, යුගදනවි බලාගාරයේ කොටස් පැවරීමට අත්සන් කළ ගිවිසුමේ පිටපතක් ලබාදෙන්නැබයි ඉල්ලා හවුල්කාර පක්ෂවල නායකයන් මුදල් අමාත්‍යංශයට අභියාචනයක් ද ඉදිරිපත් කර ඇත .
එම ගිවිසුමේ පිටපතක් ඉල්ලා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ මහතා තොරතුරු දැනගැනීමේ පනත යටතේ මුදල් අමාත්‍යංශයෙන් ඉකුත්දා ඉල්ලීමක් කළ අතර, මුදල් අමාත්‍යංශය විසින් එය ප්‍රතික්ෂේප කරනු ලැබීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ආණ්ඩුවට ඕගොල්ලෝ අත් හරින්නත් බැහැ. ඕගොල්ලන් ආණ්ඩුව අත් හරින්නෙත් නැහැ. ඡන්ද ටික බේරගන්න කරන වෑයමක්...
ගම්මන්පිල රුපියල් 100 ගානෙත් ඉල්ලුවා නම් හරි... ඔය ගමන්ම... ආණ්ඩුව ඇතුලේ පොරවල් වෙන්න රටට නිවුස් හදනවා. මේ සෙට් එකම එලවන්න සභාවක් හදන්න කාලෙ හරි...
හවුල්කාර පක්ෂ 11ක නායකයින් මේ කරනු ලබන්නේ සත්‍ය දැනදැනත් රටේ ජනතාව තවදුරටත් රැවටීමේ ඉතාම පහත් මට්ටමේ දුෂිත අරමුණු ඇතිව කරනු ලබන මෙවන් ක්‍රියාවන් වහාම නවතා දැමිය යුතුවේ. කොළඹින් ආරම්භ කළ "මහජන සභාව "රැස්වීම් මාලාව රට පුරා දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වීමට තීරණය කර ඇතත් ජනතාව වෙනුවෙන් ගිවිසුම පිළිබඳව රටට කරුණු දැක්වීමට New Fortress Energy Inc සමාගම හෝ ඇමෙරිකානු තානාපති අංශ කටයුතු කරන්නේ නම් වැදගත් වේ. "මහජන සභාව "රැස්වීම් මාලාවට ප්‍රතිරෝධය දක්වා රැස්වීම් මාලාවක් තරුණයන් විසින් රට පුරා දියත්කළ යුතුව ඇත. පක්ෂ 11ක නායකයින් මේ කරනු ලබන්නේ රටේ අනගත දියුණුව වළකාලමින් ඔවුන්ගේ පටු දේශපාලන අරමුණු ඉටුකරගැනීමට දරන අසාර්ථක උත්සාහයක් වේ....
අපි ඕවට රැවටෙන්නේ නැහැ. ලබන සැරේ අපි දෙනවා බැටේ.