(නිමන්ති රණසිංහ)
නාරාහේන්පිට මෝටර් රථ දෙපාර්තමේන්තුවේ පැවරුම් අංශයේ යතුරුපැදි තුනක් නියමිත ක්‍රමවේදයෙන් තොරව පරිගණක පද්ධතියට ඇතුලත් කර ලේඛන තුනක් මුද්‍රණය කළැයි කොළඹ අපරාධ කොට්ඨාශය අත්අඩංගුට ගත් එම අංශයේ ලිපිකාරිනිය ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අද (08) නියෝග කළාය.
මෙය ජාලගතව සිදුකර ඇති බවට කරුණු අනාවරණය වන බැවින් සැකකාරියට ඇප ලබා දුනහොත් විමර්ශනවලට බාධාවන් සිදුවේ යැයි නිගමනය කල මහේස්ත්‍රාත්වරිය, සැකකාරියගේ ඇප ප්‍රතික්ෂේප කරමින් රක්ෂිත බන්ධනාගාර ගත කළාය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ මැදනයනමඩම, නයනමඩම පදිංචි රුවනි වික්‍රමසේකර අභයගුණරත්න නැමැත්තිය ය.
සැකකාරිය වෙනත් පරිගණකයකින් අනවසර ඇතුළු වී මෙම පැවරුම් තුන සිදුකර ඇති බවට කරුණු අනාවරණය වන බව කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට කරුණු වාර්තා කළේ ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීට වැඩිය ලිපිකරුවන්ගේ සහාය ඇතිව බෙදා හදාගෙන වංචා කරපු ඉහළම නිලධාරියෝත් ඔතන ඉන්නවා. මෝටරථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කියන්නේ හොර ගුහාවක්....