
(රුවන්පතිරණ)
කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ තෝලංගමුව ප්‍රදේශයේදී ටිපර් රථයක් කැබ් රථයක් හා යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් සිදු සිදුවූ අනතුරකින් යතුරු පැදිකරු මියගිය බව වරකාපොල පොලිසිය පවසයි.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ තුංතොට හොලොම්බුව ප්‍රදේශයේ පදිංචි දනන්සූරිය ආරච්චිලාගේ උපාලි ධම්මික කරුණාරත්න නැමැති (37) හැවිදිරි දෙදරු පියෙකි .
ටිපර් රථය නුවර ප්‍රදේශයේ සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබී ඇති අතර කැබ් රථය හා යතුරු පැදිය වරකාපොල දෙස සිට තෝලංගමුව දෙසට ගමන් කරමින් තිබී ඇත. එක්වරම කැබ් රථයේ රියදුරු තවත් වාහනයකට ඉස්සර කිරීමට වැරදි මංතීරුවේ ගමන් කරමින් සිටියදී ඉදිරියෙන් නිවැරදි මංතීරුවේ පැමිණි ටිපර් රථ රියදුරු අනතුර වළක්වා ගැනීමට දකුණු දෙසට හැරවීමේදී ඉදිරියෙන් පැමිණි යතුරු පැදියේ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව වරකාපොල පොලිසිය පවසයි .



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd