(වජිර ප්‍රසන්න)
දෙහිඅත්තකණ්ඩිය - සදුන්පුරදී එකම පවුලේ පස් දෙනෙකු ගමන්ගත් යතුරු පැදියක් අද (14) ටිපර් රථයක ගැටී සිදුවූ අනතුරකින් තිදෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතිබව දෙහිඅත්තකණ්ඩිය පොලිසිය පවසයි.
මෙම අනතුරින් යතුරු පැදිකරු සහ එහි ගමන්ගත් ඔහුගේ අවුරුදු 14 සහ අවුරුදු 09 ක පුතුන් දෙදෙනා ජීවිතක්ෂට පත්වී ඇත.
යතුරුපැදියේ ගමන්කළ මව සහ අවුරුදු 05 දරුවා බරපතල තුවාල ලබා දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පොළොන්නරුව මහරෝහලට මාරුකර යවා ඇත.
දෙහිඅත්තකණ්ඩිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
යතුරුපැදි කාරයින්ට ඔහොම වෙන එක පුදුම නැහැ. වාහන පදවන්නන් හැටියට අපිට යතුරුපැදි කාරයින් ගැන දුක්වීමට හේතුවක් නැත.
මෙච්චර ගානක් යතුරු පැදියේ යන්න පුලුවන්ද ?
යතුරුපැදි කරුවන්ගේ කෙරුවාවල් දන්නේ වාහන පදවන අපි. අපිත් අනන්ත වාරයක් කියලා ඇති ජීවිතයේ අවදානම.......
මොනවා කරන්නද.?
කරුණාකර මෝටර් සයිකල්, ත්‍රී වීල් ධාවකයින් ට අමතර මාර්ග වල සිදුවිය හැකි අනතුරු ගැන වැඩි දුර අනිවාර්ය පුහුණුවක් ලබාදෙන්න. මොකද මොවුන් ඉතා පහසුවෙන් අනතුරකදී ජීවිතක්ෂයට පත් විය හැක. දැන් පවතින ලයිසන් ක්‍රමයට අනුව 8 ගහපු ගමන් සියල්ල අවසන් වී. ලයිසන් එක අතටම ලැබේ. එය ඉක්මනින පරලොව යාමට දෙන පාස්පෝර්ට් එකක් වැනිය. බොහොමයක් තරුණ ජීවිත අකාලයේ මෝටර් සයිකල් ,ත්‍රීවීල් අනතුරු නිසා රටට අහිමි වෙමින් පවතී.
ටිපර් රථය පැදෙව්වේ බමුණුආරච්චි කියලා කෙනෙක් වගේ... ඒ අයට නොතේරුණාට බයිසිකලේ තමයි ඒ පස්දෙනාගේ පවුලේ එකම වාහනය. ඒ මිනිස්සු නීතිය නොදන්නවම නෙමෙයි. අනික ගෙදර කාරෙක තියාගෙන බයිසිකලේ ගියාවාගේ... නැත්තන් ඔය පළාතේ බස් තියෙනවා කියල හිතුවද? දෙහිඅත්ත කණ්ඩියේ වැනි ලංකාවේ ග්‍රාමික සාමාන්‍ය ජනජීවිතයේ ඇත්ත නොදන්නා ගොන් මැට්ටන් මැරිච්ච මිනිස්සුන්ටත් අපහාස කරනවා. කරුණාකර තේරුම් ගන්න දුප්පත්කම නිසයි ඒ අය මාරයාට අකාලයේ ගොදුරු වුනේ කියලා...
ටිපර් රථය පැදෙව්වේ බමුණුආරච්චි කියලා කෙනෙක් වගේ නොතේරුනාට බයිසිකලේ තමයි ඒ පස්දෙනාගේ පවුලේ එකම වාහනය. ඒ මිනිස්සු නිතිය නොදන්නවම නෙමෙයි.