(ඉන්දිකා රාමනායක)

යතුරු පැදියකින් ගමන් කරමින් සිටියි පුද්ගලයන් දෙදෙනකුට සහ කුඩා දරුවකුට එරාවුර් නගරයේ දී පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එරාවුර් පොලීසියේ රථවාහන අංශය රාජකාරි කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු අද(23) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

කොස්තාපල්වරයා වැඩ තහනමට ලක් කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි .

එරාවුර් නගරයේ දී  අනතුරක් සිදු වීමෙන් පසු රථ වාහන පොලිස් නිලධාරියා එම ස්ථානයට ගොස් අනතුර සිදු වූ ස්ථානයේ ටේප් පටියකින් මනිමින් සිටි අවස්ථාවේ දී ඉහත පුද්ගලයන් යතුරු පැදියෙන් වේගයෙන් පැමිණ එම ටේප් පටිය ද ඇදගෙන මීටර් 500 ක් පමණ දුරට ගොස් ඇති බවත් , පොලිස් නිලධාරියා ඔවුන් පසුපස හඹාගෙන ගොස් ඔවුන් නවතා පහරදීම සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි

සිද්ධිය සැලවීමත් සමගම මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් විශ්‍රාමික සරත් වීරසේකර මහතාගේ නියමයෙන් පරීක්ෂණයක් ආරම්භ කර, මෙම නිලධාරියා අත්අඩංගුවට ගෙන වැඩ තහනමට ලක්කර ඇත.

යතුරුපැදිකරුවන් සිද්ධියේදී වූ වරදක් සිදු කර තිබුණද පොලිස් නිලධාරියා නිලධාරියාගේ පහරදීම කිසිසේත් අනුමත නොකරන බව අමාත්‍යවරයා සඳහන් කරයි .