IMG-LOGO

යතුරුපැදි එන්ජින් ධාරිතා ගැන නීති නැතැයි ජනාධිපතිට පොලිස්පතිට ලියයි

බිඟුන් මේනක ගමගේ 


රියදුරු බලපත්‍ර පංතියෙන් නියම කර ඇති යතුරුපැදි එන්ජින් ධාරිතා සීමා හැරුණු විට මෙරට මාර්ගයේ ධාවනය කර හැකි යතුරුපැදි එන්ජින් ධාරිතාව සම්බන්ධයෙන් කිසිදු නෛතික සීමාවක් පනවා නැතැයි කියමින් සමස්ත ලංකා යතුරුපැදි හිමිකරුවන්ගේ සංගමය ජනාධිපති ලේකම්වරයාට හා වැඩබලන පොලිස්පතිවරයාට ලිපියක් යොමු කර ඇත.


සන්දීප් සම්පත් තරුණයා මුහුණ පෑ රිය අනතුර සම්බන්ධයෙන් මාධ්‍යයෙන් කරුණු වාර්තා කරද්දී ඔහු ධාවනය කළ යතුරුපැදිය ගැන සාවද්‍ය තොරතුරු වාර්තා වන්නේ යැයි ද මෝටර් වාහන පනත හා එහි නියෝග මගින් පනවා නැති නෛතික තත්ත්ව ඒවායෙන් වාර්තා වී ඇතැයි ද එම ලිපියේ සඳහන් කර ඇත.


සන්දීප් සම්පත් තරුණයා පදවා ඇත්තේ මාර්ගයේ ධාවනය සඳහා නිෂ්පාදනය කර ඇති  KTM DUKE 990 වර්ගයේ ලොව ප්‍රචලිත යතුරුපැදියක් යැයි ද එහි සිලින්ඩර ධාරිතාව සී.සී. 999.8 ක් යැයි ද සමස්ත ලංකා යතුරුපැදි හිමිකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

 
2013 වසරේ අප්‍රේල් මස 11 වැනිදා නිකුත් වූ අංක 1805/34 දරණ අති විශේෂ ගැසට් නිවේදනය ප්‍රකාරව මෙම යතුරුපැදිය ඇතුළු යතුරුපැදි රැසක් ලියාපදිංචි වී යැයි ද එහිදී එන්ජින් ධාරිතාව සී.සී. 450 ඉක්මවූ යතුරුපැදි ක්‍රීඩා කටයුතු සඳහා වූ යතුරුපැදි ලෙස හැඳින්වෙන ලෙස කටයුතු කරන්නේ ලියාපදිංචි කර හැකි සාමාන්‍ය යතුරුපැදි එන්ජින් ධාරිතා සීමාව සී.සී. 450 ලෙස පවත්වාගෙන යෑමට එවකට රජය එම අවස්ථාවේ දී තීරණය කර තිබුණු නිසා යැයි ද සිය ලිපිය මගින් එම සංගමය අවධාරණය කරයි.


ඒ හේතුවෙන් සී.සී. 450 ඉක්මවූ එම යතුරුපැදිවල ලියාපදිංචි සහතිකයේ කොන්දේසි පැනවීමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා කටයුතු කළැයි ද එහි සඳහන් වේ.


ඒ සියලුම යතුරුපැදි මාර්ගයේ ධාවනය සුදුසු ද යන්න තහවුරු කිරීමෙන් පසු ඒවා ලියාපදිංචි සහතිකයේ සාමාන්‍ය ”MOTORCYCLE ” වර්ගය යටතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිය සිදුවූ බැවින්, එම යතුරුපැදි මාර්ගයේ ධාවනය කිරීමට ලිඛිත අවසරයක් ලබා දීමට එකල ආරක්ෂක අමාත්‍යාංශය කටයුතු කර තිබුණේ යැයි ද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ. 


අගතියට පත් තරුණයා පැදවූ යතුරුපැදියක් මාතෘකා කරමින් ඊට අදාළ නීතිය පිළිබඳව අවබෝධයක් නොමැතිව රටේ ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියේ ජනතාව නොමග යවමින් ඉදිරිපත් කරනා කරුණු සම්බන්ධයෙන් තම දැඩි කනස්සල්ල හා කණගාටුව පල කරන්නේ යැයි ද මේ සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලෙස ඉල්ලා සිටින්නේ යැයි ද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.



අදහස් (10)

යතුරුපැදි එන්ජින් ධාරිතා ගැන නීති නැතැයි ජනාධිපතිට පොලිස්පතිට ලියයි

රවින් Monday, 23 December 2019 08:19 AM

අනේ මන්දා, ඇයි මේ මිනිසුන් නීතියේ හිඩැසින් හැම තිස්සෙම රිංගන්න බලන්නේ... රටක නීතියක් පවතින්නේ එරට සියලු වැසියන්ගේ සුබ සිද්ධිය පිණිස මිස රිංගන්න මානබලන අතලොස්සකගේ සුබ සිද්ධිය පිණිස නොවේ. කොහෙද දේශපාලුවන් හැමතැනම බලන්නේ උනුන්ගේ සාක්කු දෙස මිස පොදු ජනයාගේ සුබසිද්ධිය නොවේ. ආ !! අමතක වුණානේ. හරිහමන් අධ්‍යාපනයක් නොමැති එවුන් රටේ නීතිය හදන තැනට යැව්වාම ඔවුන් බලන්නේ නීතිය කඩන්න. නමන්න. රිංගන්න පුළුවන් තැන ගැන විතරයි. පහුගිය ටිකේම ප්‍රවෘත්ති වල තිබුනේ හොරකම්, මැරකම්, ජඩකම් අනිකා කරපු වැරදි ගැන...

:       182       277

hemanthaMonday, 23 December 2019 09:07 AM

ක්‍රීඩා කටයුතු සදහා ලියාපදිංචි කල මෝටර් සයිකලයක් ප්‍රධාන මාර්ගයක ධාවනය කරන්න නීතියේ තහනමක් නැතිද?

:       0       32

lambat Monday, 23 December 2019 08:59 AM

තව ටික දවසක් යද්දී පස්සේ ගිහින් අනුන්ව හප්පන එකත් වැරදි නැහැ කියලා මොකක් හරි තර්කයක් ගෙනෙයි. මේ ළමයා ඔය බයික් එක ඉන්ෂුවරන්ස් කරලා තිබුණා නම් අනුන්ගෙන් වන්දි ඉල්ලා ගෙන යන්න ඕන නැහැ. මම හිතන්නේ රඟපාන්න ගත්ත 1000 cc එකක්... 1000 cc එකක් පාරේ දුවන මාදිලියේ බදු නැතුව ගැනුම් මිල විතරක් ලක්ෂ 10ක් විතරවත් වෙනවා. එහෙම එකක් ඉන්ෂුවරන්ස් නොකර දිව්වේ මොකද? අනුන්ගේ බයික් එකකින් වැඩදාන්න ගිහින් නේද මේ කරදරය වුනේ? හැප්පුණාට පස්සේ කරදරේ වැටුණාම උදව් කළයුතුයි. එක පිනක්... නමුත් හැප්පෙයි කියලා රංගන පාට් දාන අය ඒ ගැනත් අවදානය යොමු කළොත් හොඳයි. රණවක 100% ක් හරි නැහැ. නමුත් ඒ ළමයත් 100% ක් හරි නැහැ. දෙන්නගේම වරදින් තමයි මේක වුනේ... නමුත් ඇත්තටම චම්පික පැනලා ගියානම් එතන මොකක් හරි ලොකු රහසක් තියෙනවා. මේ ඇක්සිඩන්ට් එක හින්දා පැනලා යන්න කිසිම හේතුවක් නැහැ. වෙන මොනවා හරි අවුලක් තිබිලා තියෙනවා පැනලා යන්න. සාධාරණ නඩු විභාගයකින් පස්සේ තමයි දැනගන්න වෙන්නේ ඇතුලේ හිටියේ චම්පිකද වෙන කෙනෙක්ද කියලා සහ අැයි පලාගියේ කියලා...

:       107       197

hemanthaMonday, 23 December 2019 10:48 AM

ඔය වෙලාවට පැනලා යනඑක තමයි හොඳම දේ... මොකද අපේ රටේ වැරැද්ද කාගේ වුණත් ලොකු වාහනේ රියදුරුට තරාතිරම නොබලා වටේ ඉන්න අය නෙලනවනේ...

:       0       7

සෙනෙවිරත්න Monday, 23 December 2019 09:00 AM

ක්‍රීඩා කටයුතු, 450 සීසී, ක්‍රීඩා කරන්නේ මහමගද? මට තේරෙන්නේ නැහැ.

:       0       77

lalithm Monday, 23 December 2019 09:09 AM

1000 cc යතරු පැදියක් ආම් බාන් කරන්නේ වත් කොහොමද දෙයියනේ. අපේ රටේ වගේ හපුටු පාරවල්වල යන්න මේ වගේ තඩි බයිසිකලයක් ගන්න ඔය කියන තරම් අහිංසක කොල්ලෙකුට බැහැ කියලා ඕනෙම බුරුවෙක්ට තේරෙනවා. පාඨලී තුමා වගේම මේ කතා නායකයත් මේ සිද්ධියේ කොටස් කාරයෝ වගේ තමා. කොහොමත් මේකේ නොපෙනෙන පැත්තක් තියෙනවා.

:       1       33

vinas deyiyo Monday, 23 December 2019 09:09 AM

දැන් මේ ඇක්සිඩන්ට් එක හින්දා සන්දීප පොහොට්ටු කාරයෙක් වෙලා පාඨලී යුඑන්පි කාරයෙක් වෙලා. ප්‍රශ්නය ගැන නෙමෙයි අවදානය පක්ෂ ගැනයි ජනතාවම අවදානය යොමුකරන්නේ. ඉතින් කොහොමද නීතියක් ස්ථාපිත කරලා රටක් හදන්නේ ..

:       1       86

sudeshMonday, 23 December 2019 10:14 AM

එතකොට හොර චීවරධාරි පූජකයින් මේකට තවම කට දාන්න ආවේ නැහැ නේද...?

:       2       6

athuraMonday, 23 December 2019 11:05 AM

කතාව සහතික ඇත්ත මහත්මයා. හැබැයි ඕකට තමයි සිස්ටම් චේන්ජ් කියන්නේ.

:       0       3

Rata Perata Monday, 23 December 2019 10:28 AM

පාඨලී පොහොට්ටුවේ උනානම් මේ කිසි ප්‍රශ්නයක් නෑ.

:       10       63

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 205 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 711 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1121 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site