(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ රොවන් පෙරේරා)
පුත්තලම අනුරාධපුර මාර්ගයේ සිරම්බිඅඩිය ප්‍රදේශයේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි යුවළක් මතට ගසක් කඩා වැටීමෙන් තුවාල ලැබ පුත්තලම මුලික රෝහලට ඇතුළත් කළ බව පුත්තලම පොලිසිය කියයි.
මහ වැසි මැද අනතුරට පත් යුවළ පුත්තලම නගරයට ගමන් කරමින් සිටියදී මෙසේ අනතුරට ලක්වි තිබිණි.
සිරම්බිඅඩිය ප්‍රදේශයේ පුත්තලම අනුරාධපුර මාර්ගය වසා දමමින් එකවර වැටී තිබු මෙම දැවැන්ත ගසෙහි කොටසක් දිරා තිබූ බවද කියයි.
කෙසේ නමුත් පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය මැදිහත්ව යුද හමුදාව හා පුත්තලම මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් යොදවා ගස කඩිනමින් ඉවත් කර වාහන ධාවනයට ඉඩ සලසා දී තිබිණි.



COMMENTS
අපේ වත්තෙත් පාර අයිනේම විශාල නුගගහක් තියෙනවා. කොයිවෙලේ පාරට කඩා වැටෙයිද කියන්න බැහැ. නුග ගස් කපන්න තහනමක් එහෙම තියෙනවද?
නුග ගහේ කොස්, පොල් හැදෙන්නෙත් නැහැ නොව බොල කපා දමවූ.. මම වෙනින් ගහකට නැග ගන්නම් කොටන් ටික සිරිකොතේ තියෙන මගේ පිළිමේ ළඟින් තබනු...