(ඩයනා උදයංගනී)

දරුවන් යොදා ගනිමින් යාචක වෘත්තියේ නිරතවන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව කාන්තා හා ළමා සංවර්ධන, පෙරපාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසීය.

දුම්රිය, බස්රථ අදී පොදු ස්ථානවලදී මෙන්ම නගරබදව මාර්ග තදබදයන්කූ පවතින ස්ථානවල දරුවන් රැගෙන සිඟමන් යදින්නන් හා එම වීදි දරුවන් සම්බන්ධව කටයුතු කිරීමට අධිකරණ අමාත්‍යාංශය හා එක්ව ඒකාබද්ධ වැඩපිළිවෙලක් සකසන බවත් ඒ සඳහා පොලිසියේද සහය ලබාගන්නා බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉතා කෙටි කාලයක් තුළ මුළු දිවයිනම ආවරණය වන පරිදි  එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් පියල් නිශාන්ත මහතා පැවසීය.