IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


යුගදනවි පැවැරීම ගැන ආණ්ඩුවේ හවුල් පක්ෂ තීරණය ළඟදීම

(අජන්ත කුමාර අගලකඩ)

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ සියයට 40ක කොටස් ඇමෙරිකානු සමාගමකට පැවරීමට ආණ්ඩුවට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ වල මතය රටට ළගදීම ඉදිරිපත් කිරීමට එම පක්ෂවල නායකයන් තීරණය කර ඇත.

එම පක්ෂවල නායකයන් විදුලි බල ,ඛනිජ තෙල් සහ වරාය වෘත්තීය සමිති නායකයන් ඉදිරි දින කීපයේදී හමුවීමෙන් අනතුරුව ,මෙම ප්‍රකාශය කිරීමට බලාපොරොත්තු වන බව හවුල්කාර පක්ෂයක නායකයෙක් සඳහන් කළේය .

යුගදනවි බලාගාරයේ කොටස් පැවරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබා දෙන්නැයි ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක නායකයන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉකුත් දා ලිපියක් යවමින් ඉල්ලීමක් කළ අතර එම සාකච්ඡාව ලබා දීම ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය .

යුගදනවි බලාගාරයේ කොටස් පැවරීම සම්බන්ධයෙන් එම පක්ෂ මතුකරන කරුණු සත්‍ය නොවන බව ජනාධිපතිවරයා එම ලිපිය මගින් දැනුම් දී ඇත .

දේශපාලන කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවශ්‍ය නම් ,ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක අගමැති මහින්ද රාජපක්ෂ මහතා හෝ පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමු වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලෙස ද ජනාධිපතිවරයා මේ ලිපිය මගින් දැනුම් දී ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි සහ වාසුදේව නානයක්කාර, උදය ගම්මන්පිල, විමල් වීරවංශ, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, ටිරාන් අලස්, ගෙවිඳු කුමාරතුංග, අසංක නවරත්න යන මහත්වරුන් ඇතුළු පක්ෂ නායකයින් දස දෙනකුගේ අත්සනින් මෙම ලිපිය යවා තිබිණි .

 



අදහස් (6)

යුගදනවි පැවැරීම ගැන ආණ්ඩුවේ හවුල් පක්ෂ තීරණය ළඟදීම

Demuni Uduwara Monday, 18 October 2021 05:04 PM

ගෝඨාට බලයට පැමිණීම අමතක වී ඇත. ඔවුන් සාකච්ඡාවක් ඉල්ලුවා. ගිවිසුමේ අන්තර්ගතය හෙළිදරව් කිරීමට ජනාධිපතිවරයා නොපසුබටව සිටින්නේ ඇයි?

:       0       1

ravin Monday, 18 October 2021 05:33 PM

මොන තීරණද.? සැලුන් දොර ඇරලා.

:       0       1

සඳුන් Monday, 18 October 2021 05:35 PM

බල්ලා මිය ගියොත් මැක්කන්ටද අත්වන්නේ එවන් ඉරණමකි. බල්ලා කන්පට සැලුවද මැක්කන් තදින් අල්ලා සිටිති.

:       0       1

සෑම් Monday, 18 October 2021 05:42 PM

හොඳ වැඩේ, 2015 රාජපක්ෂලා ගෙදර පැන්නුවේ ඔවුන්ගෙන් රට බේරාගන්න. ඒක තේරුම් ගන්න බැරුව තක්කඩි ටික ආයිමත් බලයට ගෙනාවා. දැන් ඉල්ලගෙන කනවා.

:       0       3

gunarathnaMonday, 18 October 2021 08:24 PM

දැන් රාජපක්ෂලා යවලා ගේන්න යන්නේ කවුද? හිටපු කට්ටියම නේද? ඒ අය හොඳ නැති නිසා නේද 69 ලක්ෂයක් ඡන්දෙ දීලා රාජපක්ෂලාව ගෙනාවේ...? දැන් රාජපක්ෂලාත් හොඳ නෑ. අපේ රටේ අයට හාල් නිකන් දීලා, පෙට්‍රල් නිකන් දුන්නත් හරියන්නේ නැහැ.

:       3       0

swene Tuesday, 19 October 2021 05:26 AM

රාජපක්ෂලා හෝ හිටපු කට්ටිය හෝ නොගෙන්වා වෙනත් කට්ටියක් ගැන සිතීමට ජනතාවගේ මොලය පෑදේවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 220 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 971 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site