
(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
කෙරවලපිටිය යුගදනවි තාප විදුලි බලාගාරයේ රජයට අයත් සියයට හතලිහක කොටස් නිව් ෆෝට්‍රස් එනර්ජි නැමැති ඇමෙරිකානු සමාගමකට ලබා දීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ ධර්මායතනාධිපති ය ඇල්ලේ ගුණවංශ ,සමගි ජන බලවේගය , වෘත්තීය සමිති ඇතුළු පාර්ශව කිහිපයක් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට පක්ෂව උදය ගම්මන්පිල , විමල් වීරවංශ,වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන් අද සිය විරෝධතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරනු ලැබූහ.
මෙම අමාත්‍යවරුන් තිදෙනා එම මූලික අයිතිවාසිකම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටියදී පෙත්සම්වලට පක්ෂව විරෝධතා ඉදිරිපත් කර සිටිති.
නීතීඥ නිලන්ති විජේසිංහ මෙනවිය විසින් ගොනු කළ මෙම විරෝධතා පිටු 58 කින් යුක්තය.
මෙම විරෝධතා වල සංක්ෂිප්තය මෙසේය.
'' පසුගිය 06 වැනි දින මේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් කිසිදු ආකාරයේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් , අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් නොකළ අතර ඒ පිළිබද කරුණු සම්මත කිරීමක්ද සිදු නොවිණි.
ඒ අනුව අමාත්‍ය මණ්ඩල පත්‍රිකා මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කළේ යැයි යන කතාව සම්පූර්ණ අසත්‍යයකි.
මෙම ව්‍යාපෘතිය පිළිබදව ප්‍රසිද්ධ ටෙන්ඩර් කැදවීමක් සිදු කර තිබියදී , ටෙන්ඩර් ලංසුව ඉදිරිපත් නොකළ සමාගමකට මෙම ටෙන්ඩරය ලබා දීම නීතියට පටහැනි වේ.
මෙම ටෙන්ඩරය ලබා දුන් සමාගම 2018 වසරේ ආරම්භ කළ සමාගමකි.මෙම සමාගමට ගෑස් කළමනාකරණය පිළිබද කිසිදු ඉතිහාසයක් නොමැත.එබැවින් මෙම සමාගමට රටේ ගෑස් කළමනාකරණය බාර දීමේ රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයකි.
අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ ධර්මායතනාධිපති ය ඇල්ලේ ගුණවංශ හිමියන්, සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර , වසන්ත සමරසිංහ සහ ලංකා විදුලි සේවකයන්ගේ සංගමයේ ලේකම් රන්ජන් ජයලාල් යන මහත්වරු මෙම පෙත්සම් ගොනු කර සිටිති.
අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කැබිනට් මණ්ඩලය, භාණ්ඩාගාර ලේකම් වරයා, බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයා, මහජන උපයෝගිතා කොමිසම, එහි සභාපතිවරයා, ලංකා විදුලි බල මණ්ඩලය, එහි සභාපතිවරයා, ලංකා ඛනිජ තෙල් සංස්ථාව, එහි කලමණාකරණ අධ්‍යක්ෂවරයා,වෙස්ට් කෝස් පවර් පෞද්ගලික සමාගම, ඇමෙරිකාවේ නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම නීතිපතිවරයා ඇතුළු 54දෙනෙක් මෙහි වගඋත්තරකරුවෝ ලෙස නම් කරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය තවත් මාධ්‍ය සංදර්ශනයක් .
මෙය සම්පූර්ණයෙන්ම රාජ්‍යයට අයත් අවදානමට ලක්විය හැකි ස්ථානයක් වන අතර එය සම්පූර්ණයෙන්ම නඩත්තු කළ යුත්තේ රජය විසින් පමණි.
මාර වැඩක් . වැරැදි කරුවන් යැයි නම් කල අයත් කියනව ඇත්ත වැරදි තමයි කියල .
සාම්පුර් විදුලි බලාගාරය ඉදිකිරීමටත් පාදිලියන් විරුද්ධ වුණු නිසා තමයි දැන් අපිට කළුවරේ ඉන්න සිද්ද වුනේ...
යුගදනව් තාප විදුලි බලාගාරයේ රජයට අයත් 40%ක කොටස් චීනයට විකුණුවා නම් මේ අය ඒකටත් විරුද්ධ වෙනවාද?
මේකත් මාධ්‍ය සංදර්ශන දාලා අපිව ගොනාට අන්දන්න යන්නේ
අනේ මන්දා ... මේ ඇමතිවරුන්ගේ ප්‍රතිපත්තිය මොකක්ද කියලා .. ? ආණ්ඩුව ඇතුළේම ඉඳගෙන මොනවාද මේ කරනා වැඩ .. නයා මරන්නෙත් නැහැ .පොල්ල කඩන්නෙත් නැහැ.කිසිම ප්‍රතිපත්තියක් නැහැ.කිසිම ලැජ්ජාවකුත් නැහැ.
මෙයාලගේ තිබුණු මොලේ තරම 20ට අත් උස්සනකොට අපි දැක්කා.. දැන් අපිට පව් දෙන්නේ නැතිව ගෙදර යන්න. හොර රාජපක්ෂලා එළවන්න තවත් හොරු ටිකක් අපිට ඕනෑ නෑ.
පව් නේද විමලෙට... රටට නම් හෙණ ගහලා ගියත් කමක් නෑ...
මෙරට ඉතිහාසෙත් පාවාදුන් අය ඉන්න රටක්...