IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


යුක්රේන ගුවන් යානයට වෙඩි තැබූ බව ඉරානය පිළිගනී

ඉරානයේ හමුදා ප්‍රකාශනයක් උපුටා දක්වමින් යුක්රේනියානු ගුවන් යානයට වෙඩිතැබූ බව ඉරානයේ රාජ්‍ය රූපවාහිනී සේවාව ප්‍රකාශ කරයි. එය මානව අත්වැරදීමක් බවද කියැවේ. මෙම ගුවන් යානයේ මගීන් 167 දෙනකු සහ කාර්ය මණ්ඩලයේ 9 දෙනෙක් ගමන් ගත් අතර යානය වෙඩි වැදී බිම හෙළීමෙන් ඒ සියලු දෙනාම මිය ගියහ. මෙම ගුවන් යානයට වෙඩි තැබූ බව ඉරානය දිගින් දිගටම ප්‍රත්ක්ෂේප කළ නමුත් අවසානයේදී “මානය අත්වැරදීමක්“ වශයෙන් එය පිළිගැනීමට ඉරානයට සිදුවිය. ඉරාන රජය ඒ සම්බන්ධයෙන් විපතට පත් මගීන්ගේ පවුල් වලින් සමාව අයැද සිටී. යුක්රේනයේ අන්තර්ජාතික ගුවන් සේවයට අයත්, බෝයිං 737 වර්ගයේ ගුවන් යානය යුක්රේනයේ අගනුවර වන කයිවි නගරය වෙත පියාසර කිරීම සඳහා ගමන් ඇරඹූවා පමණි. මෙම ගුවන් යානයට වෙඩි තැබූ බව ඉරානය දිගින් දිගටම ප්‍රතික්ෂේප කළ නමුත් ඔත්තුසේවා තොරතුරු මගින් එක්සත් ජනපදය සහ කැනඩාව කියා සිටියේ ඉරානය ස්ථිර වශයෙන්ම යානයට වෙඩි තැබූ බවයි. මම ගුවන් යානයේ ඉරාන ජාතිකයෝ 82 දෙනෙක්, කැනේඩියානු ජාතිකයෝ 63 දෙනෙක් සහ යුක්රේන ජාතිකයෝ 11 දෙනෙක් සිටියහ. යානය කඩාවැටුණ ස්ථානයේ මිසයිල කොටස් දක්නට තිබුණ බවද කියැවේ. එහෙත් යුක්රේන විමර්ශකයන් එහි ළඟාවීමට පෙර යානයේ සුන්බුන් ඉවත් කරන ලදි.



අදහස් (13)

යුක්රේන ගුවන් යානයට වෙඩි තැබූ බව ඉරානය පිළිගනී

Nandalal DE SILVA - France Saturday, 11 January 2020 06:18 AM

ඉරානය කළ මේ පහත් ක්‍රියාව මුළු මිනිස් ප්‍රජාවටම කරන ලද අපරාධයක් හැටියට සැලකිය යුතු වෙනවා. බටහිර රහස් ඔත්තු, චන්ද්‍රිකා ඡායාරූප නොතිබෙන්නට ඉරාන බොරුකාරයන් කියපු විදියට එය තවත් සාමාන්‍ය ගුවන් අනතුරකි... ත්‍රස්තවාදී ප්‍රහාරයක් මගින් ඉරානය යලිත් වරක් අසරණ ජීවිත සිය ගණනක් බිලිගෙන තිබේ.

:       1       63

samSunday, 12 January 2020 09:03 AM

නන්දලාල්, ඔයාට IR 655 ෆ්ලයිට් එක අමතක වෙලා.

:       41       47

Mahesh Saturday, 11 January 2020 07:13 AM

ඒකනේ .. අනිවාර්යයෙන්ම මේ අය අර ඇමරිකන් බේස් වලට ගහන්න ගිහින් ඕකට වදින්න ඇත්තේ. මෙයලා ගාව රුසියානු අවි ආයුධ නම් තියෙන්නේ ආයේ දෙකක් නෑ ගහපු එකට නෙමේ අනිවාර්යයෙන් වදින්න ඇත්තේ.

:       1       28

Buddika Saturday, 11 January 2020 08:24 AM

මිනිසුන් ලෙසින් ඉපදුනු තිරිසනුන්ගේ මිලේච්ඡ ක්‍රියාවක්. අහිංසක නිරායුධ මිනිසුන් බලය සහ යුද්ධය නිසා ජීවිත වලින් වන්දි ගෙවලා.

:       0       4

sunil Saturday, 11 January 2020 08:31 AM

මේ සියල්ලටම මුල ඇමෙරිකන්කාරයින් මැදපෙරදිග ඇතිකරන කරන යුද්ධයි. ගිවිසුම් ගසාගෙන ඇමෙරිකන්කාරයින් ලංකාවට ගෙන්නා ගන්නට තැත් කරන අයට මේවා හොඳ පාඩම්.

:       309       168

siri Saturday, 11 January 2020 10:10 AM

ඒ පැත්තේ ඉන්නවා අපේ එක්කෙනෙකුත්. මහ මැතිවරණට ඉවරක් උන හැටියේ එයා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් වෙනවා කියලයි කියන්නේ.

:       0       40

සෙනෙවිරත්න Saturday, 11 January 2020 10:52 AM

ඉරානය දැන් කුමක් කීවද මෙහි ප්‍රතිඵල විඳිය යුතුමය.

:       0       25

Lakshitha Saturday, 11 January 2020 11:07 AM

කරන කලට පව් මිහිරිය මි සේ.....................

:       3       2

gamage Saturday, 11 January 2020 01:22 PM

දරුණු අත් වැරදීමක්. මේ ඛේදජනක සිද්ධියට වගකිවයුත්තන් නීතිය හමුවට පමුණුවන බව ඉරාන බලධාරීන් කියා සිටිනවා. මේ සිද්ධිය සිදුවීමට පෙර සියලුම මගී ගුවන් යානා පියාසර කිරීම අත්හිටුවන ලෙස ආරක්ෂක අංශ විසින් රජයෙන් කර තිබු ඉල්ලීමට රජයෙන් ධනාත්මක ප්‍රතිචාරයක් නොලැබී ඇති බවද සැලයි.

:       2       0

Kumar Saturday, 11 January 2020 03:47 PM

අනාගතයේ මෙවැනි සිදුවීම් නොවන්න කටයුතු කරනවානම් තමා හොඳ.

:       21       8

ලාල් Saturday, 11 January 2020 08:29 PM

දෙවියන් වහන්සේ දූෂිත දේශපාලුවන් හැර දමා අහිංසක මිනිසුන්ගේ ජීවිත ගෙන යයි. හේතුව ඔහුට ලෝකයේ අවසානය දැකීමට අවශ්‍ය විය හැකිය.

:       9       44

Going global Sunday, 12 January 2020 12:08 PM

ඇමෙරිකන් බාබේරියන් අවුට්...

:       6       0

bil - gon laadan Tuesday, 14 January 2020 08:37 AM

ඇමෙරිකාව නොහිටින්න අපි ඔක්කොම මුස්ලිම්..........................

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 513 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 106 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 314 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site