රුසියානු හමුදා කියෙව් නගරය වට කර තිබුණත් යුක්රේන හමුදාව තම ජනතාව සමග එකතු වී කියෙව් අගනුවර සාර්ථකව ආරක්ෂා කරගෙන සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කියයි.
රුසියානු හමුදාවන්ට අවශ්‍ය සැපයුම් ලබාදීමේදී මතු වී ඇති ගැටළු හේතුවෙන් තවමත් කියෙව් නගරයේ පාලනය ලබා ගැනීමට රුසියානු හමුදාවන් අපොහොසත් වී ඇතැයි එම මාධ්‍ය වාර්තා කියයි පවසයි.
ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි පැවසුවේ කියෙව් නගරයේ පාලනය තවමත් තිබෙන්නේ යුක්රේන හමුදා අත බවයි.
මේවන විට යුක්රේන හමුදා සහ රුසියානු හමුදා අතර කියෙව් නගරයේ පාලනය අත්පත් කරගැනීම සඳහා දරුණු ගැටුම් සිදු වන අතර අද උදෑසන කියෙව් නගරය ආසන්නයේ විශාල පිපිරීම් දෙකක් ද සිදු වී ඇත.
එක් පිපිරීමක් සිදු වී ඇත්තේ වැසිල්කිව් නගරයේ ගුවන් හමුදා කඳවුර වෙත වන අතර ඉන් එහි ඉන්ධන ටැංකි ගිනි ගෙන විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
කියෙව් නගරයට රුසියානු මිසයිල ප්‍රහාර එල්ලවමින් තිබෙන අතර ඉතිරි කිලෝමීටර් 20 ක දුර යෑම සඳහා කියෙව් නගරය වටකර ඇති රුසියානු හමුදාවට එකවර ඉදිරියට යන ලෙස අණ ලැබී ඇතැයි ද විදෙස් මාධ්‍ය පවසයි.
රුසියානු සොල්දාදුවන් 3500 දෙනකු මේ වන විට මරණයට පත් වී ඇති බව යුක්රේන බලධාරීන් පවසන අතර යුක්රේනුවන් 198 දෙනකු මියගොස් 1115 තුවාල ලබා ඇති බව පවසයි.
ඒ අතර ළමුන් 33 දෙනකු ද සිටින බව පවසයි.මේ වන විට 120000 යුක්රේනුවන් රට හැර ගොස් සිටින අතර 850000 ක් අවතැන් වී ඇතැයි යුක්රේන රජය පවසයි.
(034)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලු සත්වයෝ සුවපත් වේවා...! මේ යුද ගැටුම නැවැති ඔවුන්ගේ වෙෙර සිත දුරුවේවා...!
පුටින්හට හොඳ පාඩමක් උගන්වන්න ඕනේ..! අහිංසක යුකේනිය ජනතාවට කළ පාපිෂ්ඨ ක්‍රියාවට...
කව්රු හරි වුණත්, කවුරු වැරදි වුණත් යුද්ධය කියන්නේ මිහිපිට සිදුනොවිය යුතු දෙයක්. යුද්ධය කොයි රටේ වුණත්, අපේ රටේ උතුරේ වුණත්, දකුණේ වුණත් මැරෙන්නේ අප වගේම ඇට, මස්, ලේ ඇති, වේදනාව දැනෙන මිනිසුන්. බුදු දහමේ පෙන්වා දෙන්නෙත්, සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ භායන්ති මච්චුනෝ... අත්තානං උපමං කත්වා නහනෙයියන ඝාතයේ, යනුවෙන්. කුරිරු යුද්ධය නිමවී ලොවට සාමය උදාවේවා...!!!
යුද්ධයේ වේදනාකාරීබව තමතමන්ටම දැනෙනවා නම් ඔය කිසි යුදකාමියෙකු යුද්ධ කරන්නේ නෑ. රටක් යුද බලයෙන් ශක්තිමත් වනවිට හැමවිටම බලන්නේ හොඳින් බැරිනම් යුද්ධකර හෝ තම අරමුණු කරා ගමන් කිරීමයි. ඇමරිකාව ඇතුළු බටහිර රටවල් රුසියාව සමග කෙලින්ම යුද්ධයකට නොයන්නේ රුසියාව සමග යුද්ධයකට යාම මෝඩකමක් බව ඔවුන් හොඳින් දන්නා නිසයි. ඒ වෙනුවට ඵලරහිත සම්බාධක දමා ඇමෙරිකාව ඇඟ බේරාගන්න බලනවා. ඒවායින් රුසියාව නම් වට්ටන්න බැහැ. ඒත් යුද්ධයේ විපාක විඳින්නේ යුක්රේන් ජනතාව වීම කණගාටුවට කරුණක්...!
රට රකින්න ජනතාවත් කැප වෙච්චි එක හොඳයි...