(රොෂාන් දිලිප් කුමාර)
යුක්රේන සංචාරකයින් පිරිසක් රැගත් ගුවන් යානයක් අද(07) පස්වරුවේ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණි බව ගුවන්තොටුපළ සහ ගුවන්සේවා සමාගමේ අධ්‍යක්ෂක ෂෙහාන් සුමනසේකර මහතා පැවසීය.
රජයේ නියමු ව්‍යාපෘතියක් ලෙස සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීමසදහා සංවිධානය කෙරෙන මෙම වැඩසටහනට අදාලව යුක්රේන ජාතිකයන් රැගෙන මත්තලට පැමිණි පස්වන ගුවන් යානය මෙය ය.
අද දිනයේදී යුක්රේන ජාතිකයින් 183 දෙනෙකු දිවයිනට පැමිණි අතර මීට පෙර පැමිණි අයගෙන් 202 දෙනෙක් නැවත යුක්රේනය බලා එම ගුවන් යානයෙන්ම පිටත් වූහ.
පැමිණි සංචාරකයින් පිරිස දිවයිනේ විවිධ ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිතය.
මේ අතර හෙට පස්වරුවේද තවත් සංචාරකයින් පිරිසක් රැගත් ගුවන් යානයක් මත්තල ගුවන්තොටුපළට පැමිණීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගමැති මස්සිනාගේ මන දොළ පිරවීමට රටේ ජනතාවට බිලිඳුන් වගයි. හරි සතුටුයි සර්.
ශ්‍රී ලංකාවට සුබ කොරෝනා අනාගතයක්... රට විරුවන් අනාථයි.
යුක්රේන් ජාතිකයෝ රට විරුවෝ... සුබ අනාගතයක්..
කිසිම නුවණක් නැති නුවන් තණකොළ ටිකක් දීලා හදාගන්නවා මිසක් වෙන මොනවා කරන්නද? ශ්‍රී ලංකාවේ පාපයට උපන් අය...
රට විරුවෝ අනාථයි... යුක්රේන් ජාතිකයෝ රජවෙයි... දැන් සැපද?
යුක්රේන් වලින් කොරෝනා රෝගීන් ලංකාවට වැඩම කරාවි... ළමයිනේ ප්‍රවේශමෙන්...
ලංකාවේ මිනිස්සුන්ට එන්න බැරිව මෙහෙ මැරෙනවා. හිඟන දේශපාලුවෝ...
මේ තරම් අවදානම් කාලයක මෙයාලා මේ රොත්ත බුරුත්ත පිටින් මෙහෙ සංචාරයට එන්නේ ‘‘හෙරොයින්‘‘ ගෙනියන්න කියලා සමහර ආරංචි මාර්ග කියනවා... අපිත් ඇහැ ගහගෙන ඉන්නේ... දැක්ක ගමන් පෙරළෙනවා බාල්දිය... !!!
යුක්රේන් වල ඉන්න ඔක්කොම ගෙන්වනවා.
රාජපක්ෂ පරපුරේ මස්සිනාලා .... කමුද කිරිබත්? රටට කොරෝනා බුදුසරණයි.
රටට හෙණ ගැහුවත් කමක් නැහැ.. මුස්ලිම් අයගේ සිරුරු විතරක් භූමදානයට ඉඩදෙන්න එපා.
ඊළඟට කොවිඩ් පොකුර.. ඉල්ලගෙන කනවයි කියන්නේ මෙව්වට තමයි. කමක් නැහැ හරක් ඉන්න රටක් නිසා අවුලක් නැතිවෙයි.
ලංකාවේ කෝවිඩ් පැතිරීම ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. ලංකාවේ නිෂ්පාදිත කොරෝනා පැණිය තියෙනවා. දැන් රටට කෝටි ගණන් සල්ලි යුක්රේනයෙන් එනවා. ආර්ථිකේ ශක්තිමත් වුණාම රට විරුවන් ඔක්කොම ආපහු ගෙන්නවලා ගුවන් තොටුපළේදීම ඒ අයට පැණිය පොවලා නිරෝධායනය නොකර ගෙවල් වලට යන්න අපේ සර්ලා ක්‍රමවේදයන් යොදාවි. පොඩ්ඩක් ඉන්න කලබල නොවී..